වකුගඩු රෝගී වී ඇත්නම් කොලෙස්ටරෝල් ගැනත් ප්‍රවේශමෙන්

කොලෙස්ටරෝල් කියන්නේ මොනවාද?

කොලෙස්ටරෝල් කියන්නේ අපගේ රුධිරයේ හමුවන මේදයට සමාන සංයුතියක් ඇති සංයෝගයක්.කොලෙස්ටරෝල් අප ශරීරය තුලින්ම නිපදවෙන අතර අපගන්නා මස් හා වෙනත් සතුන් ආශ්‍රිත ආහාර වලිනුත් අපගේ සිරුරට කොලෙස්ටරෝල් ඇතුල් වෙනවා.

කොලෙස්ටරෝල් වැදගත් වන්නේ ඇයි?

අප සිරුර තුල ඇති කොලෙස්ටරොල් ප්‍රමාණය වැඩි වූ විට ඒවා රුධිර නාල තුල ඒවායේ බිත්තියේ තැන්පත්වීම සිදුවනවා.එමගින් රුධිර නාල පටු වන අතර ඇතැම් විට රුධිර නාල අවහිර වී සිරුරේ විවිධ ප්‍රදේශවලට රුධිරය ගමන් කිරීම නවතා දමනවා. මේ සිදුවීම අපගේ හෘදය තුල සිදුවූ විට තමයි හෘදයාබාධ ඇතිවන්නේ.

කොලෙස්ටරෝල් ප්‍රමාණය සෙවීම සදහා යොදාගන්නා පරීක්ෂණ මොනවාද?

lipid profile කියන පරීක්ෂණයෙන් තමයි අපගේ රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණයන් පරික්ෂා කෙරෙන්නේ. එමගින් අහිතකර කොලෙස්ටරෝල් ලෙස හදුන්වන අඩු ඝණත්ව ලිපොප්‍රොටීන් (Low density lipoprotein (LDL)) , හිතකර කොලෙස්ටරෝල් ලෙස හදුන්වන වැඩි ඝණත්ව ලිපොප්‍රෝටීන (high density lipoprotein (HDL) ) , ට්‍රයිග්ලිසරයිඩ් හා පූර්ණ කොලෙස්ටරේල් ප්‍රමාණයන් පරික්ෂා කෙරෙනවා.
රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණයට ආහාර වලින් සෘජු බලපෑමක් ඇති නිසා කොලෙස්ටරෝල් ප්‍රමාණය පරීක්ෂා කිරීමට අවශ්‍ය රුධිර සාම්පල ලබාගැනීමට පෙර පැය 12ක් නිරාහාරව සිටිය යුතුයි. එලෙසම එසේ ලබාගන්නා සාම්පල වලින් ලැබෙන ප්‍රථිළුල පුද්ගලයාගේ වයස අනුව වෙනස් වනවා.පහතින් දැක්වෙන්නේ ඒවායේ ප්‍රමාණයනුයි.

LDL
Cholesterol
HDL
Cholesterol
Total
Cholesterol
Triglycerides
ප්‍රශස්ත මට්ටම <100 mg/dL >60mg/dL F
>55mg/dL M
Desirable:
<200mg dl
Normal
<150mg dl
ප්‍රශස්ත මට්ටමට ආසන්න 100-129mg/dL
වැඩි කොලෙස්ටරොල් ප්‍රමාණයේ සීමාව 130-159mg/dL 200-239mg/dL 150-199mg/dL
වැඩි කොලෙස්ටරෝල් ප්‍රමාණය 160-189mg/dL >240mg/dL 200-499mg/dL
අධි කොලෙස්ටරෝල් ප්‍රමාණය >190mg/dL >500mg/dL

හෘද්‍යාබාධ ඇතිවීම සදහා වකුගඩු රෝගීන්ට බලපාන වෙනත් හේතූන් මොනවාද?

  • ඖෂධ මගින් හා ආහාර මගින් වැඩි කැල්සියම් ප්‍රමාණයක් සිරුරට ඇතුල් වීම
  • රුධිරයේ පොස්පරස් ප්‍රමාණය වැඩි වීම
  • පැරාතයිරොයිඩ් හෝමෝන ප්‍රමාණය වැඩිවීම වැනි හේතූන්ද බලපන්නට පුළුවන්. එලෙසම විශේෂයෙන් ව්‍යායාම නොකරන මෙන්ම සංතෘප්ත මේදය අධික හා කොලෙස්ටරෝල් අධික ආහාර පරිභෝජනය කරන පුද්ගලයන්ටද හෘද්‍යාබාධ ඇතිවීමේ වැඩි අවදානමක් පවතිනවා.

විශේෂයෙන්ම ඔබට වකුගඩු රෝගී තත්වයක් ඇතිනම් විශේෂයෙන් කොලෙස්ටරෝල් ප්‍රමාණයන් ගැන සැලකිලිමත් විය යුතුයි. එයට හේතු වන්නේ වකුගඩු රෝගීන් අතර හෘද රෝග සාපේක්ෂව වැඩි වීමයි. ඔබගේ රුධිරයේ වැඩි කොලෙස්ටරෝල් ප්‍රමාණයක් පවතීනම් වෛද්‍යවරයෙකු හමුවී අනිවාර්යයෙන් කොලෙස්ටරෝල් ප්‍රමාණයන් අඩු කෙරෙන ඖෂධ ලබාගත යුතුයි.

පහතින් සදහන් අධි කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ඇති අාහාර ගැනීම පාලනය කිරීම මගින් කොලෙස්ටරෝල් ප්‍රමාණයන් පාලනය කල හැකියි.

  • බිත්තර කහමදය
  • රතු පැහැති මස්
  • සොසේජස්
  • කේක් වර්ග
  • මාගරින්
  • පොප්කෝන්
  • චීස්
  • අර්තාපල් තීරු ( french fries)

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …