මේ වන විට ලොවපුරා ක්‍රියාත්මක වන ඇගළුම් කර්මාන්තශාලා,කඩදාසි හා ආහාර අසුරන කර්මාන්තශාලාවන්ගෙන් පිටවන ස්වාභාවිකව වියෝජනය නොවන ද්‍රව්‍ය හේතුවෙන් ලොවපුරා මිනිසුන්ගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වයට මෙන්ම වකුගඩුවේ ක්‍රියාකාරීත්වය යාමනය කෙරෙන ශරීර අභ්‍යන්තරයේ සිදුවන රසායනික ක්‍රියාවලියටද දැඩි බලපෑමක් එල්ලවවන බව සොයාගෙන තිබෙනවා.
මෙසේ මෙම කර්මාන්තශාලාවලින් පිටවන අපද්‍රව්‍ය සට,වාතයට හා ජලයට එක්වීම ගින් ඒවා ආහාර දාම වෙත ඇතුළු වී මිනිස් ශරීරයට ඇතුළු විම නිසා දිගින් දිගටම මෙම රසායනිකයන්ට මිනිසා නිරාවරණය වීමෙන් මේ ආකාරයේ දරුණු වකුගඩු රෝගී තත්වයන් ඇති වන බවයි එම පර්යේෂකයන් පවසන්නේ. මෑත කාලීණව සීඝ්‍රයෙන් සිදුවූ නාගරීකරණය හා කාර්මීකරණ තත්වයන් හේතුවෙන් මේ ආකාරයේ විශ ද්‍රව්‍ය මිනිස් ශරීරගතවීම වේගවත් වි ඇති බවත් ඒ අනුව ඉදිරියේදී දැන් පවතින ත්වයනට වඩා දරුණු වකුගඩු ආශ්‍රිත ආබාධ තත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙන බවද ඔවුන් පවසා තිබෙනවා.
මෙහිදී ඔවුන්ගේ පර්යේෂණයේදී හෙලිවී ඇති කරුණු අනුව මෙම ස්භාවික වියෝජනයට ලක්නොවන ද්‍රව්‍ය ශරීරයේ රුස්වීම මගින් විශ සහිත තත්වයන් ශරීරය තුල නිර්මාණය වන අතර එම තත්වයන් හේතුවෙන් වකුගඩුවල නාලමල පද්ධති හා සෛල වලද වෙනස් කම් සිදුවේ. එලෙසම වකුගඩු හරහා පෙරනයට ලක්වූ ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත්වීමේ ක්‍රියාවලියටද මින් බාධා ඇතිවේ.
perfluorinated chemicals ලෙස හදුන්වන මෙම සංයෝග ශරීරගතවීමේ හැකියාව වැඩිහිටියන්ට සාපෙක්ෂව කුඩාදරුවන්ගේ හා නව යොවුන් වියේ පසුවන දරුවන්ගේ වැඩිබවද පවසන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ එම පිරිස් අදාල රසායනිකයන් වෙත නිරාවරණය වන කාලය වැඩිහිටියන්ට සාපේකෂව වැඩි වීම හේතුවෙන් අඩු වයස් වලින් වකුගඩු ආශ්‍රිත පිළිකා තත්වයන් ඇතුළුව දරුණු වකුගඩු රෝග වැලදීමේ හැකියාව කුඩා දරුවන් හා නව යොවුන් වියේ පසුවන දරුවන්ගේ වැඩි බවයි.
අවසානයේදී මේ වන විට හෙලිවෙමින් පවතින කරුනු වලට අනුව ලොපුරා මිලියන ගණින් මෙන්ම ශ්‍රී ලංකාවේද ලක්ෂ ගණනින් දිනෙන් දින වකුගඩු රෝගයට ගොදුරු වීමේ සාධක මින්පෙර අප විසින් සිතා සිටි සාධක වලට වඩා වෙනස් බව තේරුම් යමින් පවතී. මිනිසාගේ චර්යාත්මක හේතූන් අභිබවමින් මේ වන විට පාරිසරක දූෂණය මිනිසුන් රෝගීන් කරමින් ඉදිරියටම යමින් සිටී.

(Clinical Journal of the American Society of Nephrology හි සදහන් වූ ලිපියක් ඇසුරිණි. )