පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය තුළ අද(26) අලුයම 4.00 ට පමණ සිදුවූ ගෑස් සිලින්ඩර පිපිරීමකින් එහි සේවකයින් 7 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වනවා.
අනතුරින් නේවාසික රෝගීන්ට හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හානියක් සිදුව නොමැති අතර, රෝගීන් ආරක්ෂිතව වෙනත් වාට්ටු සහ පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබුනා. පිපිරීමෙන් රෝහල් ගොඩනැගිල්ලට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.




(උපුටාගැනීම – Accident 1st, FB පිටුවෙනි)
kidneyinfolk To educate people on kidney related issues.