මුත්‍රාශයේ ගල් සෑදීම කියන්නේ මේ වන විට වෛද්‍යවිද්‍යාවේ සුලභ ගැටළුවක් බවට පත්වී ඇත් තත්වයක්.මේ ගැටළුව මෑත කාලයකදී ඇති වූවක් නොවේ. මීට වසර 7000කට පමණ පෙර ජීවත් වූ ඊජිප්තු වැසියන්ගේ සොයාගත් මමීවල මුත්‍රාශයේත් මෙවැනි ගල් තිබූ බව පුරාවිද්‍යාත්මක වාර්ථා සදහන් කරනවා. ඒ කියන්නේ ආදී කාලයේ සිටම මෙම ගැටළුව වෛද්‍යවිද්‍යාවේ පැවතිලා තිබෙනවා. සාමාන්‍යයෙන් සංඛ්‍ය ලේඛන අනුව ආසියාතිකයන් 2% -5%ත් අතර ප්‍රමාණයකට මුත්‍රා ගල් තත්වය පවතිනවා. නමුත් මෙවැනි සංඛ්‍යා ලේඛනයක් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වී නැහැ. නමුත් ජාතික රෝහලේ වාර්ථාවන්ට අනුවනම් වසරකට රෝගීන් 3000කට අධික ප්‍රමාණයක් මේ තත්වය සදහා ප්‍රතිකාර ලබාගන්නා බවට සාක්ෂි සපයනවා.
මෙරටින් වාර්ථා වන මුත්‍රාගල්සහිත රෝගීන්ගෙන් 10% -20%ත් අතර ප්‍රමාණයකට ශල්‍යකර්ම මගින් ඒවා ඉයත් කරගැනීමට සිදුවන අතර අනෙකුත් රෝගීන්ට ඒවායේ ත්වය මත ප්‍රතිකාර සිදුකිරීම සිදුවනවා. වරක් මුත්‍රාගල් ඇතිවූ රෝගියෙකු ඉන්පසු නැවතත් තම ජීවිත කාලය තුල කිහිපවරක් වුවත් නැවතත් මුත්‍රා ගල් හටගැනීමේ හැකියාවක් පවතිනවා. සිදුකල පරීක්ෂණ වලින් හෙලිවී ඇති ආකාරයට නිවැරදි ප්‍රතිකාර ක්‍රම හා ඖෂධ භාවිතා නොකිරීම හේතුවෙන් යම්කිසි පුද්ගලයෙකුට සිය ජිවිත කාලය පුරා සාමාන්‍යයෙන් 7ක් වතාවක් පමණ මුත්‍රා ගල් ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
මුත්‍රා හෝ වකුගඩු ගල් සදහා ප්‍රතිකාර කිරීමට ප්‍රථමයෙන් එම ගල් ඇතිවීමට හේතුව සොයාගැනීම මගින් වඩාත් සාර්ථක ලෙස ඒවාට ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතිනවා. බොහෝ අවස්ථාවන් වලදී මේ ආකාරයේ ගල් ඇතිවීමට හේතුවන්නේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියේ ඇති ගැටළු හෝ අපගේ ආහාර රටාවේ ඇති ගැටළුයි. ඒ වාගේමයි මෙම ගල් වල සංයුතිය පිලිබදවද වැඩි අවධානයක් යොමු විය යුතුයි.
ශ්‍රී ලංකාව තුල ඇති සංඛ්‍යාලේඛන අනුව වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්ථා වන්නේ වියළි කලාපයෙන්.මේ සදහා හේතුව වශයෙන් විශේෂඥයන් සැක පලකරන්නේ එම ප්‍රදේශවල ජලයේ ඇති කඨිනත්වයයි. නමුත් ජලයේ කඨිනත්වයත් සමග මුත්‍රාගල් ඇතිවීමේ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන බවට සාක්ෂිත් මේ වන විට වාර්ථා වී නැහැ. ඒ නිසාම විශේෂඥයන් පවසන්නේ අප ශරීරයට ගන්නා ෆ්ලෝරයිඩ් ප්‍රමාණය ඉහලයාම මගින් මෙවැනි ගල් ඇතිවීමේ හැකියාව ඉහල යා හැකි බවයි. විශේෂයෙන් වියළි කලාපයේ අනුරාධපුර,පොළොන්නරුව හා අම්පාර වැනි දිස්ත්‍රික්කයන්ගේ ළිං ජලයේ ෆ්ලෝරයිඩ් 3ppm ප්‍රමාණයට වඩා වැඩියන් ඇති බව හෙලිවී තිබෙනවා. (සාමාන්‍යයෙන් ජලයේ ඇති ෆ්ලෝරයිඩ් ප්‍රමාණය 3.5ppm – 4.9ppm දක්වා වැඩි අවස්ථාවන් වලදී ගල් ඇතිවීමේ හැකියාව 5ගුණයකින් පමණ ඉහල යනබවයි විශේෂඥ මතය වන්නේ.)
මේ තත්වයෙන් මිදීමටනම් විශේෂයෙන් හොදින් ජලය පානය කිරීම(සාමාන්‍යයෙන් දිනයක ලීටර 2ක පමණ ප්‍රමාණයේවත් මුත්‍රා පිටවන තරමට) ඉතාමත් ප්‍රතිඵලදායකයි. ඇතැම් අවස්ථාවන වල ගල් ඇතිවීම වලක්වාගැනීමට සිදුකල හැකි එකම ක්‍රියාව වශයෙනුත් මෙය හදුන්වන්න පුළුවන්. ඒ අතරම මාංශ ප්‍රෝටීන ලබාගැනීම අඩු කිරීමත් වැදගත්. මාංශ ප්‍රෝටීන අඩුවීම මගින් ඒවා ශරීරය තුල විදවැටීමේදී ඇති වන ආම්ලිකතාවය අඩුවනවා. සෝඩියම් ප්‍රමාණය අඩු කිරීම,ඔක්සලේට් ප්‍රමාණය අඩු කිරීම ( තේ,නිවිති,කජු වර්ග ආහාරයට ගැනීම සීමා කිරීම්),දොඩම් දෙහි වැනි සිට්රික් අම්ලය අඩංගු ආහාර වැඩිපුර ආහාරයට ගැනීම, මුත්‍රාගල් හෝ වකුගඩු ගල් වගින් බේරී සිටීමට අපගේ ආහාර වේලට සිදුකල හැකි වෙනස්කම් ලෙස දක්වන්න පුළුවන්. නමුත් කැල්සියම් ආහාරයට ගැනීම සීමා කිරීමනම් එතරම් නුවනය හුරු වන්නේ නැහැ.එහීදී ඇතැම් විට ගල් ඇතිවීම වැඩි වෙන්න පුළුවන් වාගේම අස්ථි දුර්වලවීමත් සිදුවනවා.
මේ ආකාරයෙන් ගල් වල සංයුතිය මෙන්ම ඒවා ඇතිවීමට හේතුව හදුනාගැනීම මගින් වඩාත් ප්‍රතිඵලදායක ආකාරයෙන් මුත්‍රාශයේ ගල් සදහා ප්‍රතිකාර සිදුකිරීමට අවස්ථාව හිමිවනවා.
https://cmj.sljol.info/ ඇසුරිණි.