මිනිස් ශරීරය තුළ ගල් ඇතිවීම මෑත කාලයේදී සිදුවූ රෝග තත්ත්වයක් නොවේ. මෙය මුලින්ම සොයාගනු ලැබුවේ ඊජිප්තුවේ පිරමීඩයක තිබූ මමියක් තුළය. ශරීරයේ ගල් තැන් කීපයකම ඇතිවෙයි. නමුත් දරුණුම කතාකරනු ලබන ගල් තත්ත්වය ඇතිවෙන්නේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිතවය. මෙය වකුගඩුවේ සිට බාහිර මුත්‍රා විවරය දක්වා ව්‍යාප්තව පවතී. මෙම පද්ධතිය තුළ ගල් සෑදේ. ඇතැම් තැන්වල ගල් සෑදීමේ ප්‍රවණතාවය වැඩිය. එවැනි ගල් මුත්‍රා ගල් ලෙසින්ද හැඳින්වේ.
මුත්‍රාශයේ ගල් ආයුර්වේදයෙන් හඳුන්වනු ලබන්නේ ආශ්වරී ලෙසය. එය පොදුවේ මුත්‍රාශ්මරී ලෙසින්ද හැඳින්වේ. ඇතැම් රෝගීන්ගේ පිත්තාශයේදී ද ගල් අක්මාවේද ගල් සැදුණත් බහුලව සෑදීමක් නැත. පද්ධතියේ විවිධ තැන්වල ගල් බහුලව සෑදේ. විශේෂයෙන් වකුගඩු තුළ ගල් සෑදේ. ලේවල ඉවත්විය යුතු අපද්‍රව්‍ය පෙරා ශරීරයෙන් ඉවත් කිරීම වකුගඩුවලින් සිදුකෙරේ. මෙයින් මණ්ඩි වැනි කොටස් එකතු වී ඒවා ගලක් බවට පත්වේ. ගල් සෑදීමේ ආරම්භය වන්නේ මෙයයි. වකුගඩුවලින් මුත්‍රා නාලයට සම්බන්ධවන කොටසේ ද මෙම ගල් සෑදීමේ ප්‍රවණතාවය වැඩිය. එමෙන් මුත්‍රාශයේද ගල් සෑදේ.
වකුගඩුවේ සිට මුත්‍රා නාල අතර සම්බන්ධ වන කොටස් මුත්‍රා ගලක් සෑදීමෙන් ඇතිවන වේදනාව ඉතා වැඩිය. ආයුර්වේදයේදී ගල් සෑදීම කොටස් කිපයකට අනුව සෑදේ. වාත, පිත්ත, කප ලෙසින් එය හැඳින්වේ.
වාත ආශ්වරි:-
වාත ආශ්වරි මඳක් අඳුරු පැහැයක් යුක්ත වේ. මෘදු නොමැත. රළු ගතියකින් යුක්තය. තැනින් තැන කඩතොලු ගතියකින් යුක්තය. කැඩීමට හැකි තත්ත්වයක් ඇත.
පිත්ත ආශ්වරි:-
එය එතරම් විශාල නොවේ. මෘදු ගතියකින් යුක්තය. කහ පාටට හුරු පැහැයක් ගනී.
කප ආශ්වරි:-
වකුගඩු හා මුත්‍රාශයේ බොහෝ වෙලාවට ඇතිවන්නේ මෙම කප ආශ්වරි තත්ත්වයක්ය. ආයුර්වේදයේ එය සඳහන් වන්නේ කිකිළි බිත්තරයක් හැඩයක් ගන්නා බවය. එය තරමක බර වන අතර බොහෝ වෙලාවට වැඩි ඉඩකඩක් ඇති ප්‍රදේශයක ඇතිවේ.
ගලක් සෑදීමට පෙර ගලෙහි මණ්ඩි වැනි තත්ත්යක් ඇතිවේ. එය පිටි ගතියකින් යුක්තය. මෙයට ආයුර්වේදයේ “භෂ්ම” ලෙසින්ද හැඳින්වේ.
රෝග ලක්ෂණ:-
1.ගල් වර්ගවලට අනුව එහි රෝග ලක්ෂණද වෙනස් වේ.
2.වේදනාව ඇතිවේ. ගලෙහි ප්‍රමාණය අනුවත් ගල තියන තැන අනුවත් වේදනාව වෙනස් වේ. ඇතැම් තත්ත්වයක් හමුවේ රෝගියාට දරාගන්නට නොහැකිව බිම පෙරළීමද සිදුවේ. මුත්‍රාශයේදී ගලක් ඇතිවීමේදී යටි බඩෙහි බර ගතියක් නිතර නිතර දැනේ. එය තදබල වේදනාවකි. වකුගඩු ආශ්‍රිතව ගලක් ඇතිවිට දෙපැත්තට නැමෙනවිට දිගහැරෙන විට වේදනාවක් ඇතිවේ.
3.මුත්‍රාවල යම් යම් වෙනස්කම් ඇතිවේ.
4.මුත්‍රා දැවිල්ල සහ මුත්‍රා පෙරීමේ අපහසුතා ඇතිවේ.
5.වකුගඩු ආශ්‍රිතව ගලක් ඇතිවීමේදී එය නිතර නිතර හෙලවීමෙන් අවට අවයවයන් තුවාල විය හැක. එවිට මුත්‍රා සමඟ මඳ වශයෙන් හෝ රුධිරය පිටවීමක්ද සිදුවේ. මුත්‍රා රන් පැහැයට සමානනම් මේ තත්ත්වයයැයි සැක කළ හැක.
6.උණ.
7.යටිබඩේ වේදනාව.
8.මුත්‍රා සමඟ රුධිරය පිටවීමෙන් එහි ආසාත්මිකතාද විය හැක.
9.කොන්ද හා අවට ඇතිවන වේදනාව හෝ බර ගතියක් දැනීම.
රෝගය හඳුනාගැනීම:-
1.මෙවැනි රෝග ලක්ෂණයන් පවතී නම් වෛද්‍යවරයකු මුණගැසෙන්න.
2.වෛද්‍ය උපදෙස් මත මුත්‍රා පරීක්ෂාවකින් හඳුනාගත හැක.
3.එක්ස් කිරණ පරීක්ෂාව.
4.ස්කෑන් ක්‍රමයකින් කරනු ලබන පරීක්ෂාව.
ප්‍රතිකාර:-
1.ආයුර්වේදයේදී පළමුව ගලේ ප්‍රමාණය හා තියෙන තැන පරීක්ෂා කරගත යුතුය.
2.බටහිර වෛද්‍යවිද්‍යාවේදී මෙය ශල්‍ය කර්මයකින් ඉවත් කරයි. එසේත් නැත්නම් කිරණ යවා කුඩු කරයි. නමුත් එම කුඩු කරන කුඩා කැබැලිවලින් පසුකාලයකදී නැවත මතුවිය හැක.
3.ආයුර්වේදයේදී ඖෂධ ශල්‍ය ප්‍රතිකාර මගින් ප්‍රතිකාර කරයි. එය ආයුර්වේදයේදී එය සඳහන් කරන්නේ තරුණ කාලයේදී (ආරම්භයේදී) ඖෂධ මගින් ප්‍රතිකාර කළහැක. වැඩිහිටි (කල්ගියවිට) කාලයේදී කපා ඉවත් කළ යුතුය යන්නත්. ආයුර්වේදයෙන් මුත්‍රාශයෙන් ගලක් ඉවත් කිරීමේ හැකියාව ඇත.
4.ගල කුඩුකර දියකර යැවීමට ඖෂධ ලබාදිය හැක. මෙහි අවදානම් තත්ත්වය වෛද්‍යවරයා විසින් තීරණය කරයි.
5.ආවාට ගියාට මුත්‍රාවල ගල් ඇතිවිට අත්බෙහෙත් කරන්න එපා. මෙවැනි රෝගීහු පොල්පලා බීමට පුරුදු වෙති. මේ සඳහා පොල්පලා හොඳ ඖෂධයකි. නමුත් එයට නියමිත මාත්‍රාවක් හා කාලයක් ඇත. ඒ නිසා නොදැන බොන්න එපා. වැඩිපුර ගැනීමෙන් හෝ නොදැන ගැනීමෙන් වකුගඩු නරක් වීමටද පුළුවනි. මේ නිසා හැමවිටම කැඳ ලෙසින් පොල්පලා ගත යුතුය.
6.වැඩිපුර වතුර පානය කරන්න.
7.ඔබත් මෙවැනි රෝග ලක්ෂණවලින් පීඩා විඳිනවානම් වහාම මේ සම්බන්දව සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න.
8.මුත්‍රාගල් ඉවත් කරගැනීමට ආයුර්වේදයේ ඉතා සාර්ථක ප්‍රතිකාර ඇත.
උපුටා ගැනීම – Helabojun (දිශානි ජයමාලි කරුණාරත්න)