වකුගඩු,මුත්‍රා වාහිනී,මුත්‍රාශය හෝ මුත්‍රා මාර්ගය වැනි මුත්‍රා පද්ධතියේ ඕනෑම ස්ථානයක ඇතිවන ආසාදනයක් හැදින්වෙන්නේ මුත්‍රා ආසාදනයක් ලෙසටයි. නමුත් මුත්‍රා ආසාදන වැඩි වශයෙන් ඇති වන්නේ පහළ මුත්‍රා පද්ධතියේ එනම් මුත්‍රාශය හෝ මුත්‍රා මාර්ගයේයි.එලෙසම පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය කෙටි බැවින් මුත්‍රා ආසාදන ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් කාන්තාවන්ට ඇත.
රෝග ලක්ෂණ
මුත්‍රා ආසාදනයන් ඇතිවන සෑම අවස්ථාවකම රෝග ලක්ෂන නොපෙන්වන නමුත් ඇති විය හැකි රෝග ලක්ෂණ හත පිරිදි දක්වන්නට පුළුවන්.
- මුත්‍රා පහකිරීමේ දැඩි අවශ්‍යතාවයක් ඇතිවීම
- මුත්‍රා දැවිල්ල
- විටින් විට මුත්‍රා පිටකිරීමට අවශ්‍යවීම හා එවිට සුළු වශයෙන් මුත්‍රා පිටවීම
- මුත්‍රා පැහැදිලි ස්වභාවයක් නොගැනීම
- රතු, තද රෝස හෝ කෝලා පැහැයෙන් යුතු මුත්‍රා පිටවීම ( මෙය මුත්‍රා වල රුධිරය ඇති බවට වන සාක්ෂියකි.)
- කාන්තාවන්ගේ ශ්‍රෝණිය ආශ්‍රිතව වේදනවෙක් ඇතිවීම – විශේෂයෙන් එහිදී ශ්‍රෝණියේ මැද ප්‍රදේශයේ මෙම වේදනාව ඇතිවේ.
මුත්‍රා ආසාදන වර්ග
මුත්‍රා පද්ධතියේ ආසාදනය ඇතිවන ස්ථානය අනුව එකිනෙකට වෙනස් රෝග ලක්ෂන ඇති වනවා.
මුත්‍රා පද්ධතියේ ආසාදනය වන ස්ථානය |
රෝග ලක්ෂණ |
---|---|
වකුගඩු |
|
මුත්‍රාශය |
|
මුත්‍රා මාර්ගය |
|
මුත්‍රා ආසාදන ඇති වීමට හේතු
මුත්‍රා මාර්ගය හරහා මුත්‍රා පද්ධතියට ඇතුළු වන බැක්ටීරියා මුත්‍රාශය තුල ගුනණය වීම මගින් මුත්‍රා ආසාදන ඇතිවීම සිදුවෙයි. සාමාන්‍යයෙන් මුත්‍රා පද්ධතිය නිර්මානය වී ඇත්තේ මේ ආකාරයේ විශබීජ වලට මුත්‍රා පද්ධතියට ඇතුළු වීමට නොහැකි ආකාරයට වූවත් එම ආරක්ෂක පද්ධතිය ඇතැම් අවස්ථාවන් වලදී බිදවැටීම සිදුවනවා. එවන් අවස්ථාවන් වලදී මුත්‍රා මාර්ගයට ඇතුළු වන බැක්ටීරියාවන් හේතුවෙන් මුත්‍රා ආසාදන ඇතිවනවා.
කලින් සදහන් කල පරිදිම කාන්තාවන්ට මුත්‍රා ආසාදන වැලදීමේ වැඩි අවස්ථාවක් ඇති අතර කාන්තාවකගේ ජීවිත කාලය තුල එක් වරකට වැඩි වාර ගනණක් මුත්‍රා ආසාදන තත්වයන් ඇති බවට සංඛ්‍යා ලේඛන සාක්ෂි දරනවා. සේ කාන්තාවට වැඩි වශයෙන් මුත්‍රා ආසාදන ඇතිවීමට හේතු අපි සලකා බලමු.
- කාන්තාවන්ගේ ශරීරය සෑදී ඇති ආකාරය – කාන්තාවන්ට ඇත්තේ පිරිමින්ට සාපේක්ෂව කෙටි මුත්‍රා මාර්ගයක් බැවින් බැක්ටීරියාවන්ට ඉතාමත් ඉක්මණින් මුත්‍රාශය වෙත ලගාවීමේ හැකියාව වැඩියි.
- ලිංගික ක්‍රියාකාරීත්වය – ලිංගිකව ක්‍රියාකාරී නොවන කාන්තාවකට සාපේක්ෂව ලිංගිකව ක්‍රියාකාරී කාන්තාවකට මුත්‍රා ආසාදන ඇතවීමේ වැඩි අවදානමක් ඇත.
- විවිධාකාරයේ උපත් පාලන ක්‍රම – උපත්පාලන ක්‍රමයක් වශයෙන් ඩයප්‍රමය භාවිතා කරන කාන්තාවන්ට ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් ඇති අතර ශුක්‍රාණු විනාශ කෙරෙන විවිධ ක්‍රම භාවිතා කරන කාන්තාවන්ටද ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් ඇත.
- ආර්තවහරණය – ආර්තවහරණයේදී ශරීරයේ තුල ඇති ඊස්ට්‍රජන් ප්‍රමාණයන් වෙනස්වීම් සිදුවන අතර එය මුත්‍රා පද්ධතියේ වෙනස්ක් සදහා හේතු වනවා. ඒ නිසාම ආර්තවහරණයට ලක්වූ කාන්තාවන්ට මුත්‍රා ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් ඇත.
වෙනත් හේතු
- මුත්‍රා පද්ධතියේ අසාමාන්‍යතාවයන් – උපදිනවිටම මුත්‍රා පද්ධතියේ හෝ මුත්‍රා මාර්ගයේ අසාමාන්‍යතාවයන් ඇති දරුවන්ට මුත්‍රා ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් ඇත.
- මුත්‍රා පද්ධතියේ අවහිරවීම් – වකුගඩු වල ඇතිවන ගල් හා පුරස්ථ ග්‍රන්ථිය ඉදිමීම වැනි හේතූන් නිසා මුත්‍රා මුත්‍රාශයෙන් පිටවීම අවහිරවීම මගින් මුත්‍රා ආසාදන ඇතිවීමේ අවදානම ඉහළ යයි.
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම
- කැතීටර් භාවිතා කිරීම – රෝහල්ගතවී සිටින,ස්නායු දුර්වලතාවයන් ඇති, හෝ අංශභාගය වැනි රෝගී තත්වයන් ඇති තනිවම මුත්‍රා කිරීමේ අපහසුතාවයන් ඇති රෝගීන්ට මුත්‍රා කිරීමේ පහසුව සදහා යොදනු ලබන කැතීටර් මගින්ට මුත්‍රා ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් ඇත.
ඇතිවිය හැකි සංකූලතාවයන්
පහළ මුත්‍රා පද්ධතියේ ඇති වන ආසාදනයන්ට නිවැරදි පරිදි ප්‍රතිකාර කල විට සංකූළතාවයන් ඇතිවීමේ අවදානම සාපේක්ෂව අඩුය. නමුත් නිසි පරිදි ප්‍රතිකාර නොකිරීමෙන් මුත්‍රා ආසාදන මගින් වවිධාකාරයේ බරපතල අතුරු ප්‍රථිඵල ඇතිවිය හැකිය.
- විටින් විට ඇති වන ආසාදනයන්
- නිසි ප්‍රතිකාර නොකිරීම නිසා ඇතිවන වකුගඩු ආබාධ
- අඩු උපත්බරක් සහිත හෝ නෙමේරූ ළදරුවන් බිහිවීමට ඇති ඉඩ වැඩිවීම
- මුත්‍රා ආසාදනය මුත්‍රා පද්ධතියේ ඉහළට පැතිරීම හා වකුගඩු වලට බලපෑම් ඇති කිරීම මගින් මරණීය ආසාදන තත්වයන් ඇතිවිය හැක.
මුත්‍රා ආසාදන වලින් වැලකිය හැකි ආකාරයන්
- හැකි තරම් ජලය පානය කිරීම- වැඩිපුර ජලය පානය කිරීම මගින් අපගේ මුත්‍රා සාන්ද්‍රණය අඩුවන අතර මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවය ඇතිවීමෙන් එම මුත්‍රා සමග බැක්ටීරියා මුත්‍රා පද්ධතියෙන් ඉවත්වීම සිදුවෙයි. ඉදිරිපස සට පිටුපසට පිරිසිදු කිරීම – මුත්‍රා කිරීමෙන් පසුව හෝ විශේෂයෙන් මළ පහ කිරීමෙන් අනතුරුව එම විශබීජ මුත්‍රා මාර්ගයට හෝ යෝනි මාර්ගයට ඇතුළු වීමෙ වැලැක්වීම සදහා ඉදිරිපස සිට පිටුපසට පිරිසිදු කිරීම.
- ලිංගික එක්වීමකින් පසු මුත්‍රාශය හිස් කර ගැනීම – වැඩිපුර ජලය පානය කර මුත්‍රා කිරීම මගින් එවැනි අවස්ථාවන් වල ශරීරයට එක්වන බැක්ටීරියාවන් ශරීරයෙන් ඉවත් කල හැක.
- උපත් පාලන ක්‍රමය වෙනස් කිරීම
https://www.mayoclinic.org ඇසුරිණි.