මධ්‍යසාර කියන්නේ අපේ ශරීරයේ සෑම කොටසකටම පාහේ අහිතකර ලෙස බලපාන දෙයක්. විටින් විට සුළු ප්‍රමාණයෙන් මධ්‍යසාර ලබාගැනීම විශේෂ අහිතකර බලපෑම් අතිකරේ නැතිවුනත් විශාල ප්‍රමාණයෙන් මධ්‍යසාර ලබාගැනීම අහිතකර බව අප මතක තබාගත යුතුයි. ඒ නිසාම මධ්‍යසාර අපගේ වකුගඩු වලටත් අහිතකර බලපෑමක් ඇති කරනවා.
මධ්‍යසාර , වකුගඩු වලට අහිතකර බලපෑම් ඇති කරනනේ කොහොමද?
අපේ ශරීරයට අහිතකර දේවල් අපේ රුධිරයෙන් පෙරා ඉවත් කිරීම වකුගඩු වලින් කෙරෙන එක් කාර්යයක් කියල අපි දන්නවා. මේ විදියට වකුගඩු වලින් පෙරා වෙන් කරන ද්‍රව්‍යවලින් එකක් තමයි මධ්‍යසාර කියන්නේ. වකුගඩු වල ක්රියාකාරීත්වයේ වෙනස්කම් ඇති කරමින්,වකුගඩු වල පෙරීමේ හැකියාව අඩු කිරීමේ බලපෑමක් මධ්‍යසාරවලින් සිදුකරන බව විද්‍යාත්මක පරීක්ෂණ වලින් සොයාගෙන තිබෙනවා. මේ පිලබදව පරීක්ෂණ පවත්වා ඇති විද්‍යඥයින් පවසන්නේ ශරීරය තුල අවශ්‍ය ජලප්‍රමාණය පවත්වා ගැනීමට වකුගඩු වලට ඇති හැකියාව මධ්‍යසාර මගින් අඩු වන බවයි. මධ්‍යසාර පානය කිරීමෙන් අප ශරීරය විජලනය වීමට ලක්වනවා.ශරීරය විජලනය වීම නිසා ශරීරයේ සෛල වල සිට ඉන්ද්‍රීයන් දක්වා ක්‍රියාකාරීත්වයට එය බලපෑම් ඇති කරනවා. ඒ නිසාම වකුගඩු වල ක්‍රියාකාරීත්වයටත් මධ්‍යසාර මගින් ඇති වන විජලනය බලපෑම් ඇති කරනවා.
ඒ වගේම මධ්‍යසාර රුධිර පීඩනය කෙරෙහිත් බලපෑම් ඇති කරනවා. වැඩි වශයෙන් මධ්‍යසාර භාවිතා කරන පුද්ගලයන්ගේ රුධිර පීඩනය වැඩි අතර මධ්‍යසාර මගින් රුධිර පීඩනය සදහා ලබාදෙන ඖෂධ වල ක්‍රියාකාරීත්වයටත් බලපෑම් ඇති කරනවා. සතියකට දෙවරකට වඩා මධ්‍යසාර ලබාගැනීම රුධිර පීඩනය වැඩි කිරීම කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරන බව මේ වන විට හෙලිවී තිබෙනවා. රුධිර පීඩනය, වකුගඩු හානිවීමට බලපාන ප්‍රධානතම හේතුවක් නිසා මධ්‍යසාර භාවිතයේදී ප්‍රවේශම් විය යුතුයි.
ඒ ආකාරයෙන්ම වකුගඩු වල ප්රශස්ත ක්‍රියාකාරීත්වය සදහා තවත් වැදගත් සාධකයත් තමයි ඒකකාකාරී රුධිර සැපයුමක් වකුගඩු වෙත ලැබීම. මෙම ඒකාකාරී රුධිර සැපයුම වකුගඩු වෙත ලබාදීමට අක්මාවෙන් කෙරෙන්නේ විශාල කාර්යයභාරයක්. මධ්‍යසාර වැඩි වශයෙන් ලබාගැනීම අක්මාවට අහිතකර බලපෑම් ඇති කරන නිසාවෙන් අධික මධ්‍යසාර භාවිතය වකුගඩු වෙත ලැබෙන රුධිර ප්‍රමාණය අඩු කිරීමට හේතු වනවා. ඒ හේතුවෙන් වකුගඩු හානවීමේ හැකියාව ඉහල යනවා.
අධික මධ්‍යසාර මාත්‍රාවක් හදුනාගන්නේ කොහොමද?
මේ පිලිබදව පරීක්ෂණ පවත්වන විද්‍යාඥයින් “ඒකක මධ්‍යසාර ප්‍රමාණයක්” ලෙස හදුන්වන්නේ 350ml ප්‍රමාණයේ බීර බෝතලයක් හෝ 150ml ප්‍රමාණයේ වයින් ප්‍රමාණයක් හෝ 45ml ප්‍රමාණයේ අධි සාන්ද්‍ර මධ්‍යසාර ප්රමාණයකටයි.
ඒ ආකාරයෙන් සැලකූ විට කාන්තාවක් සදහා දිනකට ඒකක මධ්‍යසාර ප්‍රමාණය මෙන් 3න් ගුණයක් ලබා ගැනීම හෝ සතියකට එම ප්‍රමාණය මෙන් 7ගුණයක් ලබාගැනීම අධික මධ්‍යසාර මාත්‍රාවක් ලෙස හැදින්වෙන අතර පිරිමි පුද්ගලයෙකු සදහා දිනකට එම ප්‍රමාණය මෙන් 4ගුණයක් ලබාගැනීම හෝ සතියක කාලයක් ඇතුලත එම ඒකක ප්‍රමාණය මෙන් 14 ගුණයක ප්‍රමාණයක් ලබාගැනීම අධික මධ්‍යසාර ප්‍රමාණයක් ලෙස හදුන්වන්න පුළුවන්.
රුධිරයේ ඇති මධ්‍යසාර ප්‍රමාණය වැඩි වූ විට වකුගඩු වලට වඩා ආයාසයකින් ක්‍රියාකිරීමට සිදුවනවා. ඒ වගේම පැය දෙකක කාලයක් ඇතුලත පෙර සදහන් කල ඒකක මධ්‍යසාර ප්‍රමාණය මෙන් 4 ගුණයක් හෝ 5 ගුණයක් පානය කිරීම රුධිරයේ මධ්‍යසාර ප්‍රමාණය ඉතාමත් අහිතකර ලෙස ඉහල යනවා. මෙවැනි අවස්ථාවක එකවිටම වකුගඩු වල ක්‍රියාකාරීත්වය නතර වීමේ තත්වයක් හෙවත් “acute kidney injury” ලෙස හැදින්වෙන තත්වයක් ඇති වෙන්න පුළුවන්. මෙවැනි තත්වයක් ඇති වූ විට එම පුද්ගලයාගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය නැවතත් යථා තත්වයට පත්වන තුරු ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගැනීමට සිදුවන අතර ඇතැම් අවස්ථාවන් වලදී මෙවැනි තත්වයක් නිසා වකුගඩු වල ක්‍රියාකාරීත්වයට දීර්ඝ කාලීනව බලපෑම් ඇති වෙන්න පුළුවන්.
එම නිසා මධ්‍යසාර භාවිතය ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රීයයන්ට මෙන්ම විශේෂයෙන් වකුගඩුවල ක්‍රියාකාරීත්වයටත් අහිතකර බලපෑම් ඇති කරන්න පුළුවන්.
මූලාශ්‍රය – https://www.kidney.org