යහපාලන රජයේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා විසින් පැණිබීම,බිස්කට් වැනි සීනි අඩංගු ආහාර සදහා එම ආහාර වල සීනි අඩංගු ප්‍රමාණය මත බද්ධක් පනවනු ලැබිණි. එම තීරණය අගය කල යුතු තීරණයක් වන අතර වර්ථමානය වන විට දියවැඩියාව,අධික තරබාරුව වැනි බොහෝ රෝගයන් සදහා හේතුවක් වල අධික සීනි පරිභෝජනය අඩු කිරීමෙහිලා එය යම් තරමක අනුබලයක් වනු ඇති බව අපි විශ්වාස කරන්නෙමු.
නමුත් පසුගිය ඔක්තෝබර් 26 වනදා සිදුවූ දේශපාලන පෙරලියෙන් මෙරට බලය ලබාගැනීමේ උත්සහයක යෙදී සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා යහපාලන රජය විසින් පැනවූ සීනි බද්ධ අඩුකිරීමට තීරණය කලේය. එහිදී ඔහු විසින් ශත 50ක්ව පැවැති බද්ධ ශත 30ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබූ අතර පැණිබීම නිෂ්පාදකයන් පවසා තිබුනේ එමගින් බීම බෝතලයක මිල 30%කින් පමණ අඩු කිරීමට හැකි වනු ඇති බවයි.
මේ සම්බන්දයෙන් kidneyinfolk.com වෙබ් අඩවිය වශයෙන් අපට සදහන් කිරීමට ඇත්තේ පැණිරස නිෂ්පාදන මත පනවා ඇති සීනි බද්ධ අඩු කිරීම හා ඉන්ධන මිල අඩුකිරීම අතර හාත්පසින් වෙනස් ප්‍රථිඵල ඇති වන බවයි. දේශපාලනික වාසි තකා හෝ ඉන්ධන මිල අඩු කිරීම නිසා මහජනතාවට ඉන්ධන අඩුවට ලැබෙන අතර දේශපාලන වාසි වෙනුවෙන් සීනි බද්ධ වැනි බද්ධක් අඩු කිරීම නිසා මහජනතාවට ඇති වන වාසිය කුමක්ද යැයි රාජපක්ෂ මහතාගෙන් විමසීමට අපි කැමැත්තෙමු.
වර්ථමානය වන විට ලොවපුරා දැඩි සෞඛ්‍ය ගැටළු බවට පත්ව ඇත්තේ අධික සීනි පරිභෝජනය නිසා ඇතිවන ගැටළු බවට නැවත නැවතත් පැවසීමට අවශ්‍ය නොවේ. ලොව වැඩියෙන්ම අවදානය දිනාගත් බෝ නොවන රෝගය වන්නේ දියවැඩියාවයි. එලෙසම අධික තරබාරුවද අධිකව සීනි හා තෙල් සහිත හා ක්ෂණික ආහාර වැඩිවශයෙන් පරිභෝජනයේ ප්රථිඵලයකි.
මේ වන විට මෙරට තුලද දියවැඩියාව හා අධික තරබාරුව ප්‍රදාන සෞඛ්‍ය ගැටළු බවට පත්ව ඇති අතර එම තත්වයන්ගෙන් ආරක්ෂා වන අන්දම හා වැලකෙන ආකාරය පැහැදිලි කරන වැඩසටහන් උදෑසන පටන් රාත්‍රී වන තුරු රුපවාහිනී නාලිකා වල විකාශය වෙයි. නමුත් රජය ක්‍රියාකාරන්නේ තව තවත් ජනතාව සීනි පරිභෝජනය සදහා යොමුවූවාට අපටනම් කමක් නෑ යැයි හැගෙන ආකාරයේ ක්රියායා. වත්මන් දේශපාලන අර්බුදය තුල මෙවැනි නොගැලපෙන තීරණ ගැනීමනම් කිසිසේත් නොකල යුතු බව නැවතත් මහිනද් මහතාට මතක් කර දිය යුතුය.
එදිනෙදා ජීවිතයේ අත්දැකීමෙන් පවා දන්නා පරිදි අපට පෙර පරම්පරාවට සාපේක්ෂව අපගේ පරම්පරාව සීනි වැඩි වශයෙන් ආහාරයට ගත් අතර අපට පසු පරම්පරාව අපටත් වඩා වැඩියෙන් සීනි පරිෙභා්ජනය කරන අතර එමනිසා අනාගත පරපුරට කුඩු කාලයේදීම දියවැඩියාව වැලදීමේ හැකියාව ඉහළ ප්රතිශතයක පවතී. තත්වය එසේ පවතින විටත් සීනි පරිභෝජනය වැඩිවන අාකාරයේ තීරණ වල අනාගත ප්රථිඵලය රෝගී අනාගත පරපුරක් දැයට දායාද වීමය.