දිනෙන් දිනම ලොවපුරා සිදුවන විද්‍යාවේ දියුණුවත් ඒ තුල සිදුකරන්නාවූ නව වෛද්‍යවිද්‍යාත්මක වටිනාකමක් ඇති නිපැයුම් පිලිබදවත් විවිධ අවස්ථාවන් වලදී අප කථාකර ඇත්තෙමු. ඒ ආකාරයෙන්ම මේ අවස්ථාවේදී අප සූදානම් වන්නේ වකුගඩු රෝගී පුද්ගලයන්ට සහනයක් සැලසීම සදහා වෛද්‍යවරුන් ඇතුළු විද්‍යාඥයින් වසර 1970 පමණ සිට සිදුකරණ ලද පර්යේෂණ වලින් සාර්ථක ලෙස නිපැයුණු නිර්මාණයක් පිළිබදවය.
වකුගඩු වල ක්‍රියාකාරීත්වය නතර වූ පුද්ගලයන්ට වකුගඩු බද්ධ කිරීමක් සදහා යොමුවීමට නොහැකිනම් හා් යොමුවීම පමා වන්නේ නම් ජීවත්වීම සදහා වන එකම,පහසුම හා විශ්වාසනීයම පිළියම වන්නේ ඩයලයිසිස් ප්‍රතිකාරය සදහා යොමුවීමයි. එමගින් ඉතාමත් කාර්යක්ෂම ආකාරයෙන් රෝගියාගේ රුධිරය පිරිසිදු කෙරෙන අතර අතිරික්ත තරල ප්‍රමාණයන් සිරුරෙන් ඉවත් කිරීමත් සිදුකරයි. නමුත් මෙම ප්‍රතිකාර ක්රමයේ අවාසියක් වන්නේ ඒ සදහා විශාල කාලයක් වැයවීම,එක්තැනකට වී යන්ත්‍රයක් හා සම්බන්ද වී සිටීමට සිදුවීම හා එමගින් රෝගියාගේ ජීවන තත්වයට බලපෑමක් ඇති කිරීමයි.රෝගියාට සිදුවන්නාවූ මෙම අපහසුතාවයන්ගෙන් රෝගියාට පහසුවක් සැපයීම සදහා රෝගියාට පැලදිය හැකි කෘතිම වකුගඩුවක් එසේත් නැතිනම් ඩයලයිසිස් යන්ත්‍රයක් නිපදවීමට වර්ෂ 1970 සිටම වෛද්‍යවරු හා විද්‍යාඥයෝ තමන්ගේ කාලය වැය කලෝය. එහි ප්රථිඵලයක් වශයෙන් මේ වන විට එසේ පැලදිය හැකි කෘතිම වකුගඩුවක් නිපදවීමට විද්‍යාඥයින් සමත්වී ඇතැයි වාර්ථා වෙයි.
විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු වෙනත් රටවල් වල විද්‍යාඥයින් හා වෛද්‍යවරුන් විසින් විවිධාකාරයෙන් පැලදිය හැකි කෘතිම වකුගඩු නිපදවීමට පර්යේෂණ සිදුකලෝය. එහිදී විශේෂයෙන් රක්තකාන්දුපෙරණය හා පරිතානීයකාන්දුපෙරණය වෙන වෙනම සිදුකල හැකි උපකරණයන් මෙන්ම එම කාර්යයන් දෙකම සිදුකල හැකි එක් උපකරණයක් නිපදවීම සම්බන්දවත් පර්යේෂණ සිදුවෙමින් පවතී. මෙම උපකරණ නිර්මාණය කර ඇත්තේ බරින් අඩු කුඩා කොටස්වලින් වන අතර දීර්ඝකාලීනව ක්‍රියාත්මක වන බැටරිවලින්ද ඒවා සමන්විත වෙයි. එලෙසම එම යන්ත්රමගින් භාවිතා කරන ඩයලිසේට් නම් ද්‍රවණය නැවත නැවතත් ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවද සැපයීමට විද්‍යාඥයින් කටයුතු කරමින් සිටියි. මේ සියළුම පර්යේෂණයන්ගේ ප්රථිඵලයක් වශයෙන් නුදුරේදීම තමන්ගේ ඇදුම් යටින් කාටත් නොපෙනෙන ආකාරයෙන් පැලදිය හැකි ඩයලයිසිස් යන්ත්‍රයක් නිර්මාණය වනු ඇති.
මෙම පැලදිය හැකි වකුගඩුවලින් රෝගීන්ට ලැබෙන පහසුවට අමතරව තවත් වාසී කිහිපයක් හිමිවෙයි. මෙමගින් රෝගීන් වඩාත් සෞඛ්‍යසම්පන්නව තබන අතර එමගින් සිදුකරන රුධිරපීඩන පාලනයද සාපේක්ෂව හොද මට්ටමක පවතියි. එලෙසම තරල වර්ග නිසා සිදුවන බරෙහි වැඩිවීමත් අඩු අතර හෘදයමත යෙදෙන පීඩනයද සාපේකෂව අඩුවෙයි. ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා රෝගීන්ට ඇති ප්‍රධාන අපහසුතාාවයක් වන දැඩි ආහාර පාලනයටද මෙමගින් යම් සහනයක් ලැබෙන බව මෙහි නිර්මාතෘවරුන් සදහන් කරයි.
මේ වන විට මෙම පැලදිය හැකි කෘතම වකුගඩුව මිනිසුන් යොදාගනිමින් අවස්ථා තුනකදී පරික්ෂා කර ඇති අතර එම අවස්ථාවන් තුනේදීම පරීක්ෂණ සාර්ථක වී ඇත. ඉදිරියේදී තවත් අවස්ථා දෙකකදී මෙම කෘතිම වකුගඩුව පරික්ෂාවට ලක්කිරීමට නියමිත අතර එම පරීක්ෂණ සාර්ථක වීමෙන් පසු බොහෝ විට සාමාන්‍ය ජනතාවගේ ප්‍රයෝජනය සදහා මෙම කෘතිම අවයවය නිකුත් කෙරෙනු ඇති. මෙහි කුඩා බැටරියක් ඇති අතර එය රාත්‍රී කාලයේදී නැවතත් ආරෝපනය කල හැකිය. මෙම සම්පූර්ණ උපකරණයේ බර රාත්තල් දෙකක් පමණ වනු ඇති බවයි වාර්ථා වන්නේ.
මේ වන ිවට ලොවපුරා වකුගඩු රෝගීන් රාශියක් මෙම නව වකුගඩුව රෝගීන් සදහා ඉදිරිපත් කරන තුරු ඉතාමත් බලාපොරෝතුතවෙන් පසුවන නමුත් මෙහි නිෂ්පාදකයන් පවසන්නේ මින් පෙර පර්යේෂණ මට්ටමේදී ඇතිවූ ගැටළු නිරාකරණය කර ගැනීම සදහා මේ වන විට උපකරණය වැඩිදියුණු කරමින් පවතින බවයි. ඒ අනුව තවත් වසර කිහිපයකින් මෙම පැලදිය හැකි කෘතිම වකුගඩුව වෙලදපොලට නිකුත් වෙනු ඇති.