ශ්‍රී ලංකාව තුළ පෙනහළු බද්ධය ඉතා ඉක්මනින් ආරම්භ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මීට අමතරව ඉදිරියේදී තවත් ඖෂධ 27 ක මිල අඩු කරන බවද ඇමතිවරයා සදහන් කර ඇත. මෙරට අවයව බද්ධ කිරීම මේ වන විට විශාල ප්‍රගතියක් ලබා ඇති බව සදහන් කල ඇමතිවරයා පැවසුවේ පසුගිය වසරේ වකුගඩු බද්ධ කිරීම් 400ක් හා අක්මා බද්ධයන් 100කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බවයි. එලෙසම අග්න්‍යාශ බද්ධය,අත් බද්ධය,පාද බද්ධය,හා හෘද බද්ධය පවා සිදුකල බවත් එ්වා සාර්ථක බවත් ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත. ඉදිරියේදී පෙනහළු බද්ධ කිරීම ආරම්භ කිරීමත් සමග සියළුම අවයව බද්ධයන් සාර්ථකව සිදුකල හැකි බවද ඇමතිවරයා සදහන් කලේය.