වකුගඩු බද්ධ කලවිට විශබීජ වලින් ප්‍රවේශම් වීම ගැන අපි වැඩි අවදානයක් යොමු කළ යුතුමයි. නැතිනම් විවිධ මට්ටමේ ආසාදන වල සිට බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප වීම දක්වා පරාසයක ගැටළු ඔබට ඇති විය හැකියි.
බද්ධ කිරීමෙන් පසු අවම වසරක්වත් යන තුරු නිවසටම වී සිටීමයි වඩාත් හොද. විශේෂයෙන් විවාහ මංගල්‍ය උත්සව වැනි සෙනග වැඩියෙන් ගැවසෙන ස්ථාන වැඩිපුර මැගහැරිය යුතුමයි. වසරක් පමණ ඉක්මවූ පසු පවුලේ සාමාජිකයන් සමග විනෝදගමන් සදහා සහභගී වීමට අවස්ථාවක් හිමිවනවා. නමුත් මේ කාලසීමාව එක් එක් පුද්ගලයාගේ සෞඛ්‍ය තත්වය මත රදාපවතින අතර එවැනිග මණක් යාමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත් අප ඔබට මතක් කරසිටිනවා.
අද අපි මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ එවැනි ගමන් යන විට ප්‍රවේශම් විය යුතු අවස්ථා හා ආකාරය ගැනයි.
අපි විශේෂනේම සැලකිලිමත් විය යුත්තේ විශබීජ ශරීරගත නොවන ආකාරයට කටයුතු කිරීමටයි. ඒ වාගේම ජලය පානය කිරීමට බාධාවක් නොවන ලෙසට කටයුතු කිරීමටත් විශේෂයෙන්ම වගබලාගත යුතුයි.
ජලය පානය කිරීම – එසේ චාරිකාවක් යන විට තමන්ට අවශ්‍යකරන ජල ප්‍රමාණය නිවසින් රැගෙන යාම තමයි වඩාත්ම සුදුසු වන්නේ. කුමන හෝ හේතුවකට එසේ ජලය ගෙන යාමට නොහැකි වී පිටතින් ජලය ලබාගැනීමට සිදුවුවහොත් පානීය ජල බෝතල් ලබාගැනීම වඩාත්ම සුදුසුයි කියලයි මම හිතන්නේ. වෙනත් විවිධාකාරයේ ජල මුලාශ්‍රයන් පිළිබදව අපට වැඩි විශ්වාසක් තබා ගත නොහැකියි. බොතල් කල ජලය ලබාගැනීමේදීත් SLS සහතිකය හිමි නිෂ්පාදකයන්ගේ ජල බෝතල් පමණක් ලබාගැනීමටත් කටයුතු කරන්න.
විනෝද චාරිකා අවස්ථාවකදී වුණත් දිනකට ජලය ලීටර් 3ක් පමණවත් බීමට මතක තබාගත යුතුයි. එසේ චාරිකාවන් යන විට දිගින් දිගටම ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම ඔබගේ වකුගඩු කෙරෙහි වඩාත්ම බලපෑමක් ඇති කල හැකියි.
මුත්‍රා පිටකිරීම – ජලය පානය කරන විට අනිවාර්යයෙන්ම මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතායන් ඔබට ඇති වනවා.ඒ විට මුත්‍රා පහකරන යන ස්ථානය පිළිබදව දැඩි අවදානයක් යොමු කල යුතුයි. එවැනි ස්ථාන තෝරා ගැනීමේදී පිරිසිදු තත්වයේ ඇති අපාන ශාලා වැනි ස්ථාන තෝරාගතහැකියි. එසේත් නොමැතිව පොදු වැසිකිලි වැනි ස්ථාන තෝරා ගැනීමනම් එතරම් නුවනට හුරු වන්නේ නැහැ.
ඒ වාගේම වැසිකිලය භාවිතා කිරීමට පෙර ඩෙටොල් වැනි විශබීජ නාශක වැසිකිලි පෝච්චියට ඉසීම සිදුකරන්න. ඉන්පසු හැකිනම් පෝච්චියේ ඉදගැනීමෙන් ( කොමඩ් වැනි වැසිකිලි පෝච්චි වල) තොරව මුත්‍රා පහකිරීම සිදුකරන්න. මෙම ගැටළුව වැඩියෙන්ම ඇති වන්නේ පිරිමි පුද්ගලන්ට වඩා කාන්තාවන්ටයි.ඒ නිසාම කාන්තාවන් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි.
ආහාර පාන ගැනීම – හැකි පමණ නිවසින් ආහාර ගැනීමට කටයුතු කල යුතුයි.එසේ නොමැති වන අවස්ථාවන් වලදී පිරිසිදුභාවය පිළිබදව විශ්වාසය ඇති ආපනශාලා වලින් පමණක් ආහාර ගැනීමට සිහිතබාගත යුතුයි.
ඒ වාගේම විනෝද චාරිකා යන අවස්ථාවන් වලදී දියනෑම යන අවස්ථාවන් වලදී ඔබ ස්නානය කිරීමෙන් වැලකී සිටීම සුදුසුයි. එලෙසම අධික ලෙස වෙහෙසට පත්වන ආකාරයේ චාරිකා වලින් වැලකී සිටීමටත් සිහිතබා ගත යුතුයි.
ඖෂධ ලබාගැනීම – කිසිම හේතුවක් මත ඖෂධ නිවැරදි මාත්‍රාවෙන් නිවැරදි ලෙස ලබාගැනීම අනිවාර්යයි. එසේ නිැරිදි ලෙස ඖෂධ ලබා ගැනීම මගහැරී යනවානම් චාරික් නොගිහින් සිටීම තමයි නුවනට හුරු. ඔබ ගමන් බිමන් යන සෑම තැනම ඖෂධ නිවැරදි මාත්‍රාවෙන් හා ප්‍රමාණයෙන් රැගෙන යාම පුරුද්දක් කරගන්න. මේ ආකාරයේ චාරිකාවෙන් යන විට අනිවාර්යෙන්ම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ඖෂධ රැෙගන යන්න. එවිට ඖෂධ මහහැරීමේ අවස්ථාවන් අඩුවනු ඇති. එලෙසම එම ඖෂධ ඒවාට හානි නොවන ආකාරයට හා ඔට හොදින් ම මතක ඇති ආරක්ෂිත ස්ථානයක ගබා කරගන්න.
( විදෙස් සංචාර සදහා සූදානම් වන්නේනම් හෝ කුමන හෝ හේතුවක් මත විදෙස් ගතවන්නේ නම් ඒ පිළිබදව අනිවාර්යයෙන් වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරන්න. රටවල් අනුව ඔබට ඇතැම් එන්නත් ලබාදීමට සිදුවන අවස්ථාවන්ද තිබිය හැකි බැවින් ඒ ගැන වඩාත් සැලකිලිමත් වන්න. )