Breaking News

අවයව දායකයින් ඇගයීම සඳහා විශේෂ ජාතික වැඩසටහනක් අවශ්‍යයි

ජීවිත රැසකට නව ජීවයක් ලබාදෙන අවයව දායකයින් සහ ඔවුන්ගේ පවුල්වල අමිල කැපවීම ඇගයීම සඳහා ජාතික මට්ටමේ විශේෂ ඇගයීම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමේ  වැදගත්කම අවයව දන්දිමට දායකව ඇති මෙන්ම  සමාජ ක්‍රියාකාරීන්ගේ අවධාරණය කර සිටිති.

මෙම වැඩසටහන යටතේ අවයව දායකයින් හෝ ඔවුන්ගේ පවුල්වලට විශේෂ සම්මාන, ඇගයීම් සහතික, ජාතික මට්ටමේ ගෞරව උත්සව සහ වාර්ෂික “අවයව දායකයින්ගේ ඇගයීම් දිනයක්” පැවැත්වීම් වැනි වැඩසටහන් ඉතා වැදගත්ය.
අවයව දානය හේතුවෙන් වකුගඩු, හෘදය, අක්මාව සහ අනෙකුත් අවයව බද්ධ කිරීම් අපේක්ෂාවෙන් සිටින රෝගීන්ට නව ජීවිතයක් ලැබෙන අතර, එවැනි අතිශය මානුෂීය ක්‍රියාවන් සිදු කරන දායකයින්ට සමාජයේ නිසි ගෞරවය හිමිවිය යුතු බව අවිවාදිතය.

මෙවැනි ජාතික ඇගයීම් වැඩසටහනක් මඟින් අවයව දානය පිළිබඳ ජනතාව අතර දැනුවත්භාවය ඉහළ නැංවීමටත්, තවත් පිරිසක් ස්වේච්ඡාවෙන් අවයව දායකයින් ලෙස ලියාපදිංචි වීමටත් ප්‍රබල දිරිගැන්වීමක් ලැබෙනු ඇත.

ජීවිත බේරාගැනීම සඳහා අමිල දායකත්වයක් ලබාදෙන අවයව දායකයින්ට ජාතියේ ගෞරවය පුද කිරීම කාලෝචිත අවශ්‍යතාවයක් බව සමාජයේ විවිධ පාර්ශ්ව අවධාරණය කර සිටිති.

About freddy

Check Also

දරාගත නොහැකි වැසිකිළි ගාස්තුවෙන් නුවරට වකුගඩු රෝග අවදානමක්

සාප්පු සේවකයන්ට මාසික වියදම රු. 1500 ඉක්මවයි මහනුවර නාගරික පොදු වැසිකිළි භාවිත කිරීමේදී මාසිකව රුපියල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *