වකුගඩු බද්ධ කිරීමෙන් පසු ඇති වන දියවැඩියාව ගැන දැනගනිමු.

measuringbloodsugar1014_668032

වකුගඩු බද්ධ කිරීමෙන් පසු දියවැඩියා තත්වයක් ඇතිවීමේ අවදානම ඉහළ යන්නේ ඇයි?
ඒ සදහා මූලික හේතුව වන්නේ බද්ධ කිරීමෙන් පසු ලබාදෙන ඖෂධයි. මෙම ඖෂධ මගින් බද්ධ කලවකුඩුව ශරීරයෙන් ප්‍රතික්ෂේප වීම වැළැක්වීම සිදුවන අතර එම ඖෂධ මගින්ම දියවැඩියාව ඇතිවීමේ අවදානම ඉහළ යන අතර ඔබ දියවැඩියාව සහිත පුද්ගලයෙකුනම් ඔබගේ දියවැඩියා තත්වයය දරුණු වීමට හේතු විය හැකියි.

ඖෂධ වලට අමතරව දියවැඩියාව ඇතිවීමට බලපෑ හැකි වෙනත් හේතු මොනවාද?
ඔබගේ පවුලේ ඉතිහාසය හා ඔබගේ වයස වැනි සාධක ඔබට පාලනය කල නොහැකි සාධක ලෙස හදුන්වන්නට පුළුවන්.  නමුත් ඊට අමතරව පහත සදහන් ඔබට පාලනය කල හැකි සාධක පාලනය කිරීම ඔබ විසින් අනිවාර්‍යයනේම සිදුකල යුතුයි.

  • අධික බර.
  • ව්‍යායාම නොකිරීම
  • සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාව
  • ගැබ්ගත් සමයේදී ගර්භණී දියවැඩියා තත්වයට මුහුණ දීම
  • හෙපටයිටීස් C වෛරසය වැලදී තිබීම
  • අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් වැනි තත්වයන් පැවතීම

දියවැඩියාව වළක්වාගැනීට පියවර ගැනීම අනිවාර්ය වන්නේ ඇයි?
දියවැඩියාව පැවතීම ඔබගේ බද්ධ කල වකුගඩුවට මෙන්ම හෘදය,රුධිර වාහිනී,පාදය,ස්නායු සහ ඇස් යන ඉන්ද්‍රීයයන්ටත් හානි සිදුකල හැකියි.

දියවැඩියා තත්වය හගවන රෝග ලක්ෂණ මොනවාද?
සාමාන්‍යයෙන් දියවැඩියා තත්වය හදුන්වන්නේ නිහඩ මාරයෙක් ලෙසටයි. එයට හේතුව යන්නේ මෙම රෝගී තත්වය වැලදී ඇති බොහෝ රෝගින්ගේ රෝග ලක්ෂන නොපෙන්වීමයි. ඇතැම් පුද්ගලයන්ගේ රෝග ලක්ෂණ පෙන්විය හැකි අතර එම රෝග ලක්ෂන පහත වශයෙන් දක්වන්නට පුළුවන්.

  • තිබහ දැනීම.
  • නිතරම මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයන් ඇතිවීම ( විශේෂයෙන් රාත්‍රී කාලයේදී )
  • වෙනදාට වඩා බඩගිනි දැනීම හා මහන්සිය
  • කිසිදු ව්‍යයාමයකින් තොරව ඇගේ බර අඩුවීම
  • තුවාල සුවවීමේ වේගය අඩුවීම.
  • වියළි සම
  • ඇස් පෙනීම දුර්වල වීම.

දියවැඩියාව වැලදී ඇතිද නැතිද යන්න පිලිබදව ඉතාමත් සරල රුධිර පරීක්ෂණයක් මගින් සොයාගත හැකියි. දියවැඩියා තත්වය මෙන්ම පූර්ව දියවැඩියා තත්වය හදුනාගැනීමත් එකලෙස වැදගත්. පූර්ව දියවැඩියා තත්වය ලෙස හදුන්වන්නේ දියවැඩියාව යැයි නිගමනයකල නොහැකි නමුත් සාමාන්‍ය අගයට වඩා රුධිර සීනි මට්ටම වැඩිවන තත්වයක්. පූර්ව දියවැඩියා තත්වයේ සිටින රෝගීන් ඉන්පසු හෝ නිසි ආකාරයෙන් ප්‍රවේශම් නොවීමෙන් දියවැඩියාව වැලදීමේ වැඩි අවධානමක් පවතිනවා.

වකුගඩු බද්ධ කිරීමෙන් පසුය ඇතිවන දියවැඩියා තත්වය පාලනය කිරීමට හෝ ඇතිවීම වළක්වා ගැනීමට සිදුකල යුත්තේ කුමක්ද?

  • නිරන්තරයෙන් ක්‍රියාශීලී ජීවනරටාවක් පවත්වා ගැනීම.
  • සෞඛ්‍යසම්පන්න ආහාර රාටාවක් අනුගමනය කිරීම.
  • ඔබගේ ශරීරයේ බර වැඩිනම් එය අඩුකර ගැනීම.
  • රුධිර පීඩනය,රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය, ගැන සැලකිමත් වීම හා ප්‍රශස්ත මට්ටමේ පවත්වා ගැනීම.

වකුගඩු බද්ධ කිරීමෙන් පසු ප්‍රෙඩ්නිසලෝන් වැනි ඖෂධ අධි මාත්‍රාවන්ගෙන් ආරම්භ වන නිසා රුධිරයේ සීනි මට්ටම ඉහලයාමේ හැකියාව වැඩිවනවා. ඒ නිසාම බද්ධ කිරීමෙන් පසු ඔබ රෝහල් ගතවී සිටින විටත් ඉන්පසු පැවැත්වෙන සායන වලදීත් ඔබගේ රුධිර සීනි ප්‍රමාණය මැන බලන පරීක්ෂණ නියමිත කාල පරතරයක් සහිතව ඔබට ලබා දෙනවා. එසේ වෛද්‍යවරුන් එම පරීක්ෂණ සිදුකරන ලෙස ඔබට දැන්වූ පසු ඒවා නිසා වේලාවට සිදුකිරීම ඔබ සතු වගකීමක්.

දියවැඩියාව තිබේනම් එය පාලනය කරගතහැක්කේ කෙසේද?
ඔබට බද්ධ කල වකුගඩුවේ යහපත් ක්‍රියාකාරීත්වයට මෙන්ම ඔබගේ ඇස්පෙනීම,ස්නායු ක්‍රියාකාරීත්වය,හෘදය,රුධිරවාහිනී යන දේවල ක්‍රියාකාරීත්වය සදහාද දියවැඩියා තත්වය බලපෑමක් ඇති කරන නිසාවෙන් එය පාලනය කිරීම කලයුතුමයි.

  • කාබෝහයිඩ්‍රේට අඩු ප්‍රමාණයක් ඇති අාහාර ගැනීම
  • ව්‍යායාම වල නිරත වීම
  • දියවැඩියාව සදහා ලබාදෙන ඖෂධ නොවරදවා ලබාගැනීම   යන කරුණු අනුගමනය කිරීම මගින් දියවැඩියා තත්වය හානිකර නොවන ආකාරයෙන් පවත්වා ගැනීමේ හැකියාව හිමිවනු ඇති.

 

මූලාශ්‍රය – https://www.kidney.org

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …