“ජීවත් වෙන්න මහා ලොකු ආසාවක් නෑ… ඒත් මගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් මට ජීවත් වෙන්නම වෙනවා!”
හදවත පාරන වකුගඩු රෝගී පියෙකුගේ හදවතින් ගලන අසරණ යාච්ඤාව
ඔබ දන්නවා මම ලියන කියන දේවල් ලියන්නේ මම දන්න මම දැකපු සැබවින්ම අසරණ අය ගැන කියලා මේත් එවැනි කතාවක්.

අපේ ජීවිතවලට කොයි මොහොතේ මොන වගේ කුණාටු හමයිද කියලා කියන්න අපි කාටවත්ම බැහැ. ඇතැම් වෙලාවට ඒ කුණාටු හමන්නේ මුළු ජීවිතයම සුනුවිසුනු කරලා, අනාගතයේ තිබුණු පුංචිම පුංචි බලාපොරොත්තුවත් පොළොවට සමතලා කරලමයි. අද මම මේ කියන්න යන්නේ, අන්න ඒ වගේ නපුරු කුණාටුවකට හසු වෙලා, එක පැත්තකින් තමන්ගේ දරුණු රෝගී තත්ත්වය එක්කත්, අනික් පැත්තෙන් දාරක ස්නේහය සහ අතිශය අසරණ ආර්ථික අපහසුතා අතරත් දැවෙන, තවත් අසරණ සහෝදරයෙකුගේ ඇසූ කඳුළු කතාවයි.
ඔහු නමින් දුමින්ද අමරසේකර වීරසිංහ. වයස අවුරුදු 32ක තරුණ පියෙක්.
අවුරුදු 32ක් කියන්නේ මනුස්සයෙක්ගේ ජීවිතයේ ලස්සනම කාලය. අනාගතය ගැන දහසක් හීන දකිමින්, තමන්ගේ කියලා ලස්සන පුංචි පවුලක් ගොඩනඟාගෙන, දරු සුරතල් බලමින් සතුටින් ඉන්න ඕන කාලය. ඒත් දුමින්ද සහෝදරයාට කාලය සහ දෛවය ඉතිරි කරලා තියෙන්නේ කඳුළත්, තනිකමත්, වේදනාවත් විතරයි.
ඔහුගේ ජීවිතය වෙනස් වෙන්නේ මීට අවුරුදු 12කට කලින්. ඒ, දරුණු වකුගඩු රෝගයක් ඔහුව සොයාගෙන ඒමත් එක්ක. එතැන් පටන් ගතවුණු අවුරුදු 12ම කියන්නේ ඔහුට මරණයත් එක්ක කරපු අසමාන සටනක්. 2016 අවුරුද්දේදී ඔහු වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට පවා මුහුණ දුන්නා. “දැන් නම් මගේ රෝගය සුව වෙයි, මට ආයෙත් මගේ පවුල වෙනුවෙන් නැගී සිටින්න පුළුවන් වෙයි” කියලා ඔහු සිතන්න ඇති. නමුත් අවාසනාවකට ඒ බද්ධ කරපු වකුගඩුව සාර්ථක වුණේ නැහැ. අද වන විට රෝගී තත්ත්වය කොච්චර උත්සන්න වෙලාද කියනවා නම්, නැවත වකුගඩුවක් බද්ධ කරන්න පවා බැරි තරමට ඔහුගේ හදවත දුර්වල වෙලා.
නමුත් මේ හැමදේටම වඩා හදවත පාරන වේදනාව තියෙන්නේ මෙතැන නෙමෙයි…
දුමින්ද සහෝදරයා රෝගී වුණාට පස්සේ, ඔහු දහසක් බලාපොරොත්තු ඇතිව කසාද බැඳපු ඔහුගේ ආදරණීය බිරිඳ, ඔහුට සිටින පුංචි දරුවෝ දෙන්නවත් ඔහුට බාර දීලා ඔහුව දාලා ගියා. රෝගයෙන් තැවෙන, අසරණ වුණු සැමියෙකුට සහ අනාගතයක් ගැන කිසිවක් නොදන්නා පුංචි පැටවුන් දෙදෙනෙකුට පිහිට වෙන්න ඕන මොහොතක, ඇය ඔවුන්ව මේ මහ පාරට ඇද දමා නික්ම ගොස් තිබුණා.
අද ඒ පුංචි පවුලේ එකම හුස්ම ටික, එකම ශක්තිය වෙලා තියෙන්නේ දුමින්දගේ වයෝවෘද්ධ අම්මා. තමන්ගේ රෝගී පුතාවත්, අම්මා කෙනෙක් නැතිව අසරණ වුණු පුංචි මුණුබුරෝ දෙන්නවත් බලාගන්නේ ඒ අසරණ අම්මා. දුවට තාම අවුරුදු 8යි. පුතාට අවුරුදු 12යි. උදේට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන මේ පුංචි පැටවුන් දෙන්නා දන්නේ නැහැ තමන්ගේ තාත්තා මේ විඳින අප්‍රමාණ වේදනාව ගැන. උන් දෙන්නට තේරෙන්නේ නැහැ තමන්ගේ තාත්තා හැම තත්පරයකම මරණයත් එක්ක සටන් කරන්නේ උන් දෙන්නව සමාජයේ හොඳ මනුස්සයෝ කරන්න තියෙන එකම එක බලාපොරොත්තුව නිසා විතරයි කියලා.
“සර්, මට ජීවත් වෙන්න මහා ලොකු ආසාවක් නෑ. ඒත් මගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් මට ජීවත් වෙන්නම වෙනවා. උන්ට මං ඇරෙන්න වෙන කවුරුත් නෑ සර්… උන් දෙන්නට කොහොමහරි උගන්වලා හොඳ මනුස්සයෙක් කරනකන් මට ජීවත් වෙන්න තිබුණොත් ඇති…”
දුමින්දගේ ඒ වචන ටික කියවන ඕනෑම හදවතක් තෙත් වෙනවා නියතයි.
අද වන විට ඔවුන් ඉන්නේ අතිශය අසරණ, බියකරු වටපිටාවක. දැනට ඉන්න කුලී ගෙදරිනුත් අයින් වෙන්න කියලා තියෙන්නේ. යන්න තැනක් නැහැ. බොන්න බෙහෙතක් ගන්න, වේලක් කන්න, දරුවන්ට පොතක් පතක් අරන් දෙන්න තියා, දිනපතා ගමන් බිමන් වලටවත් සතයක්වත් ඔවුන්ගේ අතේ නැහැ.
සතියකට ඔහුට ඩයලයිසිස් (Dialysis) වාර්ස් 3ක් කරන්න නියම වෙලා තියෙනවා. නමුත් රෝහලෙන් කරගන්න පුළුවන් වෙන්නේ වාර 2යි. ඉතිරි එක වාරය පිටින් මුදල් දීලා කරගන්න ඕනේ. ඒත් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගන්න බැරුව අද ඔහු මරණයේ දොරකඩ ළඟ ලත වෙනවා. ඩයලයිසිස් වටයක් මග හැරෙනවා කියන්නේ ඔහුගේ ආයුෂ තවත් දින කිහිපයකින් අඩු වෙනවා කියන එකයි. මමත් සතියට දවස් තුනක් ඩයලොස් ප්‍රතිකාරයේ සිදු කරන රෝගයකු හැටියට මෙවැනි අසරණතාවයන් සම්බන්ධ වූ උපරිම දන්නවා
.
මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි එකතු වෙමු!
අපිට බැහැ මේ අසරණ තාත්තාගේ රෝගය එකපාරටම සුව කරන්න. ඒත් අපිට පුළුවන් ඔහුට තවත් කාලයක් තමන්ගේ පුංචි දරුවෝ දෙන්නගේ අත අතනොහැර ජීවත් වෙන්න ශක්තියක් වෙන්න. අපේ අතේ තියෙන පුංචිම පුංචි මුදලක් හෝ ඔහු වෙනුවෙන් පරිත්‍යාග කළොත්, ඒක මේ පුංචි දරුවෝ දෙන්නගේ තාත්තාගේ ජීවිතය තවත් දවසකින් දික් කරන්න ලැබෙන මහා පින්කමක් වේවි.
ඔබේ හදවතේ මනුෂ්‍යත්වයේ පුංචි හෝ තෙතමනයක් තියෙනවා නම්, මෙන්න මේ අසරණ පියාට සහ ඔහුගේ පුංචි පැටවුන් දෙදෙනාට ශක්තියක් වෙන්න.
ඔබට පුළුවන් ඔහුගේ බැංකු ගිණුමට මුදලක් තැන්පත් කරලා හෝ ඔහුව සම්බන්ධ කරගෙන උදව් කරන්න.
- නම: දුමින්ද අමරසේකර වීරසිංහ (Duminda Amarasekara Weerasinghe)
- දුරකථන අංකය: 076 6731201
- ලිපිනය/ප්‍රදේශය: කොච්චිකඩේ
- බැංකු විස්තර:
- බැංකුව: කොමර්ෂල් බැංකුව (Commercial Bank)
- ගිණුම් අංකය: 8740022611
(ඔබට මුදලින් උපකාර කිරීමට අපහසු නම්, කරුණාකර මේ සටහන Share කර හෝ තවත් අයෙකුට දකින්න සැලැස්වීමෙන් සහය වන්න. ඔබේ එක Share එකක් මේ අසරණ දරුවන් දෙදෙනාට තමන්ගේ තාත්තාව බේරාගන්න ලැබෙන මහා ශක්තියක් විය හැක.)
“සියලු දෙනාටම තෙරුවන් සරණයි!”
(ඉන්දුක ප්‍රනාන්දු මහතාගේ facebook පිටුවෙන් උපුටාගන්නා ලද්දකි.)
kidneyinfolk To educate people on kidney related issues.