ඩයලයිසිස් ගැන ජනප්‍රිය ගැටළු වලට විසදුම්

Dialysis_Graphic2

ඩයලයිසිස් එහෙමත් නැතිනම් රුධිර කාන්දුපෙරණය කියන්නේ වකුගඩු අකර්මන්‍ය වූ පසු භාවිතා කරන ප්‍රතිකාර ක්‍රමයක් බව බොහෝ දෙනා දන්නවා. ඒ නිසාම මේ පිලිබදව විවිධාකාරයේ පැතිරීමත් බහුලව සිදුවෙනවා. ඉතින් එසේ කථාබහට ලක්වන මිත්‍යාමත මේ ආකාරයෙන් විසදා දීමට අප තීරණය කලා. මෙමගින් ඩයලයිසිස් ප්‍රතිකාරය ලැබීමට සූදානම් වන රෝගීන් වගේම එම පවුල් වල සාමාජිකයන්ටත් තමන්ට ඇති ප්‍රශ්ණ වලට පිලිතුරු ලබාගැනීමට හැකි වේවියැයි අප විශ්වාස කරනවා.

වෙනත් රටවල මෙන් නොව ශ්‍රී ලංකාව තුල බහුලව සිදුවන්නේ රක්තකාන්දු පෙරණය හේතුවෙන්,පරිතාන කාන්දුපෙරණය පිලිබදව ඇති සුලභ ගැටළු ගැන මෙහිදී අප සාකච්ඡා කරන්නේ නැහැ.

  1. ඩයලයිසිස් ප්‍රතිකාරය වේදනාකාරීයි.
    මෙය වේදනාකාරී ප්‍රතිකාර ක්‍රමයක් නෙවෙයි. එසේ වේදනාවක් පවතිනවානම් එය අනිවාර්‍යයෙන්ම ඔබගේ වෛද්‍යවරයාට හෝ එම අවස්ථාවේ සිටින හෙදියට ඒ ව දැනුම් දිය යුතුයි.
    සාමාන්‍යයෙන් රක්තකාන්දුකරණය සිදුකරන රෝගීන්ට අවශ්‍ය කරන කටු ඩයලයිසිස් කිරීම සදහා ශල්‍යකර්මය මගින් සකස් කලස්ථානයට (fistula or graft) ගැසීමේදී යම් වේදනාවක් ඇති වනවා. කාලයත් සමග එම වේදනාව පුරුද්දට අවස්ථා ඇතිවා සේව එම වේදනාව නැතිවීම සදහා වෙනත් ඖෂධ භාවිතා කිරීමේ හැකියාවත් පවතනිවා.
    ඩයලයිසිස් කරන අතර තුරදී ඇතැම් රෝගීන්ගේ රුධිර පීඩනය පහල වැටීම් සිදුවෙනවා.එවැනි රෝගීන්ට ඩයලයිසිස් ප්‍රතිකාරය සිදුකරන අතරතුර ඔක්කාරය,වමනය,කෙන්ඩ පෙරලීම,හිසරදය වැනි තත්ව ඇති වෙන්න පුළුවන්.නිවැරදි ආකාරයෙන් වෛද්‍ය උපදෙස් පිළිපැදීම මගින් මෙම තත්වයන් බොහෝ විට මගහරවා ගැනීමට හැකියාව පවතිනවා.
  2. ඩයලයිසිස් කරනවානම් එය මැරෙන්න කිට්ටුයි.
    ඩයලයිසිස් ප්‍රතිකාරය මගින් අප ශරීරයේ ඇති අපද්‍රව්‍යයන් ඉවත් කිරීම තමයි සිදුකරන්නේ. ඒ නිසාම නිවැරදි වෛද්‍ය උපදෙස් පිලිබදිමින්, ලබාගන්නා තරල ප්‍රමාණයන් පාලනය කරමින් ඩයලයිසිස් ප්‍රතිකාරය ලබැගනීම කිසිවිටතක් ඔබ මරණයට ලංකිරීමක් වෙන්නේ නැහැ. ඩයලයිසිස් මගින් කරන්නේ ඔබට තවත් ජීවත් වීමට අවස්ථාවක් ලබා දීමයි.
  3. ඩයලයිසිස් කරන්න යන වියදම සාමාන්‍ය මිනිසුන්ට දරන්න බැහැ.
    ශ්‍රී ලංකාව තුල ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාදීමට පහසුකම් ඇති සියළුම රජයේ රෝහල් වල නොමිලේ ඩයලයිසිස් කිරීම සිදුකරනවා. ශ්‍රී ජයවර්ධණපුර රෝහලේදීනම් යම් කිසි මුදලක් අයකිරීම සිදුවනවා නමුත් එම මුදල පුද්ගලික රෝහල් අයකරන මුදලට වඩා අඩුයි.
  4. ඩයලයිසිස් කරනවනම් කොහෙවත් යන්න බැහැ.ගෙදරම තමයි ඉන්න වෙන්නේ.
    ඩයලයිසිස් රෝගීන්ට ගමන් බිමන් යාමට තහනමක් නැහැ. නමුත් යම්කිසි සැලසුම් වෙනස් කිරීමක් සිදුකරන්නනම් සිදුවෙනවා. උදාහරණයක් ලෙස විනෝද චාරිකාවක් යනවානම්,එහිදී ගන්නා ආහාර පාන,බොන වතුර ප්‍රමාණය වගේ දේවල් කෙරෙහි දැඩි අවධානයක් තියෙන්න ඕනෑමයි. ඒ වගේම අනෙත් ඩයලයිසිස් දිනයට අනිවාර්‍යයෙන්ම එම ප්‍රතිකාරය ලබාගැනීමට රෝහලට පැමිණීමටත් වගබලාගැනීම වැදගත්. කෙසේ වෙතත් යම්කිසි ගමනක් යෑමට ඔබ සැලසුම් කරනවානම් ඊට පෙර ඔබගේ වෛද්‍යවරයා සමග ඒ පිලිබදව සාකච්ඡා කිරීම හොදයි.
  5. ඩයලයිසිස් කරන කොට වැඩක්පලක් කරගන්නවත් ඇගට ශක්තියක් නැහැ.
    ඩයලයිසිස් කරන රෝගීන්ට රැකියාවට යාමට හෝ තමන්ගේ වෙනත් වැඩකටයුතු කරගැනීමේ නොහැකියාවක් නැහැ. ඩයලයිසිස් ආරම්භ කරන කාලයේදී ඔබගේ සාමාන්‍ය වැඩකටයුතු වලින් තරමක් ඈත් වී සිටින්නට ඔබට සිදුවේවි. නමුත් එයට පුරුදු වූ විට ඔබට වෙනදාමෙන් ඔබගේ වැඩකටයුතු කිරීමට ඔබට හැකියාවක් පවතිනවා.
  6. ඩයලයිසිස් කරන විට ඔක්කොම කරන්න ඕනේ ඩොක්ටර්ට ඕන විදියට.
    ඔබ ඩයලයිසිස් කරන විට ඔබගේ වෛද්‍යවරයා මෙන්ම හෙදියනුත් ඔබ ගෙන අවදානයෙන් සිටින්නේ. ඒනි සා කිසිදු අවස්ථාවක අනවශ්‍ය බියක් ඇති කරගතයුතු නැහැ.  ඔබට යම්කිසි අපහසුතාවයක් ඇත්නම් ඒ පිලිදව ඔබගේ හෙදියට හෝ වෛද්‍යවරයාට දැන්විය හැකියි. එවිට ඔවුන් විසින් ඔබ සමග සාකච්ඡා කිරීමෙන් පසු ඔබට අනිවාර්යයෙන්ම විසදුමක් ලබා දෙනවා. ඒ වගේම එම කණ්ඩායමේ මූලික්වය මෙන්ම වැඩි අවදානය  සෑම විටම හිමි වන්නේ ඔට බවත් තරයේ මතක තබා ගත යුතුයි.

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …