polycystic kidney disease ගැන දැනගනිමු.

Polycystic Kidney Disease කියන්නේ මොකක්ද?
වෛද්‍යවාර්ථාවල සාමාන්‍යයෙන් PKD එහෙමත් නැතිනම් බහුකෝෂ්ඨ රෝගය ලෙස හදුන්වන Polycystic Kidney Disease  තත්වයේදී සිදුවන්නේ වකුගඩුව තුල කෝෂ්ඨ (ගෙඩි වගේ) විශාල ප්‍රමාණයක් වර්ධනය වීමයි. මෙම කෝෂ්ඨ තරලයකින් පිරී පවතිනවා. මේ ආකාරයෙන් කෝෂ්ඨ විශාල ප්‍රමාණයක් වකුගඩු තුල වර්ධනය වුවහොත් හෝ එම කෝෂ්ඨ ප්‍රමාණයෙන් විශාල වුවහොත් ඔබගේ වකුගඩු වලට හානි සිදුවෙනවා. මෙම කෝෂ්ඨ ක්‍රම ක්‍රමයෙන් වකුගඩුව තුල වැඩි ඉඩ ප්‍රමාණයක පැතිරීමට පටන්ගන්නා අතර ඒ හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩුවෙනවා.

Polycystic තත්වය බලපාන වෙනත් අවයව මොනවාද?
මෙම Polycystic තත්වය වකුගඩු වලට අමතරව අක්මාව,අගන්‍යාශය,ඩිම්භකෝෂ,හා මහා බඩවැල වැනි අවයව වලත් ඇතිවන්නට පුළුවන්. නමුත් බොහෝ දෙනෙකුගේ වෙනත් අවයව ඇතිවන Polycystic තත්වයන් වකුගඩු වල ඇතිවන එම තත්වය තරම් ගැටළුකාරී වන්නේ නැහැ. නමුත් Polycystic තත්වය හදවත හා මොළය යන ඉන්ද්‍රීයයන් වල ඇති විය හැකි නිසා එවැනි අවස්තාවන් වලදීනම් තත්වය ටිකක් බරපතල වෙනවා.

Polycystic තත්වය ඇති බවට ඉගි කෙරෙන ලක්ෂන මොනවාද?
මෙම තත්වය ඇති රෝගීන් සාමාන්‍යයෙන වයස අවුරුදු 30ක් 40ක් පමණ වනතුරු රෝග ලක්ෂන පෙන්නුම් කරන්නේ නැහැ. එසේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේදී ඇතිවිය හැකි රෝග ලක්ෂණ පහත පරිදි දක්වන්නට පුළුවන්.

  • පිටපසු හො පැත්තක ඇති බව වේදනාව
  • උදරයේ ප්‍රමාණය විශාල වීම
  • මුත්‍රා සමග රුධිරය පිටවීම
  • මුත්‍රාශයේ හෝ වකුගඩුවල දිගින් දිගටම ඇතිවන ආසාදන
  • අධි රුධිර පීඩනය
  • හෘදය තුල විවිධ වෙනස්කම් දැනීම

Polycystic තත්වයට ප්‍රතිකර සිදුකරන්නේ කෙසේද?
මේ වන තෙක් Polycystic තත්වයට ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ.නමුත්මේ වන විටත් සිදුවන පර්යේෂණ වලදී හෙලිවී ඇති ආකාරයට කැෆේන් අඩංගු බීම වර්ග පානය කිරීමනවතා ජලය පමණක් පානය කිරීම මගින් කෝෂ්ඨ වර්ධනය වීමේ වේගය අඩුවනවා. එලෙසම  Polycystic තත්වය ඇති වීමට ජානමය බලපෑමක් තිබෙන්නටත් පුළුවන්.

ප්‍රතිකාර මගින් මෙම PKD තත්වයෙන් වකුගඩුවලට හානි සිදුවන වේගය අඩුකරගැනීමේ හැකියාව පවතිනවා. එමගින් රෝග ලක්ෂන පාලනය,කෝෂ්ඨ වල වර්ධන වේගය සීමා කිරීම,වැනි දේද ප්‍රතිකාර මගින් සිදුකල හැකියි. ඒ සදහා සිදුකරන ප්‍රතිකාර ලෙස

  • රුධිර පීඩනය පාලනය
  • මුත්‍රාශයේ හා වකුගඩුවල ඇති වන ආසදන සදහා නිසි ප්‍රතිකාර සිදුකිරීම
  • මුත්‍රා සමග ලේපිටවන බව නිරීක්ෂණය වුවහොත් අධික ලෙස ජලය පානය කිරීමට රෝගියා යොමු කිරීම
  • වේදනාව පාලනය සදහා වේදනානාශක ලබාදීම ( වකුගඩු රෝගයෙන පෙන්නේ නම් සටෙරොයිඩමය නොවන් ප්‍රති ප්‍රදාහමය ඖෂධය NSAIDs ලබාදීම සුදුසු නොවේ)
  • දුම්පානය නැවැත්වීම
  • ව්‍යයාමසිදුකිරීම ,සිරුරේ බර පාලනය හා ආහාරයට එක්කර ගන්නා ලුණු ප්‍රමාණය අඩු කිරීම.
  • දවස පුරා හොදින් ජලය පානය කිරීම
  • කැෆේන් අඩංගු බීම වර්ග පානය නොකිරීම

PKD තත්වය ඇති රෝගීනට විශේෂිත ආහාර පාලනයක් සිදුකල යුතුද?
මේ වන තෙක් එසෙ නිශ්චිත ආහාර පාලනයක් පිලිබදව වෛද්‍යවිද්‍යාත්මක සොයැගැනීමක් සිදුවී නැහැ. නමුත් අධි රුධිර පීඩනය පාලනය සදහා ලුණු අඩුවෙන් ගැනීම,ශරීරයේ බර පාලනය සදහා කැලරි හා මේදය අඩු ආහාර ගැනීම, වැනි පාලනයන් සිදුකල යුතුයි.

PKD තත්වය ඇති රෝගීනට ව්‍යායාම කිරීම සුදුසුද?
ව්‍යයාම කිරීමේ කිසිදු ගැටළුවක් නැහැ. නමුත් එකිනෙකා අතර ගැටීම් සිදුවන ක්‍රීඩාවන් වල නොයෙදීමට වගබලා ගත යුතුයි. එලෙසම ව්‍යයාම සිදුකරන කාලය තුලද විජලනය වීම වැලැක්වීම සදහා ජලය පානය කිරීම සිදුකල යුතුමයි.

PKD ඇතිවීමේ අවදානම් ඇති පුද්ගලයන් කවුද?
PKD තත්වය පැතිරෙන්නේ ජාන මගින්. දෙමව්පියන්ට PKD තත්වය ඇතිනම් එය දරුවන්ට සම්ප්‍රේෂනය වීම සිදුවනවා. මෙලෙස දරුවන්ට මෙම රෝගී තත්වය ජානවලින් උරුමවිය හැකි ආකාර දෙකක් පවතිනවා.

  •  ප්‍රමුඛ ප්‍රවේණිය  – මව්පියන්ගෙන් මවට හෝ පියාට මෙම රෝගී තත්වය තිබී එම තත්වය ජාන හරහා තම දරුවාට සම්ප්‍රේෂනය වීම ප්‍රමුණ ප්‍රවේණියේදී සිදුවෙයි. එහිදී ඕනෑම දරුවෙකුටම මෙම රෝගය සම්ප්‍රේෂණය වීම සදහා 50%ක සම්භවිතාවයක් පවතී.
  • නීලින ප්‍රෙව්ණිය – මෙහිදී මව සහ පියා යන දෙදෙනාගේම ජාන වල මෙම රෝගයට අදාල ජානය පවතින අතර එය දරුවන්ට සම්ප්‍රේෂනය වී සිදුවේ. මෙහිදී ඕනෑම දරුවකුට මෙම රෝගය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාවය 25%ක් වේ.

PKD තත්වය ඇතිවිට දරුවන් බිරිකිරීම හිතකරද?
මෙම රෝගී ත්වය ජාන හරහා දරුවන්ට සම්ප්‍රේෂනය විය හැකි නිසා දරුවන් සෑදීම පිලිබදව තීරණය කිරීමට පෙර ජාන සම්බන්ද වෛද්‍යවරයෙකුගේ ඒ සම්බන්ද උපදෙස් ලබාගැනීම සිදුකල යුතුයි.

PKD තත්වය ඇති කාන්තාවන්ගෙන් 80%ක් පමණ සාර්ථක ලෙස ගැබ් ගන්නා අතර ඇතැම් කාන්තාවන් PKD තත්වය හා සම්බන්දිත අධිරුධිර පීඩනය හා වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩුවීම වැනි තත්වයන් හේතුවෙන් ගැබ්ගැනීම සම්බන්දයෙන් විවිධ ගැටළු වලට මුහුණපානවා. එම නිසා PKD තත්වය ඇති විට ගැබ්ගැනීමක් සැලසුම් කිරීමට පෙර නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනී සිදුකල යුතුයි.

images

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …