අවයව බද්ධ කිරීමෙන් පසු ක්ෂය රෝගය වැලදීම මාරාන්තිකයි.

අවයව බද්ධකිරීමකින් පසු ඇතිවිය හැකි විවිධාකාරයේ ආසාදනයන් අතරින් කාගේවත් වැඩි අවදානයක් නැති නමුත් මාරාන්තික අසාදනයක් ගැන අද අපි කතාකරමු.
අවයව බද්ධ කිරීමකින් පස්සේ සෙම්ප්‍රතිශ්‍යාව වගේ සුළු ආසාදන වල ඉදන් මාරාන්තික තත්වය දක්වා වන ආසාදන ඇති වීමේ වඅඩි අවදානමක් තියෙනවා. ඒ අතරින් ඉතාමත්වැදගත් ආසාදනයක් තමයි ක්ෂය රෝගය කියන්නේ.
බොහො විට අවයව බද්ධයකින් පසු ඇති වන මෙම ආසාදනය පෙනහළු ඇරුනකොට ශරීරයේ වෙනත් අවයවද ආසාදනයකට ලක්කරනවා මෙම තත්වය Extra pulmonary TB ලෙස හදුන්වනවා.
ඒ හේතුවෙන් වි⁣ශේෂයෙන් දිගටම පවතින කැස්ස,උණ වැනි තත්වයන් වලදී වෛද්‍යවරුන් අවයව බද්ධ කල රෝගීන් වෙත වැඩි අවදානයක් ලබාදිය යුතුයි.එලෙසම ප්‍රතිශක්තිය අඩු කිරීම සදහා ලබා දෙන ඖෂධත් අවයව බද්ධ කල රොගීන්ලබා ගන්නා නිසා මෙවැනි අසාදන සදහා ප්‍රතිකාර කිරීමේදී එම තත්වයන් පිලිබදවද වෛද්‍යවරුන්ගේ අවදානය යොමු වියයුතුයි.ඒ හේතුවෙන් මෙවැනි තත්වයන් පාලනය කිරීම
හා සුවකිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ.

අවයව බද්ධ කිරීමක් කල පුදගලයෙකුට ක්ෂය රොගය වැලදීමේ හැකියාව දියුණු රටකදීනම් 1.2% – 6.4%ක් පමණ වන පරාසයක පවතින අතර සංවර්ධනය වෙමින් පවතින් රටවල් වල එම අගය 15%ක් පමණ වනවා.ඒ වාගේම තමයි අවයව බද්ධ කලායින් පසු ක්ෂය රොගය වැලදුනහොත් ඒ හේතුවෙන් මියයාමට ඇති හැකියාවත් සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිදුවීමකට වඩා වැඩියි.

සාමාන්‍ය පුද්ගලයෙකුට ක්ෂය රෝගය වැලදුන අවස්ථාවලදී ඇතිවන රෝග ලක්ෂන වලට සාබේක්ෂව අවයව බද්ධයක් සිදුකල පුද්ගලයෙකුට ඇති වන රෝග ලක්ෂන වෙනස්.ඒ නිසාම අවයව බද්ධ කල පුද්ගලයන්ට රෝගය වැලදී ඇත්ද නැද්ද යන්න තීරණය කිරීමට පමා වනවා.බොහෝ අවස්ථාවන් වලදී රොග ලක්ෂණයක් ලෙස ඇති වන්⁣නේ උණ තත්වයයි.

ආසාදනය හදුනාගැනීම

අපි පෙර සදහන් කල පරිදිම අවයව බද්ධ කිරීමක් සිදුකල රෝගීන්ට ක්ෂය රෝග බැක්ටිරීයාව ආසාදනය වු විට එහි රෝග ලක්ෂන පෙන්වීමට සාමාන්‍ය කාලයට වඩා තරමක් වැඩි කාලයක් යනවා. දින 15 සිට මාස 2ක දක්වා කාල සීමාවට අවයව බද්ධ කල පුද්ගලයෙකුගේ මෙම රෝග ලක්ෂණ ඇති වන්නට පුළුවන්.මේ නිසා ක්ෂය රෝග බැක්ටීරියාව මගින් සිරුරේ  ආසාදනය වී ඇති ඉන්ද්‍රීය නිවැරදිව සොයාගැනීම සදහා විවිධ සම්පල ලබාගනිමින් පරීක්ෂන සිදුකරනු ලබනවා.

අවයව බද්ධ කිරීමටකට පෙර අවයව දන්දෙන්නා හා ප්‍රතිග්‍රාහකයාද ක්ෂය රෝග පරික්ෂාවකට යොමු කිරීමද සිදුවනවා. මොළය මිය ගිය පුද්ලයෙකුගේ අවයවයක් බද්ධ කරන අවස්ථාවකදී එම පුද්ගලයාට ක්ෂය රෝගය වැලදී තිබුනාද නැද්ද යන්න පිළිබදව විමසීමක් සිදුකරන අතර යම් හෙයකින් ඒ පිලිබදව සැකයක් ඇත්නම් එම පුද්ගලයාගේ අවයවය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනු ලබනවා.

ප්‍රතිකාර කිරීම

අවයව බද්ධ කිරීමකින් පසු ඇති වන ක්ෂය රෝග තත්වයනට ප්‍රතිකාර ඒ සදහා විශේෂිත සුදුසුකම් ලත් වෛද්‍යවරුන් විසින් සිදුකල යුතුයි. අවයව බද්ධයකින් පසු ලබාගන්නා ඖෂධත්,ක්ෂය රෝගයට ප්‍රතිකාර වශයෙන් ලබාදෙන්නා වූ ඖෂධත් අතර ප්‍රතික්‍රියා සිදුනොවන පිරිදි ඖෂධ ලබාදීම පාලනය කිරීම සිදුකල යුතුමයි.

ක්ෂය රෝගය පාලනයේදී ලබාදෙන මූලික ඖෂධ ලෙස රිෆැම්පසින්(Rifampicin),  පයිරසිනමයිඩ්(Pyrazinamide), ඊතම්බියුටෝල්(Ethambutol), අයිසොනියසයිඩ් (Isoniazode), ස්ට්‍රෙප්ටොමයිසින් (Streptomycin)  වැනි ඖෂධ සංයෝගයක් වශයෙන් මාස 6ක පමණ කාලයක් ලබාදීම සිදුවනවා. මෙම ඖෂධත් අවයව ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා ලබාදෙන ඖෂධත් එකිනෙක ප්‍රතික්‍රියා කිරීම වලක්වමින් ඒවා නිවැරදි වශයෙන් ලබාදීමට ඒ සදහා සුදුසුකම් ඇති වෛද්‍යවරුන්ගේ සහය ලබාගැනීම අනිවාර්යයෙන්ම සිදුකල යුතුයි.

 

 

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …