“පුතේ අර නැන්දා hospital admit කරලා. මොලේ නහරයක් පුපුරලාලු පොඩ්ඩක් බලන්න” අම්මගෙන් call එකක්.
ඒ වාට්ටුවට ගිහින් බැලුවා. නැන්දට කාලයක් තිස්සේ
ප්‍රෙෂර් තිබිලා. ඒත් හරියට බෙහෙත් අරන් නෑ. Hospital එකට ගෙනත් තියෙන්නේ එක පාරම කතා කරගන්න බැරුව කට පැත්තකට ගියපු නිසා.
ETU එකේදි CT Scan එකක් කරලා. ඒකෙන් තමයි මොලේ ඇතුලට ලේ ගැලීමක් වෙලා තියෙනවා කියලා හොයාගෙන තියෙන්නේ.
“Doctor මට pressure එක තිබුනා. මාස තුනක් විතර බෙහෙත් ගත්තා. දැන් අඩුයි. බෙහෙත් නතර කරන්න පුලුවන්ද?”
මේ ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්.
ප්‍රෙෂර් බෙහෙත් නතර කරන්න පුලුවන්ද?????
අද මේ කියන්න යන්නේ ඒ විදියට ප්‍රෙෂර් බෙහෙත් මග ඇරියොත් හරි ප්‍රෙෂර් එක පාලනය කරගත්තේ නැත්නම් වෙන්න පුලුවන් ගොඩක් දේවල් අතරේ එකක් ගැන.
අපේ මොළය තමයි අපිව පාලනය කරන්නේ. මොළයේ සෛල වලට ඕනේ ඔක්සිජන්, පෝෂණය අරන් යන්න රුධිර නාල පද්ධතියක් තියෙනවා. මේවා බෙදිලා බෙදිලා සියුම්, කෙස් ගසකටත් වඩා හීනි රුධිර නාල දහස් ගණනක් තියෙනවා.
හිතන්න, අපේ ගෙදර වතුර එන නල පද්ධතියට ඔරොත්තු දෙන්නේ නැති තරම් අධික ප්‍රෙෂර් එකකින් වතුර එනවා කියලා. එතකොට වෙන්නේ මොකක්ද? දුර්වලම තැනකින් බටේ පුපුරලා වතුර විදිනවා.
අධික රුධිර පීඩනය (Hypertension) තියෙද්දී බෙහෙත් නොබී ඉන්න එකත් හරියට ඒ වගේ. මොළයේ තියෙන අර සියුම් නාලවලට මේ පීඩනය දවස ගාණේ දරාගන්න බැරි වෙනවා. අන්තිමේදී එක මොහොතක ඒ නාලයක් පිපිරෙනවා! 💥
මොළය කියන්නේ හිස් කබල ඇතුළේ තියෙන දෙයක්නේ. එතන අමතර කිසිම දේකට ඉඩ නැහැ. ලේ නාලයක් පුපුරලා ලේ එළියට එද්දී, ඒ ලේ ටික මොළයේ පටක තෙරපන්න ගන්නවා. ඒ කියන්නේ මේ එකතු වෙන ලේ ගොඩ නිසා මොළයේ සෛල මිරිකෙනවා.
ලේ ගැලීම නිසා ඇතිවන රසායනික ක්‍රියාවලියෙන් මොළය ඉදිමෙන්න ගන්නවා.
නාලය පුපුරපු තැනින් එහාට ලේ යන්නේ නැති නිසා ඒ හරියේ මොළයේ සෛලවලට ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් අර ලේ ගොඩට තෙරපෙන සෛලත් විනාශ වෙනවා.
අපි වැරදිලා හරි කරන ලොකුම මෝඩකම ❌
හුඟක් වෙලාවට ප්‍රෙෂර් එක 160-180ට තිබුණත් අපිට කිසිම අමාරුවක් දැනෙන්නේ නැහැ. ඒකයි මේකට “නිහඬ මාරයා” කියන්නේ. ලෙඩක් දැනෙන්නේ නැති නිසා හුඟක් අය බෙහෙත් බොන්නේ නැහැ.
හැබැයි ඒ වෙලාවෙත් ඔයාගේ මොළයේ නාල තියෙන්නේ උපරිම පීඩනයකින් “පුපුරන්න” ඔන්න මෙන්න මට්ටමකයි.
බේරෙන්නේ කොහොමද? ✅
✔වෛද්‍යවරයා නියම කළ ප්‍රෙෂර් බෙහෙත් ටික එක දවසක්වත් මග හරින්න එපා.
✔️දැනෙන්න අමාරුවක් නැතත් මාසෙකට සැරයක්වත් රුධිර පීඩනය පරීක්ෂා කරගන්න.
✔️ලුණු කෑම සීමා කරන්න (ලුණු කියන්නේ ප්‍රෙෂර් එක කියන ගින්නට එකට භූමිතෙල් ගහනවා වගේ වැඩක්).

මතක තියා ගන්න……
ඔයා එක දවසක් හරි ප්‍රෙෂර් බෙහෙත් පෙත්ත මග හරිනවා නම්, ඔයාගේ මුළු ජීවිත කාලයම රෝද පුටුවකට සීමා කරන අංශභාග තත්ත්වයකට පාර කපන්න පුළුවන් ඒක හේතුවක් වෙන්න පුලුවන්.
ඔබේ ආදරණීයයන් අතරේ ප්‍රෙෂර් බෙහෙත් බොන අය ඉන්නවා නම් මේ පෝස්ට් එක අනිවාර්යයෙන්ම ඒ අයට පෙන්වන්න. ❤️
වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න
(වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න මහතාගේ facebook පිටුවෙන් උපුටාගැනීමකි.)
kidneyinfolk To educate people on kidney related issues.