වකුගඩු රෝගීන්ට හානිකර ඖෂධ මොනවාද?

ඔබ ඕනෑම රෝගී තත්වයකට ප්‍රතිකාර වශනේ ලබාගන්නා ඖෂධ ඔබගේ ශරීරයෙන් ඉවත් වීමට පෙර අනිවාර්යයෙන්ම ඔබගේ වකුගඩු හරහා ගමන් කරනවාමයි. ඒ නිසාම නිවැරදි වෛද්‍ය නිර්දේශයකින් තොරව හිතුමතේ ඖෂධ ගැනීම ඔබගේ සමස්ථ සෞඛ්‍ය කෙරෙහි මෙන්ම වකුගඩු කෙරෙහිත් ඉතාමත් අහිතකර ලෙස බලපෑම් සිදුකරනවා.

වේදනා නාශක

ඇස්ප්‍රින්,නැප්‍රොක්සන්,බ්රුපන්,ඩික්ලොෆෙනැක්,වැනි වේදනානාශක ඖෂධ අධික මත්‍රාවලින් ලබාගැනීම අනිවාර්යයෙන්ම ඔබගේ වකුගඩු වලට බලපෑම් ඇති කරනවා. කිසිදු අවස්ථාවක මෙවැනි ඖෂධ නිවැරදි වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිතා නොකල යුතුයි.

මධ්‍යසාර

අධික මැත්පැන්පානය ඔබගේ අක්මාව කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන බව ඔබ අසා ඇති. එලෙසම මධ්‍යසාර විශාල ප්‍රමාණ වලින් ශරීරගත වීම ඔබගේ වකුගඩු වලටද ඉතාමත් අහිතකරයි.

ප්‍රතිජීවක ඖෂධ

විවිධ විෂබීජ ආසාදන අවස්ථාවන් වලදී එයට ප්‍රතිකාර වශයෙන් ලබාගන්නා ප්‍රතිජීවක ඖෂධ නිවැරදි ආකාරයෙන් නොගැනීම නිසා වකුගඩු වලට හානි සිදුවන්නට පුළුවන් සේම ඔබගේ සෞඛ්‍ය තත්වයට නොගැලපෙන ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීමත් ඉතාමත් අහිතකරයි. මෙහිදී විශේෂයෙන් එම ප්‍රතිජීවක ඖෂධ වල අතුරු ආබාධ කෙරෙහි දැඩි අවදානයක් යොමු කල යුතුමයි. ඒ නිසාම නිවැරදි වෛද්‍ය නිර්දේශයකින් තොරව මෙවැනි ඖෂධ ලබාගැනීම නොකල යුතුයි.

මුත්‍රාකාරක (Laxatives)

සාමාන්‍යයෙන් මුත්‍රාකාරක ඖෂධ වකුගඩු කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන්නේ නැහැ. නමුත් නිවැරදි මාත්‍රාවන්ගෙන් තෙරව හිතුමතේ මෙවැනි ඖෂධ ගැනීම වකුගඩු වලට මෙන්ම ඔබගේ රුධිර පීඩන පාලනය කෙරෙහිත් බලපෑම් ඇති කරන්නට පුළුවන්.

නීතිවිරෝධී ඖෂධ

මේ වන විට මෙරටට විශාල තර්ජනයක් වී ඇති හෙරොයින් කොකොන් පවා ඔබගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් ඇති කරනවා. එවැනි දේ මගින් අධිරුධිර පීඩනය ඇති වීම,වකුගඩු දුර්වල වීම හා වකුගඩු අකරණි තත්වයන් ඇති වීම,අඝාත තත්වයන් ඇති වීම,හෘද්‍යාබාධ ඇති වීම හා මරණය පවා සිදුවිය හැකියි.

මෙවැනි තත්වයන් ඇති වීම මගහරවා ගන්නේ කෙසේද?

  • සුදුසුකම්ලත් වෛද්‍ය නිර්දේශයකින් තොරව කිසිදු ඖෂධයක් භාවිතා කිරීමෙන් වැලකීම.
  • ඔබේ මිතුරෙකු හෝ වෙනත් පුද්ගලයෙකු විසින් කිසියම් හෝ අවස්ථාවක මොනම හේතුවක් මතහෝ ඔබට ලබාදෙන ඖෂධ ලබාගැනීමෙන් වලකින්න.
  • යම් කිසි ඖෂධයක් ලබාගැනීමෙන් පසුව ඔබට ශරීරයේ යම් වෙනස්කම් සිදුවේනම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …