ප්ලාස්මා පෙරීම කියන්නේ මොකක්ද?

ඔබ වකුගඩු බද්ධ කිරීමේ පොරොත්තු ලේඛණයේ සිටින විටදී හෝ වකුගඩු බද්ධ කිරීමෙන් පසු ඔබගේ ප්‍රතිදේහ සම්බන්දයෙන් ගැටළුවක් ඇතිවූ විට ඔබගේ වෛද්‍යවරුන් විසින් ප්ලාස්මාව පෙරීමය කියන ප්‍රතිකාර ක්‍රමය නිර්දේශ කරතිබෙනවා වන්නට පුළුවන්. ඇතැම් අවස්ථාවන් වල මෙම ප්‍රතිදේහයන් අපි නොසිතන ප්‍රථිඵල අප වෙත ලබා දෙන්නට පුළුවන්.උදාහරණයක් වශයෙන් වකුගඩු බද්ධ කිරීමේ මූළික පරීක්ෂණයක් වන රුධිර ප්‍රතිදේහ ගැලපීමේ පරීක්ෂනයේ කිසිදු ගැටළුවක් නොතිබුණු රෝගීන්ට පසු කාලීනව එම පරීක්ෂණයේ ඇතිවන ගැටළු හේතුවෙන් වකුගඩු බද්ධ කිරීම පමා කිරීමට සිදුවන අවස්ථාවන් තිබෙනවා.ඒ නිසාම මේ ගැන දැනුමක් තිබීම අපි හැම දෙනාටම වටිනවා.
“ප්ලාස්මා පෙරීම” කියන්නේ මොකක්ද?
ප්ලාස්මා පෙරීම කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් Plasmapheresis ලෙස හදුන්වන ක්‍රියාවලියයි. එහිදී සිදුවන්නේ රුධිරය පෙරීමකට ලක්කර එහි ඇති හානිකර ප්‍රතිදේහ ඉවත් කිරීමයි. එම ක්‍රියාවලිය ඩයලයිසිස් කිරීමට සමාන ක්‍රියාවලියක්. මෙහි විශේෂත්වය වන්නේ රුධිරයේ ප්ලාස්මා කොටසේ ඇති ප්‍රතිදේහ ඉවත් කිරීම මේ ක්‍රමය හරහා සිදුවීමයි.
ප්‍රතිදේහ අපගේ සිරුරේ ආරක්ෂණ ක්‍රියාවලියේ මූලික අංගයක් වනවා.ශරීරයට ඇතුල් වන විශබීජ,බැක්ටීරියා වැනි ආගන්තුක දේවල් මෙම ප්‍රතිදේහ මගින් විනාශ කිරීම සිදුවනවා.
Plasmapheresis ක්‍රියාවලියේදී රුධිරය සෛල මට්ටම දක්වාම වෙන්කිරීමක් සිදුවනවා. ඒ සදහා විශේෂිත යන්ත්‍රයක යොදාගැනෙනවා. මෙම සම්පූර්ණ ක්‍රියාවලියම විශබීජ ඇතුල්වීමට හැකියාවක් නැති ස්වයංක්‍රීය ක්‍රියාවලියක්. මෙහිදී ප්ලාස්මාව පෙරීමට ලක්කරන පුද්ගලයාව ප්ලාස්ටික් කැතීටරයක් මගින් යන්ත්‍රයට සම්බන්ද කිරීම සිදුවනවා. එ් ඔස්සේ ගමන් කරන රුධිරය රුධිර සෛල,රුධිර පට්ටිකා හා ප්ලාස්මාව වශයෙන් වෙන්වීමක් සිදුවන අතර රුධිර ප්ලාස්මාව විශේෂිත පෙරීමකට ලක්වීමෙන් පසු නැවතත් එම පුද්ගලයාගේ ශරීරයට යැවෙනවා.
ප්ලාස්මා පෙරීම සදහා යොදාගන්නා යන්ත්‍රය
ප්ලාස්මා පෙරීම සදහා යොදාගන්නා යන්ත්‍රය
ප්ලාස්මා පෙරීමේ ක්‍රියාවලිය
ප්ලාස්මා පෙරීමේ ක්‍රියාවලිය

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …