වකුගඩු බද්ධ කිරීමකින් පසුව ඇතිවන විවිධ ආබාධයන් පිළිබදව අපි විවිධ අවස්ථාවන් වල කථා කරල තියෙනවා. මේ අවස්ථාවේදී අප කථා කරන්න යන්නේ වකුගඩු බද්ධ කිරීමෙන් පසු ඇතිවිය හැකි තවත් විශේෂිත තත්වයක් පිලිබදවයි.
මෙම ලිපිය සැකසෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවිය හැකි රෝග තත්වයන් පිළිබදව සිදුකල පරීක්ෂණයක ප්‍රථිඵල ඇසුරිණි. මෙහිදී පරීක්ෂණ කණ්ඩායම් වශයෙන් නිරෝගී පුද්ගලයන් හා මේනවවිට වකුගඩු බද්ධ කිරීමක් සිදුකර ඇති පුද්ගලයන් යොදාගෙන තිබෙනවා.
එහීදී හෙලිවී ඇති කරුණු අනුව වකුගඩු බද්ධ කිරීමක් සිදුකල පුද්ගලයන්ගෙන් 12.5%ක් පමණ අඩු T3 හෝමෝන තත්වයක් පෙන්වන රෝගී තත්වයකින් පෙලෙන බව හෙලිවී තිබෙනවා. එලෙසම තවත් 7.5%ක් පමණ අඩු T4 හෝමෝන ප්‍රමාණයක් පෙන්වන අතර තවත් 17.5%ක ප්‍රමාණයක් හයිපොතයිරොයිඩිසම් ( තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම.) රෝගී තත්වයෙන් පෙලෙන බවත් හෙලිවී තිබෙනවා.
මෙලෙස වකුගඩු බද්ධ කල පුද්ගලයන් තෝරා ගැනීමේදී සමීක්ෂණ කණ්ඩායම විසින් බද්ධ කිරීමට පෙර රුධිර කාන්දුකරණය සිදුක කාලසීමාවද සලකා බලා තිබෙනවා. ඒ අනුව මාස 72කට අඩු කාලයක් රුධිරකාන්දුකරණය සිදුකල හා මාස 72කට වැඩි කාලයක් රුධිරකාන්දුකරණය සිදුකල පිරිස් අතර මෙම රෝගී තත්වය දිස්වීමේ වෙනස්කම් සොයාබලා තිබෙනවා. එහිදී අඩු T3 හෝමෝන තත්වයක් පෙන්වන රෝගීන් වැඩිපිරිසක් වාර්ථා වී ඇත්තේ මාස 72කට අඩු කාලයක් රුධිරකාන්දුකරණය සිදුකල පිරිස අතරින් බවයි. එලෙසම හයිපොතයිරොයිඩිසම් තත්වය වැඩි වශයෙන් වාර්ථා වීඇත්තේ මාස 72කට වඩා වැඩිකාලයක් රුධිර කාන්දුරණය සිදුකල පිරිස අතරෙනුයි.
කෙසේ හෝ මෙම පරීක්ෂණයෙන් අනතුරුව සම්පූර්ණ වාර්ථාව ඉදිරිපත් කරමින් එමසමීක්ෂකයන් පෙන්වා දී ඇත්තේ නිරෝගී පුද්ගලයන්ට සාපේක්ෂව වකුගඩු බද්ධ කල රෝගීන්ට පසුකාලීනව හයිපොතයිරොයිඩසම් රෝගී තත්වය ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවයි. එලෙසම අඩු T3 හෝමෝන ප්‍රමාණයක් සිරුර තුල පැවතීමේ ත්වය හේතුවෙන් පසුකාලීනය හෘදය ආශ්රිත රෝගී තත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් වකුගඩු බද්ධ කල රෝගීන්ට ඇති බවත් හෙලිවී තිබෙනවා.
එම නිසා ඔබ වකුගඩු බද්ධ කල පුද්ගලයෙකුනම් තයිරොයිඩ් ආශ්රිත සෞඛ්‍ය තත්වය පිලිබදව වැඩි අවදානයක් යොමුකල යුතුයි.ඒ සදහා කාලයෙන් කාලයට වෛද්‍ය උඵදෙස් පිළිපදිමින් තයිරොයිඩ් පරීක්ෂණය සිදුකල යුතුයි. එසේ පරීක්ෂණ මගින් යම් අවස්ථාවක ඔබට තයිරොයිඩ් ආශ්රිත යම් රෝගී තත්වයක් ඇති බව දැනගන්නට හැකි වූයේනම් ඒ සදහා මූලික අවදියේදීම ප්‍රතිකාර ආරම්භ කල හැකිවීම එසේ කාලයෙන් කාලයට පරක්ෂණ සිදුකිරීමේ වැදගත්කමක් ලෙස දැක්විය හැකියි.