ඉන්ෆ්ලුවෙන්සා වැලදීම සදහා වැඩි අවදානමක් ඇත්තේ කාටද?
- ගර්භනී මව්වරුන්
- වයස අවුරුදු 5ට අඩු දරුවන්
- වයස අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්
- දීර්ඝ කාලීන රෝගී තත්වයන් ඇති පුද්ගලයන් (HIV/AIDS,හතිය,හදවත් හා පෙනහළු ආශ්‍රිත රෝග,දියවැඩියාව,වකුගඩු රෝග)
- සෞඛ්‍ය සේවයේ රැකියාවල නිරත වෘත්තිකයන්
එම නිසා ඉහත සදහන් කල ඇති වැඩි අවදානම් කාණ්ඩයේ පිරිස් අනිත් පුද්ගලයන්ට සාපේක්ෂව වැඩි පරිස්සමක් මේ රෝගී තත්වය සදහා දැක්විය යුතුයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව මෙම තත්වයෙන් වැලකීම සදහා ගතයුතු හොදම පියවර වන්නේ සෑම වසරකම ඒ සදහා වන එන්නත ලබාගැනීමයි. එලෙසම සෞඛ්‍ය වෘත්තිකයන් වැනි වැඩි අවදානම් කාලාපයේ සිටින පුද්ගලයන්ට සෑම වසරකම මෙම එන්නත ලබාගැනීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනවා.එන්නත ලබාගැනීම සැලකීමේදී ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්වයක් පැතිරයාම ආරම්භවීමට ප්‍රථම එන්නත ලබාගැනීම වඩාත් ප්‍රථිඵලදායක වූවත් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්වයක් පැතිර යන කාලයකදී වූවත් මෙම එන්නත ලබාගැනීමෙන් එම රෝගී තත්වය වැලදීමෙන් ආරක්ෂාවිය හැකියි.
ඊට අමතරව විශේෂයෙන් මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා තත්වයෙන් ආරක්ෂා වීමට හා ඉන්ෆ්ලුවෙන්සා තත්වය බෝවීම පාලනය කිරීම සදහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කල යුතුයි.
ඉන්ෆ්ලුවෙන්සා තත්වය වැලදී ඇති පුද්ගලයන් කහිනවිට හෝ කථාකරන විට හෝ කිවිසුම් යන විට මේ වෛරසය රෝගියාගෙන් තවත් පුද්ගලයෙකු වෙත ගමන්කල හැකියි. එම නිසා එවැනි රෝගීන් මෙන්ම එවැනි රෝගීන් හා ගනුදෙනු කරන පුද්ගලයන් පවා මුභ ආවරණ පැලදිය යුතුමයි. එලෙසම නිතරම සබන් යොදා දෑත් සේදීමත් කල යුතුයි.
ප්‍රතිකාර කරන්නේ කොහොමද?
ඉන්ෆ්ලුවෙන්සා තත්වය වැලදුන රෝගීන් ප්‍රමාණත් ලෙස ජලය පානය කල යුතු අතර විවේක ගත යුතුයි. පෙර සදහන් කල රෝග ලක්ෂණ ඇතිනම් ඔබ රෝහලක් වෙත ප්‍රතිකාර ලබාගැනීම සදහා කල යුතුයි. එහිදී ඔබව පරික්ෂා කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් ඔබට අවශ්‍ය ප්‍රතිකාර නිර්දේශ කරනු ඇත.
මෙහිදී වෛද්‍ය නිර්දේශය අනුව ඇතිවිය හැකි සංකූලතා මගහරවා ගැනීමට ප්‍රතිවෛරස ඖෂධ ඔබට ලබාදෙනු ඇති. විශේෂයෙන් මෙම ප්‍රතිවෛරස ඖෂධ රෝගයේ රෝග ලක්ෂණ පහලවී පැය 48ක් ඇතුලත ආරම්භකල යුතු නිසා රෝග ලක්ෂණ ඇතිවූ වහාම රෝහලක් වෙතගොස් ප්‍රතිකාර ලබාගත යුතුයි. එලෙසම ප්‍රතිජීවක (Antibiotics ) ඖෂධ වෛරස නිසා ඇතිවන රෝගී තත්වයන්ට ප්‍රතිකාර වශයෙන් භාවිතා කිරීමෙන් පලක් වන්නේ නැහැ.
http://www.who.int හි පලවූ ලිපියක් ඇසුරිණි.