අවයව දන්දීම ලෙස හදුන්වන්නේ ජීවිත්ව සිටින නිරෝගී පුද්ගලයෙකුගේ අවයවයක් ඔහුගේ හෝ ඇයගේ කැමත්ත ඇතිව තම ශරීරයෙන් ඉවත් කර එම අවයවය අවශ්‍ය රෝගී පුද්ගලයෙකු වෙත ලබා දීමයි. එලෙසම මියගිය හෝ මොලය මිය ගිය පුද්ගලයෙකුගේ අවයව එම පුද්ගලයාගේ ඥාතීන්ගේ කැමැත්ත ඇතිව වෙනත් රෝගී පුද්ගලයෙකු වෙත දන්දීමත් අවයව දන්දීමට අයත්. මෙම ක්‍රියාවලීන් දෙකම සම්පූර්ණයෙන් නීත්‍යානුකූල ක්‍රියාවලියකට අනුව සිදුවිය යුතුයි.
අවයව දන්දීම ඇතැම් අවස්ථාවල රෝගී පුද්ගලයෙකුට දන්දීම පමණක් නොව යම්කිසි පරීක්ෂණ ආයතනයක් හෝ අවස්ථාවක් සදහා දන්දීමක් පවා සිදුවිය හැකියි.
මේ වන විට ලෝකය පුරා සිදුවන අවයව දන්දීමේ ක්‍රියාවලියේදී වකුගඩු,හදවත,අක්මාව,අග්න්‍යාශය,බඩවැල්, පෙනහළු,අස්ථි,ඇටමිදුළු,සම හා කණිනිකාව දන්දීම සිදුවනවා. මෙහිදී ජීවත්ව සිටින අවස්ථාවේදී වකුගඩු,අක්මාවේ කොටසක්,අග්න්‍යාශයේ කොටසක්,බඩවැල් වල කොටසක් දන්දීමේ හැකියාව පවතිනවා.එලෙසම පුද්ගලයෙකු මියගිය අවස්ථාවේදීද ඉහත ඉන්ද්‍රීයන් මෙන්ම විශේෂයෙන් හදවත දන්දීමේ හැකියාව පවතිනවා.
අවයව දන්දීමේ ඉතිහාසය
ලෝකයේ වාර්ථා වන ප්‍රථම සාර්ථක අවයව බද්ධය සිදුව ඇත්තේ වසර 1954 වසරේදීයි. මෙය වාර්ථා වන්නේ ජීවත්වන දායකයෙකු විසින් අවයවයක් දන්දුන් ලොව ප්‍රථම අවස්ථාව ලෙසටයි.ඒ රොනල්ඩ් ලී හෙරික් නැමැත්තෙකුගේ වකුගඩුවක් ඔහුගේ නිවුන් සහෝදරයා වන රිචර්ඩ් ලී හෙරික් වෙතලබාදුන් ශල්‍යකර්මයයි. එම ශල්‍ය කර්මය සිදුකර ඇත්තේ ජෝශප් මරේ නැමැති ශල්‍යවෛද්‍යවරයා විසිනුයි.
ලොව ලාබාලතම අවයව දන්දුන් පුද්ගලයා වශයෙන් වාර්ථා වන්නේ ඉපදී මිනිත්තු 100කින් පමණ ජීවිතක්ෂයට පත්වූ කුඩා දරුවෙක්. මොහු උපත ලබා ඇත්තේ 2015 වසරේදීයි. ඔහු මව් කුසේ සිටියදී නිසි ආකාරයෙන් මොලය වර්ධනය නොවීමේ රෝගී තත්වයකින් ( anencephaly) පෙලීඇති අතර දරුවාගේ වකුගඩු වෙනත් පුද්ගලයෙකු වෙත බද්ධ කර තිබෙනවා.
ලොව වයස්ගතම අවයව දායකයා වශයෙන් වාර්ථා අතරට එක්ව ඇත්තේ වයස අවුරුදු 107ක් වන ස්කොට්ලන්තයේ කාන්තාවක්. ඇයගේ කණිනිකාව 2016 වසරේදී දන්දී තිබෙනවා.
අභ්‍යන්තර ඉන්ද්‍රීයයක් දන්දුන් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්ථා වන්නේ 92 හැවිරිදි ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ විසූ පුද්ගලයෙකුයි.ඔහු මොළයේ අභ්‍යන්තර රුධිර ගැලීමකින් මියගිය පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ඔහුගේ අක්මාව වෙනත් පුද්ගලයෙකු වෙත දන්දී තිබෙනවා.
එලෙසම ලොව වාර්ථාවන වයස්ගතම පරාර්ථකාමී අවයව දන්දීම සිදුකර ඇත්තේ 85 හැවිරිදි බ්‍රිතාන්‍ය කාන්තාවක් විසින්.ඇය කිසිදා දැක නැති පුද්ගලයෙකු වෙනුවෙන් 2014 වසරේදී සිය වකුගඩුවක් දන්දී තිබෙනවා. ඇය මෙම තීරණය ගෙන ඇත්තේ වකුගඩු දන්දෙන පුද්ගලයන් නොමැතිවීමෙන් මියයන පුද්ගලයන් ප්‍රමාණය පිලිබදව දැනගැනීමෙන් පසුවයි.
( මූලාශ්‍රය – https://en.wikipedia.org )
ශ්‍රී ලංකාව තුලඅවයව දන්දීම
ශ්‍රී ලංකාව තුල අවයව දන්දීම අනුමත කෙරුනේ 1987 මිනිස් අවයව බද්ධ කිරීමේ අංක 48වන පණත යටතේයි. මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීතියට අනුව අවයව විකිණීම හෝ මිලදී ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.
එලෙසම 1961 වසරේදී මෙරට රාජ්‍ය නොවන සංවිධානයක් මගින් පවත්වාගෙන යන ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ආරම්භය සිදුවී තිබෙනවා. එම සංගමය විසින් මේ වන විට රටවල් 57 පුද්ගලයන් සදහා බද්ධ කිරීමට කණිනිකාවන් 60 000ක් පමණ ලබාදී තිබෙනවා.