ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර Andrew Cuomo විසින් New York Living Donor Protection Act (A297A/S2496) නීතියක් බවට පත්කිරීඹ සදහා සිය අත්සන් තැබීම සිදුකර ඇත. ඒ අනුව මෙම නව නීතිය හරහා අවයව දන්දෙන්නන්ගේ (ජීවිත්ව සිටියදී) සෞඛ්‍ය අවශ්‍යතාවයන්,වෛද්‍ය අවශ්‍යතාවයන් මෙන්ම ජීවිත රක්ෂණාවරණ ලබාගැනීමේදී ඒ සදහා ඔවුන්ට අවස්ථාව හිමිනොවීම (අවයව දන්දී ඇති නිසා) වැනි තත්වයන් සදහා පිළියම් ලබාදෙනු ඇත.
මේ සම්බන්දයෙන් ආණ්ඩුකාර Cuomo වෙත සිය කෘතඥතාවය පලකරන දහස් ගණන් ඇමරිකානු වැසියන් සදහන් කරන්නේ අවයව දන්දෙන්නන් සදහා මෙවැනි වැඩපිළිවෙලක් අතවශ්‍ය බවත් එමගින් තව පිරිස් අවයව දන්දීම සදහා යොමුවනු ඇති බවයි.