වකුගඩු දුර්වලනම් රක්තහීනතාවයෙන් ප්‍රවේසම් විය යුතුයි.

රක්තහීනතාවය කියන්නේ ?
රක්තහීනතාවය ඇති වන්නේ අප රුධිරයේ ඇති රතු රුධිරාණු ප්‍රමාණය අඩුවූ විටයි. සිරුර පුරා සිදුවන ක්‍රියාවලීන්ට අවශ්‍ය ඔක්සිජන් එම ස්ථාන වෙත ප්‍රවාහණය කිරීම සිදුකරන්නේ රතුරුධිරාණු මගිනුයි.

රක්තහීනතාවයේ රෝග ලක්ෂණ මොනවාද?

  • සුදුමැලි ගතිය
  • මහන්සිය
  • දෛනික කටයුතු සිදුකරගැනීඹට අවශ්‍ය ශකක්තිය හීන වීම
  • ආහාර අරුචිය
  • නින්ද නොයෑම
  • මනස කලබලකාරී වීම
  • හිසරදය
  • හෘද ස්පන්දනය වේගවත් වීම
  • හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇති වීම

වකුගඩු රෝගී වී ඇති පුද්ගලයන්ට රක්තහීනතාවය ඇතිවීමේ වැඩි අවදානමක් ඇත්තේ ඇයි?

වකුගඩු මගින් ඉතාමත් වැදගත් හෝමෝනයක් වන එරිත්‍රොපොයිටීන් නම් හෝමෝනය නිපදවනු ලබනවා. හෝමෝනයක කාර්යය වන්නේ රසායනික පණිවුඩයක් ලෙස ක්‍රියාකාරමින් ශරීරයේ ඇති පටක හා අවයව  ක්‍රියාකරීත්වයට අවශ්‍ය පණිවුඩ ලබාදීමයි. එ් ආකාරයෙන් ක්‍රියාකාරන එරිත්‍රොපොයිටීන් හෝමෝනයේ කාර්යය වන්නේ ශරීරය (රතු ඇට මිදුළු )තුල රතු රුධිරානු නිපදවීම සදහා අවශ්‍යවන පණිවුඩය ලබාදීමයි.

ඔබට වකුගඩු රෝගයක් ඇති විට නියමිත ප්‍රමාණයට එරිත්‍රොපොයිටීන් හෝමෝනය නිපදීමේ හැකියාව වකුගඩු සතු වන්නේ නැහැ. ඒ නිසා ශරීරය තුල ඇති එරිත්‍රොපොයිටීන් හෝමෝන ප්‍රමාණය අඩුවූ විට රතු රුධිරනු නිශ්පාදනය අඩුවී රක්තහීනතාවය ඇතිවීම සිදුවනවා.

වකුගඩු රෝගී තත්වයක් ඇති බෝහෝ දෙනෙකුට රක්තහීනතාවය ඇති වනවා. වකුගඩු රෝගී තත්වය ඇතිවූ ආරම්භක අවදියෙන් ආරම්භ වී වකුගඩු රෝගී තත්වය වර්ධනය වනවාත් සමගම රක්තහීනතාවයේ තත්වයද වර්ධනය වීම සිදුවනවා.

රක්තහීනතාවය වැලදී ඇති බව දැනගන්නේ කෙසේද?
රක්තහීන තත්වය ඇති සියළුදෙනාම පාහේ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ.  විශේෂයෙන් ඔබට වකුගඩු රෝගය ඇත්නම් වෛද්‍ය නිර්දේශය අනුව රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය පරික්ෂා කරගත යුතුයි. රතුරුධිරාණු මගින් ඔක්සිජන සිරුර පුරා ගෙනයාමේ ක්‍රියාවියේදී දායක වන ප්‍රධාන දෙයක් තමයි හිමොග්ලොබින් කියන්නේ. රතු රුධිර සෛල ගෙනයන ඔක්සිජන් අනු බැදෙන්නේ මෙම හිමොග්ලොබින් වලටයි. කෙසේ හෝ රුධිර වාර්ථා මගින් ඔබේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු යැයි වාර්තා වන්නේ නම් ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබට අදාල ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කරනු ඇති.

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …