මුත්‍රා පිටවීම අවහිර වීමේ ප්‍රථිඵලය Hydronephrosis ගැන දැනගනිමු.

 

 

“හයිඩ්‍රොනෙප්රොසිස් “(hydronephrosis)  කියන්නේ මොකක්ද?
මුත්‍රා නිසි ලෙස පහ නොවීම හේතුවෙන් වකුගඩුයක් ඉදිමීමට ලක්වීම හයිඩ්‍රොනෙප්රොසිස් ලෙස සරලව හදුන්යන්නට පුළුවන්. මෙම තත්වය ඇති වන්නේ වකුගඩු තුල නිපදවෙන මුත්‍රා නිසි පරිදි මුත්‍රාශය වෙත ගමන් නොකරීම නිසයි. ඒ ආකාරයෙන් මුත්‍රා ගමන් නොකිරීමට මුත්‍රා වාහිනී වල ඇති බව අවහිරතාවයන් හේතු වනවා.
මෙම තත්වය එක් වකුගඩුවක හෝ වකුගඩු දෙකේම ඇති වන්නට පුළුවන්.

මෙම තත්වය ඇතිවීමේදී වකුගඩුවේ සිට මුත්‍රාවාහිනී වෙත වකුගඩුවල නිපදවෙන මුත්‍රා පිටවීම අවහිර වීම හෝ යම් කිසි හේතුවක් මත මුත්‍රාශය වෙත නැවතත් මුත්‍රා පැමිණීම ( reflux) බලපෑම් ඇති කරනවා. ඒ හේතුවෙන් මුත්‍රා වකුගඩු තුල එක්රැස්වීමෙන් වකුගඩු ඉදිමීමකට ලක් වනවා.

මෙම තත්වය ඇතැම් අවස්ථාවන් වලදී රෝග ලක්ෂණ නොපෙන්වූවත්, පිටපස /දෙපස/ උදරය හෝ ඉකිලි ප්‍රදේශයේ ඇති බව වේදනාව, මුත්‍රා පිටකරන විට වේදනාව, මුත්‍රා පිටකරන විට සම්පූර්ණ මුත්‍රා ප්‍රමාණය පිට නොවීම, මුත්‍රා කිරීමේ අවස්ථා වැඩිවීම,ඔක්කාරය,උණ වැනි රෝගලක්ෂණ පෙන්වන්නත් පුළුවන්.

“හයිඩ්‍රොනෙප්රොසිස් ” ඇති වීමට මූලික හේතු

මෙම තත්වය ඇතිවීමට වෙනත් රෝගී තත්වයක් හේතු විය හැකියි,

  • වකුගඩුවල ගල්
  • උපතින්ම ඇති වන අවහිරතාවයන්
  • ලේ කැටිති
  • ගෙඩියක් හෝ පිළිකා තත්වයක්
  • පුරස්ථ ග්‍රන්ථියේ ඉදිමීම
  • ගැබ්ගැනීම
  • මුත්‍රා ආසාදන

“හයිඩ්‍රොනෙප්රොසිස් ” හදුනාගන්නේ කොහොමද?
මේ සදහා යොදාගන්නා මූලික පරීක්ෂණය වන්නේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂනයයි.  ඊට අමතරව x-rays ,CT,MRI වැනි පරීක්ෂනද සිදුකරයි.
ඒ මෙන්ම මෑත කාලීනව මුත්‍රා මාර්ගය හා මුත්‍රාශය වෙත යොමු කෙරෙන කුඩා කැමරාවක් මාර්ගයෙන් ලබාගන්නා දර්ශණද මෙවැනි තත්වයන් හදුනාගැනීම කෙරෙහි භාවිතා කරයි.
ඊට අමතරව රුධිර හා මුත්‍රා පරීක්ෂණද වකුගඩුවල ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සදහා භාවිතා කරනු ලබනවා.

මුත්‍රා වාහීණී වල අවහිරතාවයක් පෙන්නුම් කෙරෙන Xray

“හයිඩ්‍රොනෙප්රොසිස් ” සදහා ප්‍රතිකාර සිදුකරන්නේ කොහොමද?

මෙම තත්වය සදහා ප්‍රතිකාර ආරම්භ කරන්නේ මේ තත්වය ඇතිවීමට මූලික හේතුව හදුනාගැනීමෙන් අනතුරුවයි. එසේ හේතුව හදුනාගත් අවස්ථාවන් වලදී ශල්‍යකර්මයක් මගින් එය යථා තත්වයට පත්කල හැක. ආසාදන තත්වයක් නම් ප්‍රතිජීවක ඖෂධ මගින් ප්‍රතිකාර සිදුකල හැකි අතර වකුගඩු ගල් තත්වයක් නම් එහි ප්‍රමාණය මත ශල්‍යකර්මයක් මගින් හෝ ඖෂධ මගින් එයට ප්‍රතිකාර කල හැකියි.

තරමක දරුණු ආකාරයේ හා ඉවත් කිරීම අපහසු ආකාරයේ අවහිරතාවයක් ඇතිනම් මුත්‍රාශය තුල හෝ වකුගඩු තුල රැස්වන මුත්‍රා පිටතට ගැනීම සදහා ගැලපෙන ආකාරයේ නාල යෙදීමට සිදුවනු ඇත.
කෙසේ නමුත් මෙම තත්වය හැකි ඉක්මණින් හදුනාගෙන ප්‍රතිකාර සිදුකල යුතු අතර එසේ නොමැති වුවහොත් වකුගඩු වලට දැඩි හානි සිදුවිය හැකිය.

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …