අවයව පරිත්‍යාග කරන්නන්ගේ දිනය ලෙස නම් වී ඇති එලඹෙන පෙරවාරි 18 වනදා ශ්‍රී ජයවර්ධනපුර රෝහල් සංකීර්ණය මූලික කරගනිමින් වැඩසටහන් රාශියක් පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් වෙමින් පවතී. එහිදී රෝහල් පරිශ්‍රය වෙත පාගමනින් පැමිණීමට නියමිත අතර එහිදී අවයව දන්දීම සදහා කැමැත්ත පලකරන්නන් ලියාපදිංචි කිරීමටද නියමිතය.
එසේම එහිදී සිදුවන තවත් එක් විශේෂ වැඩපිලිවෙලක් වේ. ඒ මේ වන තෙක් අවයව දන්දුන් පුද්ගලයන්ගේ නම් අැතුලත් ඵලකයක් විවෘත කිරීමයි. මේ පිලිබදව පසුගියදා අදහස් දැක්වූ ජවර්ධනපුර රෝහලේ වෘක්කවේදී විශේෂඥ වෛද්‍ය චින්තන ගලහිටියාව මහතා පවසා සිටියේ මෙම ඵලකයේ නම සදහන් පුද්ගලයන් “තරුවක්” ලෙස හදුන්වන බවයි. එම ඵලකයේ තමත් ඉඩ ඕනෑතරම් ඇති බැවින් තම අවයව දන්දීමට කැමැත්ත පලකර තරුවක් වීමේ අවස්ථාව ලබාගන්නා ලෙසටත් ඒ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය. එලෙසම මොලය මියගිය හා ඉන්පසු සිය අවයව දන්දුන් සියළුම පුද්ගලයන්ගේ නම් ඉදිරියේදී මෙම ඵලකයේ සටහන් කිරීමට නියමිතය.
කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාව තුල හදිසි අනතුරු මගින් ජීවිතක්ෂයට පත්වන පුද්ගලයන් තමන්ගේ අවයව දන්දීම සදහා කැමැත්ත පලකර තිබුනේනම් කිසිදු අවයව හිගයකින් තොරව අවයව අවශ්‍ය පුද්ගලයන්ට ඒවා බද්ධ කිරීමට හැකි බව සිදුකර ඇති ගණනය කිරීම් වලින් හෙලිවී ඇත. සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකු(නිරෝගී) හදිසි අනතුරකින් මියගිය අවස්ථාවකදී ඔහුගේ හෝ ඇයගේ අවයව දන්දීම මගින් තවත් පුද්ගලයන් 8දෙනෙකුගේ පමණ ජීවිත බේරා ගැනීමට හැකිය.
එමනිසා එන්න පැමිණ ඔබගේ අවයව දන්දීමට කැමැත්ත පලකර තරුවක් වීමේ අවස්ථාව හිමිකරගන්න.