
සාර්ථක වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකින් පසුව ලොව ප්‍රථම වරට ජානමය ලෙස වැඩිදියුණු කරන ලද ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කල පුද්ගලයා රෝහලෙන් පිටව ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි . ඒ ශල්‍යකර්මනේ පසු සති දෙකක පමණ කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටීමෙන් පසුවයි.
ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් 62 හැවිරිදි Rick Slayman සදහන් කර ඇත්තේ දීර්ඝකාලයකට පසු තමන්ට මෙතරම් නිරෝගීබවක් දැනීම සම්බන්දයෙන් සතුටු වන බවත් මෙය තමාගේ ජීවිතයේ සතුටුම අවස්ථාව බවත්ය. තමා වෙනුවෙන් කැපවුන සියලුම වෛද්‍යවරුන්, හෙද කාර්යමණ්ඩලය හා අනෙකුත් රෝහල් කාර්යමණ්ඩලයටත් ස්තූති කර ඇති ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ඩයලයිසිස් වලින් තොරව සාමාන්‍ය ලෙස සිය පවුල සහ මිතුරන් සමග කාලය ගත කිරීමට ලැබීම ඉතාමත් භාග්‍යයක් බවයි.
kidneyinfolk To educate people on kidney related issues.