අපි කලිනුත් සදහන් කරල තියෙනවා වකුගඩු රෝගය කියන්නේ “නිහඬ මාරයෙක්”. ඒකට හේතුව තමයි වකුගඩු රෝගී වු අවස්ථාවක ඊට සම්බන්ද රෝග ලක්ෂණ පෙන්වන්නේ වකුගඩු ක්‍රියාකාරීත්වයෙන් බොහෝ ප්‍රමාණයක් අහිමි වු පසුව වීමයි.
ඒ නිසා පහතින් අපි අද සාකච්ඡා කරන රෝග ලක්ෂණ ඔබටත් තිබෙනවානම් ඒ පිලිබදව විමසිලිමත්වීම වැදගත් වන නිසයි අපි මෙම ලිපිය අද ඉදිරිපත් කරන්නේ.
නොසලකා හැරිය යුතු නැති වකුගඩු රෝගයේ මූලික ලක්ෂණ 10
- නිතර මහන්සි දැනීම සහ දුර්වල බව – වකුගඩු දුර්වල වූ විට රුධිරයේ එකතුවන අපද්‍රව්‍ය නිසිපරිදි ශරීරයෙන් ඉවත් නොවීම හේතුවෙන් හා ශරීරයේ රතු රුධිර සෛල නිපදවීම අවශ්‍ය හෝමෝනය වකුගඩු රෝගී වු විට නිපදවීම අඩු වන බැවින් රක්තහීනතාවය ඇතිවීමද හේතුවෙන් නිතර නිතර මහන්සි දැනීම හා ශරීරය දුර්වල වීම සිදුවිය හැක.
- දෙපා, වළලුකර හෝ මුහුණ ඉදිමීම – ශරීරයෙන් අතිරික්ත ජලය සහ ලවණ නිසි පරිදි වකුගඩු හරාහා ඉවත් නොවීමෙන් මුහුණ, සවස දෙපා ඉදිමිය හැක.
- මුත්රාවල පෙණ ඇතිවීම – මුත්‍රා කල පසු පෙන දිස්වීම හා ඒවා සැලකිය යුතු වේලාවක් ඉවත් නොවී පැවතීම. මෙම තත්වය proteinuria ලෙස හැදින්වේ.
- මුත්‍රා කිරීමේ රටාව වෙනස් වීම – රාත්‍රියට නිතර මුත්‍රා කිරීමට සිදුවීම හෝ මුත්‍රා ප්‍රමාණය අසාමාන්‍ය ලෙස අඩු වීම හෝ වැඩි වීම.
- මුත්රාවල රුධිරය – රතු, රෝස හෝ තද දුඹුරු පැහැති මුත්‍රා පිටවීම
- පාලනය කරගත නොහැකි ඉහළ රුධිර පීඩනය – වකුගඩු රෝගය නිසා රුධිර පීඩනය ඉහළ යා හැකිය එමෙන්ම ඉහළ රුධිර පීඩනය නිසා වකුගඩු හානි වීමද සිදුවේ.
- සම කැසීම – අපද්‍රව්‍ය ශරීරය තුළ එක්රැස් වීමෙන් සම පුරා දැඩි කැසීමක් ඇති විය හැක.
- ඔක්කාරය, ආහාර රුචිය ග සහ මුඛයේ ලෝහමය රසය – රෝගය ක්‍රමයෙන් වර්ධනය වන විට මේ ලක්ෂණ බොහෝ දෙනෙකුට දක්නට ලැබේ.
- මාංශ පේශි වේදනා – ශරීරයේ ලවන සමතුලිතවය වෙනස්වීමෙන් මෙම තත්වය ඇතිවිය හැක.
- හුස්ම ගැනීමේ අපහසුතා සහ අවධානය යොමු කිරීමේ අපහසුව – පෙණහලු තුළ ජලය එක්රැස් වීමක් සිදුවුවහොත් මෙලෙස හුස්ම ගැනිමේ අපහසුතා ඇතිවිය හැකිය. එමෙන්ම ශරිරයේ අපද්‍රව්‍ය එක්රැස්වීමෙන් මනසට බලපෑම් ඇති වී අවධානය යොමු කිරීමේ අපහසුවද ඇති විය හැක.
සැලකිය යුතුයි: අපි මේ ඉහත සදහන් කර ඇති රෝග ලක්ෂණ වකුගඩු රෝගය නිසා පමණක් ඇතිවන රෝග ලක්ෂණ කියල කියන්න බැහැ. නමුත් මෙම ලක්ෂණ වලින් එකක් හෝ කිහිපයක් දිගටම පවතී නම් වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කරගැනීම ඉතා වැදගත්.
කවුද අනිවාර්යයෙන් පරීක්ෂා කරගත යුත්තේ?
පහත සඳහන් අවදානම් කාණ්ඩවලට අයත් අය විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය:
- දියවැඩියාව ඇති අය
- ඉහළ රුධිර පීඩනය ඇති අය
- පවුලේ අයට වකුගඩු රෝග ඉතිහාසයක් ඇති අය
- වයස අවුරුදු 60ට වැඩි අය
- වේදනා නාශක දිගුකාලීනව භාවිතා කරන අය
- හෘද රෝග ඇති අය
- කෘෂිකාර්මික ප්‍රදේශවල (විශේෂයෙන් වියලි කලාපයේ) දිගුකාලීනව වැඩ කරන අය
කළ යුත්තේ කුමක්ද?
සරල පරීක්ෂණ තුනකින් මුල් අවධියේදීම වකුගඩු රෝගය හඳුනාගත හැක:
- රුධිරයේ Creatinine සහ eGFR පරීක්ෂණය
- මුත්‍රා ඇල්බියුමින් (ACR) පරීක්ෂණය
- රුධිර පීඩනය මැනීම
මුල් අවධියේදී හඳුනාගන්න පුළුවන් වුනොත් වකුගඩු රෝගය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීම සාර්ථකව පාලනය කරන්න පුළුවන්. ඒනිසා මේ ලක්ෂණ පෙන්වනවානම් ප්‍රමාද වනතුරු බලා නොසිට සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු යටතේ වෛද්‍ය පරීක්ෂණ හා ප්‍රතිකාර සඳහා යොමුවන්න.

kidneyinfolk To educate people on kidney related issues.
