වකුගඩු බයොප්සි පරීක්ෂණයේදී සිදුවන්නේ විශේෂිත අන්වීක්ෂ මගින් පරික්ෂා කිරීම සදහා වකුගඩු පටක වල ඉතාමත් කුඩා කොටසක් හෝ කොටස් කිහිපයක් ( සාම්පල) ලබාගැනීමයි.
මේ ආකාරයෙන් වකුගඩු වල කුඩා පටත කොටස් ලබාගැනීම කාර දෙකකින් සිදුවනවා.
- Percutaneous biopsy: මෙහිදී සිදුවන්නේ සම හරහා යවන විශේෂිත ඉදිකටුවක් මගින් වකුගඩු පටක වල කොටස් ලබාගැනීමයි. මෙහිදී ඉදිකටුව නිවැරදි ලෙස වකුගඩව වෙත හැසිරවී සදහා ultrasound ස්කෑන් යොදාගන්නවා.
- Open biopsy: මෙහිදී සිදුවන්නේ ශල්‍යකර්මයක් මගින් වකුගඩුවේ සාම්පල ලබාගැනීමයි.
වකුගඩු වල බයොප්සි කරන්නේ ඇයි?
ඇතැම් වකුගඩු රෝග සාමාන්‍ය රුධිර පරීක්ෂණ වලින් හෝ මුත්‍රා පර්යේෂණ වලින් හදුනාගත හැකි අතර ඇතැම් අවස්ථාවන් වලදී ස්කෑන් පරීක්ෂණ,ඒක්ස් – රේ පරීක්ෂණ මගින් පවා රෝගී තත්වයන් හදුනාගත හැකැයි.
නමුත් ඉහත සදහන් අවස්ථාවන් වලින් වකුගඩු රෝගයේ නිවැරදි හේතුව හෝ ව්‍යාප්තිය පිළිබදව විශ්වාසනීය තොරතුරු ලබාගත නොහැකි අවස්ථාවන් වලදී මෙන්ම වකුගඩු බද්ධ කිරීමකින් පසු වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩුවන අවස්ථාවන් වලදීත් වකුගඩු බයොප්සි පර්යේෂණ මුලීක පරීක්ෂනය වශයෙන් යොදා ගන්නවා.
බයොප්සි පර්යේෂණ සිදුකන විශේෂිතම අවස්ථාවන් වන්නේ
- මුත්‍රා සමග ලේ පිටවීම හෝ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම
- රුධිර පරීක්ෂන වල අසාමාන්‍ය ප්‍රථිඵල
- හේතු හදුනාගත නොහැකි තාවකාලික හා දීර්ඝකාලීන වකුගඩු අකරණිය.
- වකුගඩු වල ක්‍රියාකාරී ඒකකයන්ගේ රෝගී තත්වයන්
බයොප්සිය සිදුකරන තවත් අවස්ථාවන්
- වකුගඩු වට හානි සිදුවී ඇති ප්‍රමාණය දැනගැනීම සදහා
- බද්ධ කල වකුගඩුවක් නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න දැනගැනීම සදහා
- වකුගඩු වල පිළිකා හෝ ගැටිති වැනි අවස්ථාවන් හදුනාගැනීම සදහා
- විවිධ අසාමාන්‍ය තත්වයන්
අවස්ථාවන් වලදීද වකුගඩු සදහා බයෝප්සි පරීක්ෂන සිදුකරනවා.
ඔබට වකුගඩු බයොප්සි පරීක්ෂණයක් සිදුකිරීමට ප්‍රථම එම පරීක්ෂණය සිදුකිරීමට හේතුව වෛද්‍යවරුන් විසින් ඔබට පැහැදිලි කරන දෙනවා. එසේ යම් පර්යේනයක් සිදුකිරීමට පෙර එහි වාසි /අවාසි/සිදුකිරීමට හේතුව හා අවශ්‍ය විස්තර රෝගියා වෙත ලබාදීම නීතිමය අවශ්යතාවයක්දවන අතර සාදාචාරත්මක අවශ්‍යතාවයක්ද වනවා. මේ සියළුම විස්තර ඔබට පැවසූ පසු හා ඔබ ඒවා තේරුම්ගත් පසු වෛද්‍යවරුන් විසින් ඔබට මේ සදහා කැමැත්ත පලකරන ලිපියක් අත්සන් කිරීම සදහා ලබාදෙනවා. එම ලිපිය අත්සන් කිරීමට පෙර මෙම පරීක්ෂණයෙන් ඇතිවිය හැකි ආබාධ පිලිබදව ඔබ දැනුවත් විය යුතුය. (නමුත් විශේෂයෙන්ම සදහන් කල යුතුයි අතරු ආබාධ වලට බියවී පරීක්ෂන මගහැරීමෙන් තවත් ගැටළු රාශියක් ඇතිව හැකියි. )
බයොප්සි පරීක්ෂනයෙන් ඇතිවිය හැකි ගැටළු මොනවාද?
වකුගඩු බයොප්සි පරීක්ෂණ වලින් ඇති විය හැකි අතුරු ආබාධ බොහොම අඩුයි. මෙය ශල්‍යකර්මයක් වැනි පරීක්ෂණයක් හේතුවෙන් ඒ හා සම්බන්ද ගැටළු කලාතුරකින් ඇති විය හැකියි.නමුත් එවැනි ආබාධ අවමවන ආකාරයෙන් කටයුතු කරන්නට වෛද්‍යවරන්ට හැකියි.
බයොප්සි පරීක්ෂණය සිදුකරන්නේ කෙසේද?
මෙම පරීක්ෂනය සිදුකිරීමෙන් පසු සාමාන්‍යයෙන් එක් දිනයක් පමණ රොහලෙ සිටීමට සිදුවනවා. පරීක්ෂණයෙන් පසු මුනින් අතට මැරී හෝ බද්ධ කල වකුගඩුවක පරීක්ෂණය සිදුකරන විට සාමාන්‍ය ලෙසත් ඇදක නිදා සිටීමටඔබට සිදුවනවා.
Percutaneous biopsy:
ස්කෑන් පරීක්ෂනයක් මගින් වකුගඩු ඇති තැන නිවැරදිව දැනගැනීමෙන් පසු බයොප්සි පරීක්ෂණය සිදුකරන ස්ථානය ඔබගේ සම මත ලකුණු කර අතර බයොප්සි ඉදිකටුව ඇතුල් කරන ස්ථානයේ පිරිසිදු කිරීම සිදුකරනවා.ඉන්පසු එම ස්ථානය සදහා නිර්වින්දන කටයුතු සිදුකරන අතර බයොප්සි කටුව ඇතුල් කරන විට ගැඹුරු හුස්මක් ගෙන එය රදවා ගනා ලෙස වෛද්‍යවරුන් විසින් ඔබට දැනුම් දෙනවා. කටුවඔ බගේ හම හරහා වකුගඩුව වෙත ගමන් කරන විට ” පොප් ” ශබ්දයක් ඇතිවන අතර පීඩනයක් දැනෙන්ත් පුළුවන්. නමුත් ඔබ නොසෙල්වී බිය නොවී වෛද්‍ය උපදෙස් පරිදි හුස්ම රදවාගෙනසිටිය යුතුයි.
ඇතැම්විට අවශ්‍ය ප්‍රමාණයට සාම්පල ලබාගැනීමට දෙවරක් බයොප්සි කටුව ඇතුල් කිරීමට සිදුවනවා. අවශය පිරිදි සාම්පල් ලබාගැනීමෙන් පසු එම ස්ථානයට ප්ලාස්ටරයක් අලවනු ලබනවා.සාමාන්‍යයෙන් වකගුඩු බයොප්සි පරීක්ෂණය සදහා පැයක පමණ කාලයක් ගතවනවා.
Open kidney biopsy:
ඇතැම් රෝගීන්ට percutaneous biopsy සිදුනොකරන අතර එවැනි පුද්ගලයන්ට open operation පරීක්ෂණය සිදුකරනවා. මෙහිදී ශල්‍යවෛද්‍යවරයාට ඔබගේ වකුගඩු පැහැදිලිවම දැකගත හැකි අතර එමනිසා වඩාත් හොද සාම්පල ලබාගත හැකියි.
පරීක්ෂණයෙන් පසු
සාමාන්‍යයෙන් පැය 12ක් 24ක් පමණ ඇදට වී සිටීමට සිදුවනවා. ඇදට වී මේ ආකාරයෙන් සිටීම ඔබට පර්යේෂණයසිකු ල ස්ථානය ඉක්මණිනින් සුව වීමට හේතුවනවා.එමනිසා අතුරු ආබාධයක් වශයෙන් රුධිර ගැලීම් ඇතිවීමේ අවදානම අඩුවනවා.
ඔබ ඇදට වී සිටින කාල සීමාව තුලරුධිර පීඩනය මෙන්ම හෘද ස්පන්දනයද දිගින් දිගටම මැන බැලෙනවා. ඒවාගේස රුධිර පරීක්ෂණය සිදුකරන අතර පරීක්ෂණය සිදුකරන ස්ථානයේ රුධිරගැලීම් ඇතිවන බවට සැක සහිතනම් වෛද්‍යවරුන් විසින් ඒ සදහා අවශ්‍යකරන පියවර ගනු ලබනවා.
එලෙසම නිවසට යෑමෙන් අනතුරුව ප්‍රවේසම් විය යු ආකාරය පිලිබදව වෛද්‍යවරුන් විසින් ඔබට දැනුම් දෙනවා.බර භාණ්ඩ ඉස්සීම, අධික ව්‍යායාම, ගැටෙන ක්‍රීඩා සිදුකිරීම හා ලිංගික එක්වීමත් සති දෙකක පමණ කාලයක් සදහා නවතා දැමිය යුතුයි. ඔබට සිදුකරේ open biopsy රීක්ෂණයක්නම් ඒ සදහා වන විශේෂිත ප්‍රවේශම් වීමඔබ බ වෛද්‍යවරුන්ගෙන් අනිවාර්යෙයෙන් දැනගත යුතුයි.
අනිවාර්යයෙන්ම මතක තබාගත යුතු දේවල්.
බයොප්සි පරීක්ෂණයට පෙර
- ඔබගේ වෛදය්‍යවරයා සමග සාකච්ඡා කොට පර්යේෂනය පිලිබදව ඔබට දැනගත යුතු සියළු දේ අසා දැනගතයුතු යි.
- ඔබට ඇති ආසාත්මිකතාවයන් හාඔ බ බාගන්නා ඖෂධ ගැන ඔබගේ වෛද්‍යවරයා දැනුවත් කරන්න.
- රුධිරය තුනී කරන ඖෂධ නවත්වන්න.
පරීක්ෂණයෙන් පසු:
- අනිවර්යයෙන්ම වෛද්‍ය උඵදෙස් පිළිපදින්න
- පැය 12-24ත්අතර කාලයක් ඇදට වී සිටින්න.
- රුධිරය තුනි කරන ඖෂධ තවත්වන්න.
- පහත සදහන් ලක්ෂන පහළ වුවහොත් අනිවාර්යෙන් ඔබගේ වෛද්‍යවරයා වෙත දන්වන්න.
- පරීක්ෂණයෙන් පැය 24ක් ඇතුලත මුත්‍රා සමග ලේ පිටවීම.
- මුත්‍රා පිටකිරීමේ අපහසුතාවය
- උණ
- පරීක්ෂණය සිදුකල ස්ථානයේ වේදනාව.
- ක්ලාන්තය වැනි තත්වයන් ඇතිවීම.