ප්‍රතිජීවක ප්‍රතිරෝධය ඇයි මේ තරම් වැදගත්

සාමාන්‍යයෙන් දෛනික ජිවිතයේදී අපට මුහුණ දෙන්නට වෙන විශබීජ ආසාදන බැලුවොත් මුත්‍රා ආසාදනයක සිට ක්ෂය රෝගය,නිවුමෝනියාව,මෙනිනජයිටීස් වගේ තත්වයක් දක්වා පරාසයකට විහිදෙනවා. නමුත් ඔබ මොහොතකට සිතන්න ඒ පරාසයේ ඇති සියළුම විශබීජ ආසාදන සදහා ප්‍රතිකාර කිරීමට ඖෂධයක් වෛද්‍යවරුන්ට නොමැති වුනොත් ?? එතනින් එහාට ඔබෙග් සෞඛ්‍යඨ වාගේම ජීවිතයටත් මොනව වේවිද?? ඒ වාගේ තත්වයක් තමයි මේ ප්‍රතිජීවක ප්‍රතිරෝධය එහෙමත් නැතිනම් Antibiotic resistance කියල හදුන්වන්නේ.
වර්තමානයේදී මේ තත්වය පිළිබදව අපට එතරම් තදින් දැනෙන්නේ නැත්තේ තවමත් විශබීජ ආසාදන සදහා ප්‍රතිකාර කල හැකි ඖෂධ වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින නිසයි. නමුත් නුදුරු අනාගතයේදීම අපගේ අනාගත පරපුට වැලදෙන ආසාදන සදහා ප්‍රතිකාර කිරීමට ඖෂධයක් මේ මිහිමත නොවනු ඇති බවට තමයි මේ වන විට ලොවම තැතිගෙන ඇති කාරණය.20 වන සියවසේදී ප්‍රතිජීවක ඖෂධ සොයාගැනීම සමස්ථ වෛද්‍ය ක්ෂේත්‍රයේම විශාල පෙරලියක් ඇති කිරීමට හේතු වුණා.ඒ හේතුවෙන් මේ වන විට ලොවපුරා ලක්ෂ ගණනින් ප්‍රතිජීවිත ඖෂධ සහිත තුන්ඩු වෛද්‍යවරුන් විසින් සිය රෝගීන්ට ලබාදෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට ඇතැම් බැක්ටීරියාවන් එම ප්‍රතිජීවික ඖෂධ සදහා ප්‍රතිරෝධයක් නිර්මණය කරගෙන ඇති අතර ඒ හේතුවෙන් එම ඖෂධ භාවිතයෙන් ඔවුන් මැඩලීම කල නොහැකි දෙයක් බවට පත්වී තිබෙනවා.ඇතැම් බැක්ටීරියාවන් මුල සිටිම ප්‍රතිජීවක ඖෂධ සදහා ප්‍රතිරෝධයක් පෙන්වූ අතර තවත් බැක්ටීරියාවන්ගේ ජාන වෙත ඖෂධ  ප්‍රතිරෝධි ජාන එත්වීම හේතුවෙන් ඔවුන් මේ වන විට ප්‍රතිරෝධී තත්වයට පත්ව තිබෙනවා. එම නිසා ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන වාරගණන හා කාලය වැඩිවනවාත් සමගම ඒවා බැක්ටීරියාවන්ට එරෙහිව ඇති ක්‍රියාකාරිත්වය අඩු වෙමින් පවතිනවා.මෙනින්ජයිටීස් , නියුමෝනියා වැනි ප්‍රබල බැක්ටීරියා ආසාදන සදහාද තත්වය එසේමයි. එම තත්වයන් සදහා ප්‍රතිකාර කිරීමට ඇති ප්‍රතිජීවක ඖෂධත් මේ වන විට ප්‍රතිරෝධයක් පෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඒ නිසාම වජාත් මිල අධික ඖෂධ භාවිතා කිරීමට ඔබට සිදුවනු ඇති. දීර්ඝ කාලයක් තිස්සේ ඖෂධ ලබාගැනීමට ඔබට සිදුවනු ඇති. ඒ වාගේම වෙනත් සෞඛ්‍යයමය ගැටළු රාශයකට මුහුණ දෙන්නටත් ඔබට සිදුවෙනු ඇති.
මේ තත්වය මගහරයා ගන්න අපි කරන්න ඕනේ මොකක්ද?

  • හිතෙන හිතෙන වෙලාවට antibiotics ( ප්‍රතිජීවක ) බොන එක නතර කරන්න – වෛරස් ආසදන හේතුවෙන් ඇති වන සෙම්ප්‍රතිශ්‍යාව වාගේ තත්වය වලට බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියාකරන antibiotics ලබාදීම තේරුමක් නැති ක්‍රියාවක්. නමුත් බොහෝ වෛද්‍යවරුන් සෙම්ප්‍රතිශ්‍යාව සදහා ලබාදෙන්නේ antibiotics. ඒ නිසාම එවැනි අවස්ථාවන් ගැන ඔබ දැනුවත් විය යුතුයි.
  • වෛද්‍යවරයා විසින් ලබාදුන් ඖෂධ අවසන් වන තුරු ලබාගන්න –  අපි බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තමයි. කුමක් හෝ රෝගයකට බෙහෙත් අරගෙන රෝගය සුව අතට හැරීමත් සමග බෙහෙත් බොන එකන වත්වන එක. නමුත් සිදුකල යුත්තේ එය නොවෙයි. වෛද්‍යවරයා විසින් ලබාදෙන ඖෂධය ඒ කාලසීමාව අවසන් වන තරු ඔබ විසින් ලබාගත යුතුමයි. රෝගය හෝ රෝග ලක්ෂන සුවවූවත් එම ඖෂධය ලබාගත යුතුමයි.
  • නිවැරදි පරිදි එන්නත් ලබාගන්න –  ප්‍රතිජීවක ඖෂධ මගින් ප්‍රතිකාර කිරීමට සිදුවන ඇතැම් රෝගයන් සදහා සුදුසු එන්නත් ඇති අතර ඒවා නිවැරදි ලෙස ලබාගැනීම මගින්නුත් ඔබට ප්‍රතිජීවක ඖෂධ භාවිතය අඩුකරන්න පුළුවන්.
  • රෝහල් ගතවූ අවස්ථාවන් වලදී වඩාත් සැලකිලිමත් වන්න –  යම් කිසි හේතුවක් නිසා ඔබට රෝහල් ගලවී ප්‍රතිකාර ලැබීමට සිදුවුවහොත් හෝ ඔබට රෝහලේ සිටිනරෝගියෙකුගේ සහයට රෝහලේ නැවතීමට සිදුවුවහොත් එහිදී වඩාත් ආරක්ෂාකාරී විය යුතුයි. විශේෂයෙන්ම ප්‍රතිජීවක ඖෂධ සදහා ප්‍රතිරෝධයක් දක්වන බැක්ටීරියාවන් විශාල ප්‍රමාණයක් රෝහල් තුල තිබෙනවා.ඒ නිසාම විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ඔබ භාවිතා කල යුතුයි.

About freddy

Check Also

2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා …