දියවැඩියාව ඇති වන්නේ අප ශරීරයෙන් ප්‍රමාණවත් පරිදි ඉන්සියුලින් හෝමෝනය නොනිපදවන අවස්ථාවේදීයි. එලෙසම නිපදවන ඉන්සියුලින් නිසි ලෙස භාවිතා කිරීමේ හැකියාවක් ශරීරයට නැතිනම්ද දියවැඩියා තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉන්සියුලින් වලින් කෙරෙන්නේ ශරීරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කිරීමයි. කිසියම් හේතුවක් මත ශරීරයේ සීනි ප්‍රමාණය ඉහල යාමෙන් ශරීරයේ විවිධ කොටස් වලට හානි සිදුවෙන්න පුළුවන්.
දියවැඩියාව සුලභ ආකාර දෙකකින් පවතිනවා.
මේ ආකාරයන් අපි සාමාන්‍යයෙන් Type 1 හා Type 2 ලෙස හදුන්වනවා. Type 1 තත්වය බොහෝවිට ඇති වන්නේ කුඩා දරුවන්ගේයි. එම තත්වය ඉංග්‍රීසි භාෂාවෙන් juvenile onset diabetes mellitus හා insulin-dependent diabetes mellitus (ඉන්සියුලින් මත රදාපවතින දියවැඩියාව). මෙම තත්වයේදී අපගේ අග්න්‍යාශය මගින් අවශ්‍ය ප්‍රමාණයට ඉන්සියුලින් හෝමෝනය නිපදවෙන්නේ නැති නිසා ඉන්සියුලින් නික්ෂේපණ වශයෙන් ලබාගැනීමට සිදුවෙනවා.
Type 2 තත්වය පෙර තත්වයට වඩා බහුල තත්වයක්. මෙය ඇති වන්නේ වයස අවුරුදු 40 පසුවූ පුද්ගලයන්ගෙයි. ඒ නිසාම මේ තත්වය adult onset diabetes mellitus ලෙස හදුන්වනවා. මෙහිදී සිදුවන්නේ අග්න්‍යාශය විසින් ඉන්සියුලින් නිපදවන නමුත් ශරීරය විසින් නිසි ආකාරයෙන් එම ඉන්සියුලින් ප්‍රයෝජනයට නොගැනීමයි. ඒ නිසා මේ තත්වය non insulin-dependent diabetes mellitus ලෙසත් හදුන්වනවා.

දියවැඩියා තත්වය වකුගඩු වලට බලපාන්නේ කොහොමද?
දියවැඩියාව නිසා ශරීරයේ ඇති කුඩා රුධිර නාල (රුධිර කේශනාලිකා) හානි වීම සිදුවනවා.මේ ආකාරයෙන් වකුගඩුවල ඇති රුධිර නාලිකාවන් හානි වීම නිසා වකුගඩුවල පෙරීමේ කාර්යය නිසා ආකාරයෙන් කර ගැනීමේ හැකියාව වකුගඩුවලට නැති වනවා. ඒ නිසා වකුගඩු මගින් පෙරී නොගිය අතිරික්ත තරල හා ලවණ ප්‍රමාණයන් අප ශරීරයේ එක්රැස් වීම සිදුවන නිසා ශරීරයේ බර වැඩිවීම හා විලුඹ ඉදිමීම වැනි තත්වයන් ඇති වනවා. එලෙසම මුත්‍රා සමග ප්‍රෝටීන පිටවීම වැනි තත්වයන් ඇති වෙන්නත් පුළුවන්.

එලෙසම දියවැඩියාව නිසා ස්නායු වලටත් හානි සිදුවනවා.මේ නිසා මුත්‍රාශයේ රැස්වන මුත්‍රා සම්පූර්ණයෙන් ශරීරයෙන් ඉවත්වීම සිදුවන්නේ නැහැ. මේ නිසා මුත්‍රාශයේ මුත්‍රා පිරීමත් සමග ඇති වන ඇති වන පීඩනය වකුගඩු වෙත යොමුවීම නිසා එම පීඩනය නිසාත් වකුගඩු හානිවීම සිදුවෙන්න පුළුවන්. වැඩි කාලයක් මුත්‍රාශයේ මුත්‍රා රැදී තිබීම නිසා විශබීජ ආසාදන ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයකුත් පවතිනවා.
Type 1 තත්වය ඇති රෝගීන්ගේන 30%ක් හා Type 2 තත්වය ඇති රෝගීන්ගෙන් 10% -40% ත් අතර ප්‍රමාණයක් පසුකාලීනය වකුගඩු රෝගීතතවයන්ට ගොදුරු වීමේ හැකියාවක් පවතිනවා.
දියවැඩියා රෝගීන්ට වකුගඩු රෝගයක් වැලදීම පිලිබදව මුලින් ඇති වන රෝග ලක්ෂණ මොනවාද?
මුලින්ම මුත්‍රාසමග ප්‍රෝටීන පිටවීම රෝග ලක්ෂණයක් වශයෙන් ඇති වීම සිදුවනවා. ඒ නිසාම දියවැඩියා රෝගීන් කාලයෙන් කාලයට මුත්‍රා පරීක්ෂණයක් සිදුකර ගැනීම ඉතාමත් වැදගත්. ඊට අමතරව ශරීරයේ බර වැඩිවීම හා විලුඹ ඉදිමීම වැනි තත්වයන් ඇති වෙන්නත් පුළුවන්. ඊට අමතරව රාත්‍රී කාලයේදී මුත්‍රා කිරීම වැඩිවීම මෙන්ම රුධිර පීඩනය ඉහල යාමත් සිදුවෙන්න අවස්ථාව තිබෙනවා. ඒ නිසා දියවැඩි රෝගීන් විසින් ශරීරයේ බර,රුධිර පීඩනය,හා මුත්‍රා වල සංයුතිය පිලිබදව වැඩි අවධානයක් යොමු කල යුතු අතර අවම වසරකට වරක්වත් එම පරීක්ෂණ සිදුකිරීමට මතකතබා ගැනීම වැදගත්.

දියවැඩියා රෝගීන්ට වකුගඩු රෝගී තත්වයක් ඇති වූ පසු ඇති වන පසුකාලීන රෝග ලක්ෂණ මොනවාද?
රුධිරයේ ක්‍රියටිනින් ප්‍රමාණය ඉහල යාම හා යූරියා නයිට්‍රජන් ප්‍රමාණය ඉහළ යාමත් සිදුවනවා. ඊට අමතරව ඔක්කාරය,වමනය,කෑම අරුචිය,අධික මහන්සිය,ශරීරය දුර්වල වීම,රක්තහීනතාවය වැනි තත්වයන් ඇති වනවා. ඒවගේම විශේෂයෙන් කාලයත් සමග ඔබට අවශ්‍ය වන ඉන්සියුලින් ප්‍රමාණය අඩුවී ඇති බව ඔබට දැනෙන්නට ගනීවී. එයට හේතුව වන්නේ වකුගඩු වලින් බිදහෙලන ඉන්සියුලින් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීමයි.

වකුගඩු රෝගී තත්වයක් ඇති වූ විට එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඩයලයිසිස් කිරීම හෝ වකුගඩු බද්ධ කිරීමක් සිදුකරගැනීමයි.
දියවැඩියාව නිසා වකුගඩු හානි වූ පුද්ගලයෙකුට වකුගඩු බද්ධ කිරීමක් සිදුකරගන්න පුළුවන්ද?
ඔව්. නමුත් බද්ධ කිරීමෙන් පසු ඔබට වැඩි ඉන්සියුලින් ප්‍රමාණයක් ලබාගැනීමට සිදුවේවි.එයට හේතු වන්නේ ඔබගේ රෝගී වකුගඩුවට වඩා වැඩි වේගයකින් ඔබගේ නව වකුගඩුවෙන් ඉන්සියුලින් බිද හෙලීමට පටන් ගැනීමයි.

මුලාශ්‍රය – https://www.kidney.org