මේ දිනවල පැතිරයන පැපොල රෝගයෙන් ප්‍රවේශම් වෙමු.

( මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන රෝගයක් වශයෙන් පැපොල රෝගය හදුන්වන්නට පුළුවන්. ඒ නිසාම විශේෂයෙන් වකුගඩු රෝගයෙන් පෙලෙන හා වකුගඩු බද්ධ කිරීමක් කල පිරිස් වෙනුවෙන් පැපොල රෝගය සම්බන්දයෙන් විශේෂිත ලිපියක් ඉදිරිපත් කිරීමට අපි සිතුවා. )

වැරිසෙල්ලා සොස්ටර්  (varicella-zoster virus ) නම් වෛරසය මගින් පැතිර යන වසංගත රෝගයක් වශයෙන් පැපොල හදුන්වන්නට පුළුවන්. එමගින් කුඩා බිබිලි වශයෙන් දිස්වන තත්වයක් සම මතුපිට ඇති කරන අතර එමනිසා කැසීම, මහන්සිය හා උණ යන රෝග ලක්ෂන ප්‍රධාන වශයෙන් ඇති කරනවා. කුඩා දරුවන්,වැඩිහිටියන් හා ප්‍රතිශක්තිකරණය අඩුකල පුද්ගලයන්ට පැපොල රෝගය වැලදුනහොත් තත්වය ටිකක් බරපතල වෙන්නට තියෙන අවස්ථව වැඩියි. පැපොල එන්නත ලබානොගත් හා මින් පෙර පැපොල රෝගය වැලදුනේ නැති පුද්ගලයන්ට මෙය වැලදීමේ අවස්ථාව පවතිනවා. කැස්සෙන්,කිවිසුම් මගින් මෙන්ම පැපොල නිසා ඇති වන බිබිලි ස්පර්ෂයෙනුත් මෙම රෝගය බෝ වෙන්නට පුළුවන්.

පැපොල වල රෝග ලක්ෂණ

පැපොල රෝගය වැලදුන විට සාමාන්‍යයෙන් දින 5 – 10ත් අතර කාලයත් පවතිනවා. මෙය මුලින්ම කැසීමක් ඇති දදයක් ලෙස ආරම්භ වී කාලයත් සමග තරලයකින් පිරුණු බිබිලි ලෙස දිස්වීමට පටන්ගන්නවා. මුලින්ම මෙවැනි බිබිලි මුහුනේ ,පපු ප්‍රදේශයේ හෝ පිටුපස ප්‍රදේශයේ දක්නට ලැබෙන අකර පසුව මුළු සිරුර පුරා පැතිර යනවා.

සම මතුපිට දදයක් ඇතිවී දින දෙකක් අැතුලත පහත දැක්වෙන රෝග ලක්ෂන ඇතිවීම ආරම්භ වනවා.

  • උණ
  • මහන්සිය
  • කෑම අරුචිය
  • හිසරදය

පැපොල එන්නත ලාබගත් පුද්ගලයන්ට පවා ඇතැම් විට මෙම රෝගය වැලදෙන්නට පුළුවන්. නමුත් රෝග ලක්ෂණ පෙර අවස්ථාවේදී මෙන් දරුණු නැහැ.

පැපොල රෝගය වැලදුන විට ඇතිවන බිබිලි වල වර්ධන අවස්ථාවන්
පැපොල රෝගය වැලදුන විට ඇතිවන බිබිලි වල වර්ධන අවස්ථාවන්

පැපොල මගින් ඇති වන සංකූලතාවයන්

  • කුඩා දරුවන්
  • වැඩිහිටි පුද්ගලයන්
  • ගැබිනි කාන්තාවන්
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල හෝ දුර්වල කල පුද්ගලයන්
    • HIV/AIDS හෝ පිළිකා තත්වයන් ඇති රෝගීන්
    • අවයව බද්ධ කල රෝගීන්
    • ප්‍රතිශක්තිකරණය දුබල කෙරෙන ඖෂධ ලබාගන්නා හෝ දීර්ඝකාලීනව ස්ටෙරොයිඩමට ඖෂධ ලබාග්නා පුද්ගලයන්.

පැපොල නිසා ඇති විය හැකි සංකූලතාවයන්

  • විජලනය.
  • නිව්මෝනියාව
  • රුධිර වහනයවීම්
  • මොළය ආශ්‍රිතව ඇති විය හැකි ආසාදන
  • සමේ හෝ වෙනත් සියුම් පටක වල ඇතිවිය හැකි ආසාදන
  • රුධිරයේ ඇති විය හැකි විශබීජ ආසාදන
  • අස්ථි හා සන්ධි ආශ්‍රිත ආසාදන

මෙවැනි ඇතැම් සංකූලතාවයන් පෙන්වන රෝගීන්ගේ තත්නය වෙනත් සාමාන්‍ය පැපොල රෝගීන් මෙන් නොව බරපතල වන බැවින් ඔවුන් රෝහල් ගතකිරීමට පවා සිදුවනු ඇති.

පැපොල පැතිරීම

විශේෂයෙන් ළදරුවන්ට මෙන්ම කුඩා දරුවන්ටත් පැපොල රෝගය වැළදීමේ වැඩි අවස්ථාවක් තිබෙනවා. එම නිසාමකල් බලමින් නොසිට නිසි වයසට පැමිණි පසු තම දරුවන්ට පැපොල එන්නත ලබාදීම නුවණට හුරුයි.

එලෙසම ගැබිණි කාන්තාවන් මෙන්ම අවයව බද්ධ කල ප්‍රතිශක්තිකරණය දුර්වල කල පුද්ගලයන් පැපොල වැලදීම හා සංකූලතා ඇතිවීමේ වැඩි අවස්ථාවක් තිබීම නිසා ඔවුන් එම රෝගය වැලදුන පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි.

පැපොල එන්නත ලබානොගත් හා මින් පෙර පැපොල රෝගය වැලදුනේ නැති පුද්ගලයන්ට මෙය වැලදීමේ අවස්ථාව පවතිනවා. කැස්සෙන්,කිවිසුම් මගින් මෙන්ම පැපොල නිසා ඇති වන බිබිලි ස්පර්ෂයෙනුත් මෙම රෝගය බෝ වෙන්නට පුළුවන්.

පැපොල වෛරසය ශරීර ගතවී ඇති නමුත් රෝග ලක්ෂන පෙන්වීමට දින දෙකක් පමණ කාලයක සිට බිබිලි කැබොල්ලක් බවට පත්වීමට ගතවන කාලය තුල එම වෛරසය වෙනත් පුද්ගලයෙකු වෙත බෝ කිරීමේ හැකියාවක් එම රෝගියාට පවතිනවා. එලෙසම පැපොල වෛරසය ශරීර ගතවී රෝග ලක්ෂණ පෙන්වීමට සාමාණ්‍යයෙන් දින 10 – 21 අතර කාලයක් ගතවනවා.

සාමාන්‍යයෙන් ජීවිතයේ එක්වරක් හෝ පැපොල රෝගය වැලදී ඇති පුද්ගලයන්ට නැවතත් පැපොල රෝගය නොවැලදීම සදහා වන ජීවිතකාලය පුරා පවතින ප්‍රතිශක්තිකරණයක් ගොඩනැගෙනවා. නමුත් එසේ වරක් පැපොල සෑදුන පුද්ගලයන්ට පවා නැවත වරක් පැපොල වැලදීමට පුළුවන්. නමුත් එය ඉතාමත් කලාතුරකින් සිදුවන සිදුවීමක්.

පැපොලෙන් ප්‍රවේශම් වන්නේ කොහොමද?

මෙයින් ප්‍රවේශම් වීමට ඇති හොදම හා පහසුම ක්‍රමය වන්නේ පැපොල එන්නත ලබාගැනීමයි. පැපොල එන්නත ආරක්ෂිත වාගේම ප්‍රථිඵලදායක එන්නතක්.එමගින් පැපොල වැලදීම ජීවිතකාලය පුරාවටම වැලැක්වීමේ හැකියාව පවතිනවා. නමුත් ඇතැම් අවස්ථාවන් වල එන්නත ලබාගත්තත් පැපොල වැලදෙන පුද්ගලයන් වාර්ථා වී තිබෙනවා. නමුත් එවැනි අවස්ථාවන් වලදී රෝග ලක්ෂණ පෙන්වන්නේ ඉතාමත් සුළුවශයෙනි.

  • මින්පෙර පැපොල නොවැලදුන
  • එන්නත ලබානොගත්
  • HIV/AIDS හෝ පිළිතා තත්වයක් මග ප්‍රතිශක්තිකරණය හීන වී ඇති.
  • අවයව බද්ධ කල
  • ගැබිණි කාන්තාවන්
  • ප්‍රතිශක්තිකරනය අඩු කරන ඖෂධ ලබාගන්නා හෝ දීර්ඝකාලීන ස්ටෙරොයිඩමය ඖෂධ ලබාගන්නා පිරිස් යම් අවස්ථාවක පැපොල රෝගය වැලදී ඇති පුද්ගලයෙකුට නිරාවරණය වුවහොත් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර වෙත යොමුවීම සිදුක යුතුයි.

 

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …