ප්‍රෙඩ්නිසොලෝන් හදුන්වන්නේ ජීවිත රැකගන්නා ඖෂධයක් ලෙසටයි. නමුත් එම ඖෂධය දීර්ඝකාලීන භාවිතයේදී ඇති කරන අතුරු ආබාධ විශාල ප්‍රමාණයකුත් තිබෙනවා. ඇසේ සුද ඇතිවීම කියන්නේත් දීර්ඝ කාලයත් තිස්සේ ප්‍රෙඩ්නිසලෝන් ලබාගන්නා රෝගීන්ට බහුල වශයෙන් ඇතිවන අතුරු ආබාධ තත්වයක්.
ඇසේ කාචයේ ඇතිවන ඝණ වීම් වැනි හේතූන් නිසා කාලයත් සමග ඇස් පෙනීම අඩුවීම ඇසේ සුද ඇති වීමේදී සිදුවෙනවා.
කැමරා කාචයකින් සිදුවන ක්‍රියාකාරීත්වයට සමානම ක්රියාකාරීත්වයක් ඇති අපගේ ඇසේ කාචය මගින් විවිධාකාරයේ වස්තූන්ගේ සිට පැමිණෙන ආලෝක කිරණ එකතු කර ඇසේ දෘෂ්ඨි විතානය මත පතිත කිරීම සිදුකරනවා.එමගින් තමන් අපේ පෙනීම ඇතිවන්නේ. නමුත් යමකිසි හේතුවක් මත ඇස් කාචය ඝනවීමක් හෝ කාචයේ වක්රභාවයේ වෙනසක් සිදුවුවහොත් අපගේ පෙනීම අපහැදිලි වීමට පටන්ගන්නවා.
ප්‍රෙඩ්නිසොලෝන් භාවිතා කරන්නනන්ට සුද ඇතිවන්නේ ඇයි?
තරුණ වයසේ පසුවන පුද්ලයන්ගේ ඇසේ සුද ඇතිවීමට මූලිකම සාධකයක් වන්නේ දීර්ඝකාලීන ප්‍රෙඩ්නිසොලොන් භාවිතය වන අතර විවිධාකාරයේ ක්‍රම කිහිපයක් හරහා එලෙස ඇසේ සුද ඇතිවීම සිදුවනවා.
- ඇසේ පටක හරහා සිදුවන අයන චලනයන් වෙනස් වීමෙන්,ආස්‍රැතිය හරහා ජලය අක්ෂි කාචය තුලට ඇතුළු වීමත් ඒ නිසා අක්ෂිකාචය ඉදිමීමත් මගින්
- පරිවෘතියේ වෙනස්කම් සිදුවීම මගින්
- ප්‍රෝටීන අස්වාභාවීකරණය මගින් වැනි ක්‍රම හරහා ප්‍රෙඩ්නිසොලොන් භාවිතාකරන්නන්ගේ එසේත් නැතිනම් ස්ටෙරොයිඩ් වර්ගයේ ඖෂධ භාවිතා කරන්නන්ගේ ඇස් වල සුද ඇතිවීම සිදුවනවා.
ඔබ ප්‍රෙඩ්නිසොලෝන් වැනි ස්ටෙරොයිඩමය ඖෂධ භාවිතා කරන්නේ නම් ඇසේ සුද ඇතිවීම මගින් ඇස් පෙනීම අහිමිවීමට පෙර ඇතිවිය හැකි රෝග ලක්ෂණ පිළිබදව සැලකිලිමත් වීම වැදගත් වනවා. විශේෂයෙන් අසේ පෙනීම අඩුවනවා සේ දැනීම, ඇස් කණ්ණාඩි විටින් විට වෙනස් කිරීමට සිදුවීම, මද ආලෝක තත්වයන් වලදී ඇස් පෙනීම පවත්වාගැනීමට අපහසුවීම වැනි තත්වයන් ඉහත සදහන් කල අවස්ථාවන් වල මූලික ලක්ෂණ විය හැකියි.
( වකුගඩු බද්ධ කල හා ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා මෙන්ම දීර්ඝකාලීනව ප්‍රෙඩ්නිසොලෝන් ලබාගත් පුද්ගලයන් 275ක් යොදාගනිමින් කල සමීක්ෂණයකදී එම පුද්ගලයන් 40.7% කට ප්‍රෙඩ්නිසොලොන් නිසා ඇතිවන ඇසේ සුද තත්වයන් ඇතිවී තිබෙන බව හෙලිවී ඇත. එලෙසම ඉන් 18.5%ක් ශල්‍යකර්මයක් මගින් ඇසේ සුද ඉවත්කිරීමට මුහුණ දී ඇත. )
ඇසේ සුද ඇතිවීමට ඇති අවස්ථාවන් අඩු කරගැනීමට පුළුවන්ද?
ප්‍රෙඩ්නිසොලෝන් නිසා ඇතිවන වෙනත් අතුරු අබාධයන් වන, මුහුණ මහත්වීඹ,කුරුලෑ ඇතිවීම,බර වැඩිවීම වැනි තත්වයන් නැවතත් යථා තත්වයට පත්කරගැනීමට හැකියාව පැවතියත් ඇසේ සුද ඇතිවූ විට එය යථා ත්වයට පත්කරගැනීමනම් අපහසුයි.
ඇසේ සුද ඉවත්කිරීම සදහා ඖෂධයක් නොමැති අතර ශල්‍යකර්මයක් මගින් එම කාචය ඉවත් කර වෙනත් කාචයක් යෙදීම මගින් එම තත්වය නිවැරදි කරගත හැකියි. ඔබ දීර්ඝකාලීනව ප්‍රෙඩ්නිසොලොන් ලබාගන්නේ නම් මාස 6කට වරක්වත් අක්ෂි වෛද්‍යවරයෙකු මුණ ගැසී ඇසේ තත්වය පරික්ෂා කර ගැනීම වැදගත් වනවා.
ප්‍රෙඩ්නිසොලෝන් භාවිතය මගින් ඔබගේ අසේ සුද තත්වයක් වර්ධනය වී ඇතිනම් කාලයෙන් කාලයට වෛද්‍ය උපදෙස් මත ඔබගේ අක්ෂි පරික්ෂා කරගැනීමට හා ඇස් කණ්ණාඩි අවශ්‍ය පිරිදි වෙනස් කරගැනීමත් සිදුකල යුතුයි. බොහෝ අවස්ථාවන් වලදී දුර පෙනීමට මෙන්ම ලග පෙනීමටත් වශයෙන් නිර්මාණය වීඇති කණ්ණාඩි පැලදීමට සිදුවෙනවා. යම් අවස්ථාවක ඔබගේ පෙනීම යථා තත්වයට පත්කිරීමට ශල්‍යකර්මයක් සිදුකල යුතු බව වෛද්‍යවරුන් විසින් නියම කරන අවස්ථාවකදී එම ශල්‍යකර්මය සිදුකල යුතු අතර නැතිනම් ඔබගේ පෙනීම අහිමිව යා හැකියි. ශල්‍යකර්මය සදහා කිසිදු බියක් ඇතිකරගත යුතු නොවන අතර එමගින් අතුරු ආබාධයන් ඇතිවීමේ හැකියාවද අවමයි. එලෙසම ශල්‍යකර්මයෙන් පසු ඔබගේ ඇස් පෙනීමේ සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇති බවත් ඔබට දැනේවි.