ඩයලයිසිස් කරද්දී වතුර අඩුවෙන් බොන්න කියන්නේ ඇයි?

 

අප ශරීරයේ පැවතිය යුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් තරල පැවතීම අප හදුන්වන්නේ fluid overload එහෙමත් නැතිනම්  hypervolemia  කියලයි.වකුගඩු වලින් සිදුකරන ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් තමයි අනවශ්‍ය තරල ප්‍රමාණයන් ශරීරයෙන් ඉවත් කිරීම. වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වීම හේතුවෙන් හෝ වෙනත් හේතුවක් නිසා ශරීරයේ තරල ඇති තරල ප්‍රමාණය වැඩිනම් අපිට විවිධ ශාරීරික අපහසුතාවයන් අත්විදින්නට සිදුවෙනවා. ඒ අතරින් හුස්ම ගැනීමේ අපහසුතාවය,ශරීරය ඉදිමීම සුලභව දැකගන්න පුළුවන්.

ඔබ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නවානම් එයින් අදහස් වන්නේ ඔබගේ වකුගඩු නිසි ලෙස ක්‍රියානොකරන බව කියල අපි හැමදෙනාම දැන් දන්නවා. ඒ නිසා ශරීරයේ රැස් වන තරල ඉවත් කිරීම වකුගඩු වලින් සිදුවන්නේ නැහැ. ඒ නිසාම ඩයලයිසිස් කරන අතර තුර ඔබ ලබාගන්නා තරල ප්‍රමාණය මෙන්ම සෝඩියම් (ලුණු ප්‍රමාණයත් )සීමා කිරීම ගැන වැඩි අවදානයක් යොමු කිරීම වැදගත්.ඒ තුලින් ඔබගේ ශරීරය තුල ප්‍රමාණයත් තරල ප්‍රමාණයක් පවත්වාගැනීමට අනවශ්‍ය තරල ඩයලයිසිස් ප්‍රතිකාරයෙන් ඉවත් කිරීමටත් හැකියාවක් ලැබෙනවා.

ශරීරයේ තරල ප්‍රමාණය වැඩි වුනාම මොකද වෙන්නේ?

  • ඉදිමීම – කකුල,මැණික් කටුව,වලලුකර,මුහුණ වැනි ස්ථාන ඉදිමීම සිදුවෙනවා. මේ තත්වය වෛද්‍යවිද්‍යාවේදී හදුන්වන්නේ edema කියලයි.
  • ශරීරයේ අපහසුතාවය – කෙන්ඩ පෙරලීම,හිසරදය,බඩ පුරෝදෑම වැනි තත්වයන් සුලභව ඇති වනවා.
  • අධි රුධිර පීඩනය – රුධිරයේ ඇති තරල ප්‍රමාණය වැඩි වූ විට රුධිර පීඩනය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම අපහසු වෙනවා.
  • හුස්ම ගැනීමේ අපහසුතාව – ශරීරයේ ඇති තරල ප්‍රමාණය වැඩි වූ විට එම තරල බොහෝවිට අපගේ පෙනහළු වලට ඇතුලු වීම සිදුවනවා. එවිට හුස්ම ගැනීම අපහසු තත්වයක් ඇති වනවා.
  • හෘදය ආශ්‍රිත ගැටළු ඇතිවීම – ශරීරයේ ඇති අතිරික්ත තරල ප්‍රමාණයන් හද ගැස්ම,හෘදයේ පේශි,වලට බලපෑම් ඇති කරනවා මෙන්ම හදවත ඉදිමීම වැනි තත්ව ඇති වීමටත් ඉඩ තිබෙනවා.

Fluid-Overload_NHBLI

 

ශරීරයේ රැස්වන තරල ප්‍රමාණය පාලනය කරගන්නේ කොහොමද?

  • පානය කරන ප්‍රමාණය මැනීම -ඔබට දිනකට පානය කරන ලෙසට වෛද්‍යවරුන් විසින් නියම කරන ප්‍රමාණය වෙනනම බෝතලයකට දමා එය දවස පුරා පානය කිරීම මගින් නිවැරදි ලෙස ලබාගතයුතු තරල ප්‍රමාණය පමණක් පානය කිරීමට ඔබට පුළුවන්.  මෙහිදී එම ප්‍රමාණයට අමතරව වෙනත් පාන වර්ග ගැනීමෙන් වැලකී සිටීමට වගබලාගත යුතුයි.
  • තිබහ පාලනය කිරීම – තිබහ දැනීම පාලනය කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගැනීම මගිනුත් වැඩිපුර තරල පානය කිරීමට පෙලබීම වලක්වාගන්න පුළුවන්.
  • ආහාරයට ගන්නා සෝඩියම් ප්‍රමාණය පාලනය කිරීම – සෝඩියම් අප ලබාගන්නේ ලුණු වශයෙන්. ශරීරයේ ලුණු ප්‍රමාණය වැඩි වූ විට ශරීරය විසින් වැඩි තරල ප්‍රමාණයක් රදවාතබා ගන්නවා. එලෙස රැස් වන තරල ඩයලයිසිස් කිරීමකින් ඉවත් කිරිමත් අපහසුයි.
  • ඔබගේ ඩයලයිසිස් කාල සටහන වෙනස් කර ගැනීම –  නිරන්තරයෙන් ශරීරයේ අතිරික්ත තරලයන් රැස්වීම සිදුවනවානම් ඔබගේ වෛද්‍යවරයා සමගා සාකච්ඡා කර තවත් ඩයලයිසිස් වාරයක් හෝ වේලාව දිගු කරගැනීමත් වෙත යොමු වීමට හැකියාව පවතිනවා.

 (මේ අවස්ථවේදී තරල ලෙස හදුන්වන්නේ අප පානය කරන ඕනෑම දෙයක්. වතුර,බීම වර්ග,පලතුරු යුෂ,සුප් වර්ග මේ හැම දෙයක්ම තරල ලෙසටයි සලකන්නේ.)

About freddy

Check Also

මොකක්ද මේ වකුගඩු රෝගය…

වකුගඩු රෝගය කියන්නේ අද වන විට ලොවපුරා දහස් ගණනක් අසරණ කරන්න පුළුවන් වෙලා තියෙන, නිහඬ …