ඩයයිසිස් පහසුකම් නොමැතිවීමෙන් උතුරුමැද වකුගඩු රෝගීන් දැඩි දූශ්කරතාවයක

eprayer20120822-n2ප්‍රධාන වශයෙන් උතුරු මැදපළාත කෙන්ද්‍රකොට ගිනිමින් වාර්ථාවන හදුනානොගත් වකුගඩු රෝගයට ගොදුරුවූ මේ වන විට ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගතයුතු මට්ටමේ සිටින රෝගීන් 300 දෙනෙකුට පමණ මේ වන තෙක් ඩයලයිසිස් පහසුකම් නොමැති බව අනුරාධපුර හා පොළොන්නරුව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මේ වන විට උතුරුමැද පළාතේ රුධිරකාන්දුකරණ යන්ත්‍ර ඇත්තේ අනුරාධපුර වකුගඩු රෝහල, කැබතිගොල්ලෑව, මැදවච්චිය, පදවිය, තඹුත්තේගම හා පොළොන්නරුව මහරෝහල,හිගුරක්ගොඩ,මැදිරිගිරය යනරොහල් වල පමණි. මේ වන විට හදුනානොගත් වකුගඩු රෝගයද ඇතුළුව විවිධ රෝගී තත්වයන් හේතුවෙන් වකුගඩු හානි වූ රෝගීන් 19000ක් පමණ සිටින අතර ඒ අතරින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රුධිරකාන්දුකරණ ප්‍රතිකාර ලැබිය යුුතු රෝගීන් 284ත් හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රෝගීන් 126ක් සිටින අතර තවත් 300 දෙනෙකු පමණ කාන්දුකරණ ප්‍රතිකාරය ලබාගත යුතු වූවත් පවතින අඩු පහසුකම් යටතේ එම රෝගීන්ට එම ප්‍රතිකාරය ලබාගැනීමට මේ වන විට නොහැකි වී තිබෙනවා.

රුධිරකාන්දුපෙරණය සදහා පුහුණු වෛද්‍යවරුන් හා හෙදියන් ප්‍රදේශයේ හිගවීම එයට ප්‍රධාන හේතුව ලෙසටයි සෞඛ්‍ය අංශ පෙනවා දෙන්නේ. මේ වන විට පවතින ඩයලයිසිස් යන්ත්‍ර සක්‍රීය කිරීම සදහා අවම වශයෙන් වෛද්‍යවරුන් 20 දෙනෙකු හා හෙදියන් 50 දෙනෙකුගේ හිගයක් උතුරු මැද පළාතේ පවතින අතර මෙම ගැටළුව අදාල බලධාරීන්ගේ මෙන්ම ජනාධිපතිතුමන්ද අවදානයට මේ වන විට යොමුකර ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

 

මූලාශ්‍රය – දිනමින

About freddy

Check Also

සාර්ථකව බද්ධ කල තවත් සූකර වකුගඩුවත් හොදින් ක්‍රියාත්මකයි..

බොස්ටන් හි පිහිටි Massachusetts General Hospital (MGH) රෝහලේදී සාර්ථකව සූකර වකුගඩුවක් බද්ධ කිරීමෙන් වසරකට පමණ …