වකුගඩු රෝගය මේ වන විට විශාල සෞඛය ප්‍රශ්ණයක් වී ඇත්තේ එහි මුල් අවධියේදී එය හදුනාගැනීමේ ඇති අපහසුතාවය නිසාමයි. වකුගඩු රෝගය සම්බන්ද රෝග ලක්ෂණ පහලවීම ආරම්භ වන්නේ රෝගය උග්රවූ විට බව අප හැම දෙනාම වගේ දන්නා කරුණක්. මුල් අවස්ථාවේදී වකුගඩු රෝගය හදුනාගැනීමත් සමග අපට රෝගය උත්සන්න වීමේ වේගය අඩුකරගැනීමේ හැකියාව පවතිනවා වගේම රෝගය සුව කිරීමේ අවස්ථාවන් හිමි වෙන්නත් පුළුවන්.
ඒ නිසාම අප ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ වකුගඩු රෝගී තත්වයන් පිලිබදව කල්තියා හදුනාගැනීමට අවස්ථාව හිමිවන පියවර 6ක් පිලිබදයි. මෙම පියවර අනුගමනය කිරීම මගින් වකුගඩු රෝගයක් පිගිබදව කල්තියා දැනගැනීමේ හැකියාව ඔබට හිමි වනවා.
- වකුගඩු රෝගය ගැන මේ කරුණු දැනගන්න.
- වකුගඩුවලින් කෙරෙන කාර්යයන් – ශරීරයේ තරල ප්‍රමාණය පාලනය,ශරීරයෙන් විශ ද්‍රව්‍ය ඉවත් කිරීම,රුධිර පීඩනය පාලනයට අවශ්‍ය හෝමෝන නිකුත් කිරීම, විටමින් ඩී සක්‍රිය කිරීම, රතු රුධිර සෛල නිපදවීඹට වැදගත්වන හෝමොන් නිකුත් කිරීම,සෝඩියම් පොස්පරස් වැනි ඛනිජ පාලනය
- වකුගඩු රෝගයෙන් ඇති වන ප්‍රථිඵල – හදවත් රෝග,අධි රුධිර පීඩනය,අස්ථි දුර්වල වීම,ස්නායු හානි වීම, රක්තහීනතාවය,වකුගඩු ක්‍රියාකිරීම නතර වීම,මරණය
- අවදානම් තත්වයන් හදුනාගැනීම
- ප්‍රධාන අවදානම් සාධක 4 –
- දියවැඩියාව,
- අධිරුධිර පීඩනය
- හදවත් රෝග
- දියවැඩියාව අධිරුධිර පීඩනය හෝ වකුගඩු රෝග වල පවුල් ඉතිහාසය
- අමතර අවදානම් සාධක –
- වයස අවුරුදු 60 හෝ 60ට වැඩිවීම
- අධික තරබාරුව
- වේදනානාශක හා NSAIDs ඔෟෂධ දීර්ඝකාලීනව භාවිතය
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්රිත රෝග
- දීර්ඝකාලීනය බලපාන මුත්‍රා ආසාදන
- වකුගඩු ගල්
- ප්‍රධාන අවදානම් සාධක 4 –
- රෝග ලක්ෂණ හදුනාගැනීම
- හතිය,මහන්සිය, වේදනාකාරී මුත්‍රා පහකිරීම,අදුරු පැහැයෙන් යුතු මුත්‍රා පිටවීම,පිපාසය වැඩිවීම,මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය වැඩිවීම (විශේෂයෙන් රාත්‍රී කාලයේදී),ඇස් ඉදිමීම,මුහුණ අත් උදරය කකුල් ඉදිමීම
- නිසි පරීක්ෂණ සිදුකරගැනීම
- රුධිර පීඩනය
- මුත්‍රා සමග ප්‍රොටීන් පිටවීම
- රුධිරයේ ක්රියටිනින් ප්‍රමාණය
- GFR අගය
- සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම
- වකුගඩු රෝගීන් කල යුතු දේවල් – අධි රුධිර පීඩනය පාලනය,දියවැඩියාව ඇත්නම් එය ප්‍රශස්ථ මට්ටමේ පවත්වා ගැනීම,ලුණු භාවිතය අඩු කිරීම,NSAIDs හා වේදනානාශක භාවිතා නොකිරීම,
- සමාන්‍ය පුද්ගලයන් කල යුතු දේවල් – ව්‍යායාම කිරීම,ශරීරයේ බර පාලනය,සමබල ආහාර වේලක් ලබා ගැනීම,දුම්බී අත්හැරීම,හොදින් ජලය පානය කිරීම,ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය,පවුලේ රෝග ඉතිහාසය පිලිබදව දැනුවත් වීම.
- රෝගය පිලිබදව වැඩිදුර අධ්‍යනය කිරීම.