(පසුගිය කාලය තුල මා ලැබූ පුද්ගලික අත්දැකීමක් හේතුවෙන් මේ වෛරසය සම්බන්දයෙන් ඔබ දැනුවත් කිරීමට මා තීරණය කළෙමි.)
BK virus කියන්නේ මොකක්ද?
පොලිඕමා ලෙසද හදුන්වන මෙම වෛරසය අපගේ සිරුර තුල පවතින වෛරසයක්. බොහෝමයක් අවස්ථාවන් වලදී මෙම වෛරසයෙන් ධාරකයාට හානියක් සිදුවන්නේ නැහැ. නමුත් යම් කිසි හේතුවක් නිසා ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලවූ විට මෙම වෛරසයේ ක්‍රියාකාරීත්වය වැඩිවී යම් යම් රෝග ලක්ෂන පෙන්වීම ආරම්භ වෙනවා.
BK virus ආසාදන ඇතිවීමේ අවදානම ඉහළ යාමට හේතු
- අවයව බද්ධ කිරීම
- වකුගඩු ආශ්රිත ශල්‍යකර්ම
- වකුගඩු ආබාධ
- වයස
- HIV වැනි ප්‍රතිශක්තිකරණය හීන කරන රෝග තත්වයන්
අවයව බද්ධ කිරීමක් නිසා BK virus ආසාදන ඇතිවීමේ අවදානම ඉහළ යන්නේ කෙසේද?
අවයව බද්ධ කිරීමකින් පසු බද්ධ කල අවයවය ප්‍රතික්ෂේප වීම වැලැක්වීඹ සදහා ලබාදෙන ඖෂධ මගින් ඉන් පෙර සිරුරේ තිබූ ප්‍රතිශක්තිකරණ අඩු කරනු ලබනවා.
මේ නිසා ඇතැම් විට ඔබට BK virus ආසාදනයක් ඇතිවන්නට පුළුවන්. ඇතැම් අවස්ථාවන් වලදී මෙම වෛරසය සිරුර තුල ක්‍රියකාරී වූවත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන්නටත් පුළුවන්. ඒ නිසාම ඔබ මේ ගැන අවදානයෙන් සිටිය යුතුයි. කෙසේ හෝ BK virus ආසාදනයක් ඇතිවී ඔබඒ සදහා ප්‍රතිකාර ගැනීම ප්‍රමාද වුවහොත් එම වෛරසය මගින් ඔබගේ බද්ධ කල අවයවය දුර්වල වී එය ප්‍රතික්ෂේප වීම පවා සිදුවිය හැකියි.
BK virus ආසාදනයක් ඇති බව දැනගන්නේ කෙසේද?
BK virus ආසාදනයක් ඇතිවුවහොත් ඇතැම් විට මෙවැනි රෝග ලක්ෂණ ඔබට ඇති විය හැකියි.
- පෙනීම දුර්වල වීම
- මුත්රාවල පැහැය වෙනස් වීම (රතු හෝ දුඹුරු පැහැයක් ගැනීම)
- මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවීම
- මුත්‍රා කිරීමේ අපහසුතාවය
- සාමාන්‍යයෙන් මුත්‍රා පහකරන වාර ගණනට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා පහ කිරීමට සිදුවීම
- කැස්ස හෝ හුස්ම ගැනීම අපහසුතාවයක් දැනීම
- උණ,මස්පිඩු වේදනාව
- වෙව්ලීම
මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් ඔබ වෛද්‍ය උපදෙස් සදහා අනිවාර්යෙන්ම යොමු විය යුතු අතර ඔබට ඇත්තේ BK virus ආසාදනයක්ද නැද්ද යන්න වග වෛද්‍යවරු විසින් සිදුකරනු ලබන පරීක්ෂණ මගින් සොයාගනු ඇති.
BK virus අසාදානයක් ඇති බව සොයාගැනීමේදී වෛසරස් ආසාදනයේ ප්‍රභලත්වය සෙවීම සදහා ඔබගේ මුත්‍රා මෙන්ම රුධිරයද පරික්ෂාවද ලක් කෙරන අතර මුත්‍රා වල පමණක් BK virus ආසාදනය ඇතිනම් එම තත්වය එතරම් ගැටළුකාරී නොවන අතර රුධිරය BK virus මගින් ආසාදනය වී ඇතිනම් ප්‍රතිකාර ආරම්භ කල යුතු වෙයි.
මාගේ අත්දැකීමට අනුව මාගේ ක්රියටිනින් ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා තරමක් වැඩි අගයක් කාලයක් තිස්සේ පෙන්නූ අතර එය සදහා හේතු සෙවීමේදී වෙනත් පරීක්ෂණ වල කිසිදු ගැටළුකාරී තත්වයක් නොවූ බැවින් BK virus සදහාද රුධිරය හා මුත්‍රා සාම්පල පරික්ෂා කිරීම සිදුකිරීමට වෛද්‍යවරුන් තීරණය කරනු ලැබීය. එහිදී දැනගන්නට ලැබුනේ මාගේ මුත්‍රා එම වෛරසය මගින් ආසාදනය වී ඇති බවයි. පසුව වෛද්‍යවරුන් විසින් මා හට ලබා දෙන සෙල්සෙප්ට් ඖෂධයේ මාත්‍රාව අඩුකල අතර නැවතත් එම පරීක්ෂණය සති 6කින් සිදුකරන ලෙස තීරණය කෙරිණි.
සති 6කින් නැවතත් පරික්ෂාව සිදුකල අතර එහිදීද මුත්‍රා පමණක් මෙම ආසාසදනය පැවැති අතර රුධිරය සදහා වෛරසය ව්‍යාප්ත නොවීම හේතුවෙන් බියවිය යුතු තත්වයක් නැතැයි වෛද්‍යවරුන් විසින් මා හට දැන්වීය.