දියවැඩියාව ආකාර දෙකකින් පවතී. ඒවා සරලව Type I හා Type II ලෙස හදුන්වන අතර Type I දියවැඩියා තත්වය ඇති වන්නේ එම පුද්ගලයාගේ අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් පරිදි ඉන්සුයිලින් හෝමෝනය නිපදවෙන්නේ නැති අවස්ථාවන්ගේදියි. Type II දියවැඩියා තත්වය ඇති පුද්ගලයන්ගේ අග්න්‍යාශය මගින් ඉන්සියුලින් හෝමෝනය නිපදවෙන අතර නමුත් ඒවා ප්‍රමාණවත් පරිදි අග්න්‍යාශයෙන් පිටකිරීමක් සිදුනොකරයි.
ඉහත සදහන් කල අවස්ථාවන් ද්විත්වයේදීම රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යන අතර ඒවාට ප්‍රතිකාර වශයෙන් ඉන්සියුලින් එන්නත් කිරීම හෝ දියවැඩියාව සදහා ලබාදෙන වෙනත් ඖෂධ භාවිතා කල හැක. ඒ අතරම විශේෂයෙන් දියවැඩියා තත්වයන් පාලනය කරගැනීම සදහා ව්‍යායාම,අධික සීනි සහිත ආහාර පාලනය වැනි චර්යාත්මක වෙනස්කම් සිදුකිරීමද අනිවාර්ය වෙයි.
Type II දියවැඩියා තත්වයන් වලදී ලබාදෙන ඖෂධ ප්‍රධාන වශයෙන් Sulfonylureas හා Biguanides ලෙස කාණ්ඩ දෙකකට බෙදන අතර ඔබ අතර වඩාත් ජනප්‍රිය metformin සැලකෙන්නේ Biguanides කාණ්ඩයට අයත් ඖෂධයක් ලෙසයි. Glibenclamide,Tolbutamide,Gliclazide වැනි ඖෂධ Sulfonylureas කාණ්ඩයේ ඖෂධ වලට උදාහරණ වශයෙන් දැක්විය හැක.
මේ ලිපිය හරහා අප කථා කරන්නේ Sulfonylureas කාණ්ඩයේ ඖෂධ දියවැඩියා තත්වය පාලනය කිරීමෙහිලා භාවිතා කිරීමේදී ඇතිවිය හැකි ගැටළු සම්බන්දවයි. මෙම ඖෂධ වල ප්‍රධාන ගැටළුවක් වන්නේ මෙම ඖෂධ මගින් රුධිරයේ සීනි මට්ටම අඩුවීම (hypoglycemia) හෘදයට බලපෑම් ඇතිකරන තත්වයන් ඇති වීමයි.
මෙට්ෆොමින් දීර්ඝකාලීනව භාවිතා කිරීමට වඩා Sulfonylureas කාණ්ඩයේ ඖෂධ දීර්ඝකාලීනව භාවිතා කිරීම මගින් බරපතල hypoglycemia තත්වයන් මෙන්ම හෘදයාබාධ වැනි හදවත් රෝග ඇතිවීමේ හැකියාවද ඉහල ගොස් ඇති බව සමීක්ෂණයකින් හෙලිවී ඇත. එවැනි අතුරු ආබාධ හේතුවෙන් මරණය සිදුවීමේ හැකියාවද ඉහල අගයක පවතන බවද අදාල සමීක්ෂනයේදීම හෙලිවී ඇත.
එම නිසා විශේෂඥයින්ගේ මතය වන්නේ මෙට්ෆොමින් සමග Sulfonylureas කාණ්ඩයේ ඖෂධ භාවිතා කිරීම තනිවම Sulfonylureas කාණ්ඩයේ ඖෂධ භාවිතා කිරීමට වඩා ආරක්ෂිත බවයි.
(Metformine දීර්ඝකාලීනව භාවිතා කිරීම මගින් වකුගඩු ආශ්‍රිත ආබාධ ඇතිවිය හැකි බවට මේ වන විට සමාජය තුල මතයක් නිර්මාණය වී ඇති බැවින් අපි ඒ පිළිබදව වෙනත් ලිපියකින් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.)