කරුණාකර වකුගඩු බද්ධයෙන් පසු ප්‍රවේශම් වන්න. නැතිනම් ..

 

මම මේ කථාව කියන්නේ මං ගැනනම් නෙවෙයි මාගේ ආදරණීය ලොකු අක්කා ගැන.
කථාව මගේ නොවුනත් මගේ අක්කාත් සමග මං ලැබූ අත්දැකීම්  ඔබත් එක්ක බෙදාගන්න මං තීරණය කලේ එමගින් kidneyinfolk.com කියවන සෑම දෙනාටම හොද පාඩමක් ඉගෙන ගන්න පුළුවන් කියල මං හිතන නිසයි.

මාගේ අක්කාට වකුගඩු රෝගී තත්වයක් අැති බව අපට දැනගන්නට ලැබුනේ මීට වසර 6කට පමණ පෙරයි. ඒ අක්කාගේ දිගින් දිගටම පැවැති කොන්දේ කැක්කුමකට සිදුකර වැඩිදුර ප්‍රතිකාර මගිනුයි. අපි රෝගී තත්වය හදුනාගන්නා විට අක්කාගේ රුධිරයේ ක්‍රියටිනින් මට්ටම 3.6ක් වී තිබුණා.

පසුව අපි මසකට වරක් වකුගඩු සායනයක් සහභාගී වෙමින් ප්‍රතිකාර සිදුකරා. කාලයත් සමග ක්‍රියටිනින් මට්ටම වැඩිවූ අතර වසර එක්හමාරක් පමණ යන විට වෛද්‍ය නිර්දේශයට අනුව ෆිස්ටියුලාවක් නිර්මාණය කෙරුණා. ඉන්පසු ඩයලයිසිස් ප්‍රතිකාරය ආරම්භ කර අතර වෛද්‍යවරුන් පැවසුවේ වකුගඩු බද්ධ කිරීමක් සදහා ගැලපෙන වකුගඩුවක් සෙවීම ආරම්භ කරන ලෙසටයි. එම කටයුතු කිරීමෙන් අනතුරුව අක්කාගේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකරනු ලැබුවා.

නමුත් මම මේ කථාව කියන්නේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය ගැන කථා කරන්නට නෙවෙයි. වකුගඩු බද්ධ කිරීමෙන් පසු ප්‍රවේශම් වීම ගැන කථා කරන්නටයි. මොකද මගේ අක්කා ප්‍රවේශම් නොවීම නිසා මේව වන විට එයා අපි අතර නැහැ.

අක්කාගේ වකුගඩු බද්ධ කිරීම සිදුකරන්නේ 2015 වසරේ අවසන් භාගයේදීයි.ශල්‍යකර්මයේ අඩුපාඩුවක් නැතිව සිදුවුණා. රොහලේ සියළුම කටයුතු සාර්ථකව සිදුකෙරුණ බවත් මම කියන්නටම අවශ්‍යයි.

මුල් වසරක කාලය තුල අපගේ බලපෑම මත වගේම අක්කාගේ පසුගිය අත්දැකීම් මතකයේ ඇති  නිසාත් අක්කාත් වෛද්‍යනිර්දේශයන්ට අනුවම ප්‍රවෙශම් වුනා. ඒ කාලයේදී පර්යේෂණ වාර්ථාවන් වන ගැටළුකාරී තත්වයන් තිබුනේත් නැහැ. නමුත් කාලයත් සමග අක්කාට තමන්ගේ රෝගී තත්වයේ ඇති බරපතල කම දැනීම අඩු වන්නට පටන් ගත්තා. එයාගේ ප්‍රවේශමත් ටිකෙන් ටික අඩුවුණා. අපි හැමදෙනාම වගේම රෝහලේ වෛද්‍යවරුන් පවා දිගින් දිගටම එයාට අවවාද කරත් එයාගේ හැසිරීමේ වෙනසක් වුනේ නැහැ. ආහාර වලින්,ගමන්බිමන් වලින්,බෙහෙත් නිසිපරිදි ගැනීමෙන් වාගේ දෙවල් පවා එයා එච්චර තැකීමක් කරේ නැහැ.

ශල්‍යකර්මයෙන් පසු වනසර දෙකක් පමණ පසු වූ විට අක්කාට විටින් විට මුත්‍රා ආසාදන ඇතිවන්නට පටන් ගත්තා වගේම සෑම අවස්ථාවකදීම ඇයව රෝහල් ගතකරන ලෙස වෛද්‍යවරුන් දන්වා සිටියා. ඒ වාගේම උණ තත්වයන් අතිවන අවස්ථාවන් ද වැඩිවුණා. කෙසේ හෝ මාස 5ක් 6ක් පමණ යන විට අක්කාගේ ක්‍රියටිනින් මට්ටම නැවතත් වැඩිවීමට පටන් ගත් අතර වෛද්‍යවරුන් විසින් බයොප්සි පරික්ෂාවක් සිදුකර ඇයගේ වකුගඩුව ප්‍රතික්ශේප වීම ආරම්භ වී ඇති බව කියා සිටියා. නැවතත් ඇයට ඩයලයිසිස් ප්‍රතිකාරය ආරම්භ කරනන්ට සිදුවූ අතර වකුගඩු බද්ධ කල දිනයේ සිට මේ තත්වය ඇතිවීමට ගතවුයේ වසර 3ක් පමණ කාලයක් පමණයි.

ඒ වන විට නැවතත් වකුගඩු බද්ධ කිරීමක් සිදුකිරීමට ප්‍රමණවත් සෞඛ්‍ය තත්වයක් ඇය පසුවුනේ නැහැ. අතුරු ආබාධ රාශියකින් ඇය පීඩි වින්දා.කාලයත් සමග ඇයගේ තත්වය නරක අතට පත්වුනු අතර මේ වන විට ඇය අපට හැරගොස් මාස කිහිපයක් වනවා.

ඉතින් මේ කථාව මම ඔබට කියන්නේ අනවශ්‍ය බියක් ඇති කරගන්නට නොවෙයි. මම මේ කථාව කියන්නේ වකුගඩු බද්ධයෙන් පසුව නිවැරදිව ප්‍රවේශම් වන ලෙසටයි. නිවැරදිව නිවැරදි මාත්‍රාවන්ගේන් නිවැරදි වේලාවට බෙහෙත් බොන ලෙසටයි. වෛද්‍යවරු විසින් ඇතැම් අවස්ථාවන් වලදී නිර්දේශ කරන පරීක්ෂන ඒ ආකාරයෙන්ම සිදුකරමින් නිවැරදිව වෛද්‍යවරුන්ට තමන්ගේ සෞඛ්‍ය තත්වය දැනගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසටයි. වැඩි පිරිසක් සහභාගී වන ස්ථාන හැකි පමණ මගහරින ලෙසටයි. ගෙදරින් පිට ආහාර ගැනීමේ අවස්ථාවන් හැකි පමණ වලක්වා ගන්නා ලෙසටයි.

මොකද ඒ දෙවල් මගේ අක්කා අතින් මගහැරණ නිසා එයා ට ජීවිතයෙන් වන්නදි ගෙවන්නට සිදුවණා. නමුත් එ සියළුම කටයුතු නිවැරදිව සිදුකරන මේ වන් විට වකුගඩු බද්ධ කර වසර 15ක් 20ක් හෝ ඊට වැඩි මේ වන විට ත් ඉතාමත් හොද සෞඛ්‍ය තත්වයේ පසුවන බොහෝ දෙනෙක් අපට සායන වලදී මුණගැසී තිබෙනවා. ඒ නිසා නිවැරදි ලෙස ප්‍රවේශම් වනවානම් අනිවාර්යයෙන්ම ඉතාමත් සාර්ථක දිවියක් ගතකරන්නට හැකියි.

About freddy

Check Also

වකුගඩු ජාවාරම් කථා අස්සේ අමතකව ගිය වකුගඩු රෝගින්ගේ ඇත්ත කථාව ..

බොරැල්ල ප්‍රදේශයේ රෝහලක සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් ගැන මේ දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල මෙන්ම විවිධ …