අවයව බද්ධ කිරීමකින පසු ලබාදෙන ප්‍රතිශක්තිය අඩුකරන ඖෂධ හේතුවෙන් එම පුද්ගලයන්ට මුඛය ආශ්රිත ගැටළු ඇතිවීමේද වැඩි ප්‍රවණතාවක් තිබෙනවා.
මෙම ගැටළු වලට නිවැරදි වේලාවේදී නිවැරදි ආකාරයෙන් ප්‍රතිකාර සිදුනොකලහොත් මරණය පවා සිදුවිය හැකියි.
ඇතිවිය හැකි මුඛ ගැටළු
අවයව බද්ධ කිරීමකින් පසු පලමු මාස 6තුල මුඛ ආශ්රිත ගැටළු ඇතිවීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා.ඒ නිසාම අවයව බද්ධ කිරීමකට පෙර වාගේම පසුත් මුඛ සෞඛ්‍ය ගැනත් අවදානයෙන් ඉන්නට අවශ්‍යමයි
මුඛ ආසාදන – ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධ ඔබ ලබාගන්නා නිසා සෑම විටම ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා. බැක්ටීරියා,යීස්ට් වැනි ජීවීන්ගෙන් ප්‍රධාන වශයෙන් මෙම ආසාදන ඇති විය හැකියි.
විදුරුමස් ඉදිමීම – මෙවැනි අවස්ථාවන් වලදී විදුරුමස ඉදිමීම සිදුවන අතර එවැනි අවස්ථාවන් වලදී දත් මැදීම පවා අපහසු වනවා.ඒ හේතුවෙන් ආහාර කැබිලි හා බැක්ටීරියාවන් ඒබඅතර රැදී දත් නරක්වීම වැනි තත්ව ඇතිවනවා.
මුඛයේ ඇතිවන තුවාල– රතු,කහ වැනි පැහැයකින් දිස්වෙන මෙම තුවාල සාමාන්‍යයෙන් ඇති වන්නේ තොල් වල,දිවේ හෝ කම්මුල් ඇතුගල් පැත්තේ ඇතිවනවා. මෙවැනි තත්ව වලට ප්‍රතිකාර සිදුනොකල හොත් ඒවා ආසාදනය විය හැකියි.
ඉහත් සදහන් කල තත්වයන් මෙන්ම තවත් වැඩි අවදානයක් යොමුකල යුතු තත්වයක් වන්නේ ඔබ ලබාගන්නා ප්‍රතිශක්තිය අඩුකරන ඖෂධ හේතුවෙන් මුඛ පිලිකා ඇති වීමේ අවදානමයි. ඒ නිසා ඔබ දන්ත වෛද්‍යවරයෙකු හමුවන සෑම අවස්ථාවකදීම ඹබට එවැනි තත්වයක් ඇත්දැයි පරික්ෂා කරන ලෙස වෛද්‍යවරයාට දන්වන්න.
මුඛය වියලීම – බොහෝ ඖෂධ වලින් මුඛය වියලීමේ තත්වයන් ඇතිවනනනට පුළුවන්.ඛේට ග්‍රන්ථි මගින් ප්‍රමාණවත් පිරිදි ඛේටය ස්රාවය නොවන විටත් මෙලෙස මුඛය වියලීම සිදුවනවා.ඒ වාගේම තමයි ඛේට ස්රාවය අඩුවූ විට මුඛය තුල ඇති බැක්ටීරියාවන් සේදී මුඛයෙන් ඉවත් නොවීම හේතුවෙනුත් දත් නරක්වීම හා විදුරුමස් ආසාදනය වීම් සිදුවනවා.
අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් මුඛ සෞඛ්‍ය ගැන වැඩි අවදානයක් ලබා දිය යුතුමයි. අවයව බද්ධයකින් පසු ආසාදන වලින් ආරක්ෂා වීම ගැන වැඩියෙන් කතාබහට ලක්වන නිසාම මුඛ ආසාදනත ඒ අතරට එක්වන බවත් මතක තබා ගත යුතුයි.
අවයව බද්ධ කිරීමේ ශල්‍යකර්මයට පෙර අනිවාර්යයෙන්ම දන්ත වෛද්‍යවරයෙකු හමුවී සම්පුර්ණ මුඛ පරික්ෂාවක් සිදුකරගත යුතුයි.එමෙන්ම අවයව බද්ධ කිරීමෙන් පසුත් දන්ත සෞඛ්‍ය ගැන අවදානය යොමුකල යුතුමයි. නැතිනම් එය බද්ධ කල අවයවය ප්‍රතික්ෂේප වීමට පවා හේතුවක් විය හැකියි. නමුත් වෛද්‍ය නිර්දේශය වන්නේ අවයව බද්ධ කිරීමෙන් මාස 3ක් පමණ ගතවනතුරු මුඛ පරීක්ෂණ සිදු නොකරන ලෙසටයි.
එලෙසම දන්ත වෛද්‍යවරයෙකු හෝ වෙනත් කිසියම් වෛද්‍යවරයෙකු හමුවන අවස්ථාවන් වලදී ඔබ අවයව බද්ධ කල පුද්ගලයෙකු බව සදහන් කල යුතුමයි.
දන්ත වෛද්‍යවරයෙකු සිදුකරන ප්‍රතිකාර වලදී ඔබගේ විදුරුමස් තුවාල වන හෝ තත්වයක් ඇතිවනවානම් වෛද්‍යවරයා විසින් ප්‍රතිජීවක ඖෂධ ඔබට නිර්දේශ කරනු ලබනවා.
සෑමපවිටමඔබ ලබාගන්නා ඖෂධ පිලිබදව ඔබ හමුවන වෛද්‍යවරයාට දැනුම් දෙන්න.
මුඛ ආසාදන වලින් නිවසේදී ප්‍රවේශම් වන්නේ කොහොමද?
- දිනකට දෙවරක් අනිවාර්යයෙන් දත් මදින්න. (කෑම කෑමෙන් පසු හා නින්දට යාමට පෙර )
- ඝනකම් කෙදි නැති සිනිදු කෙදි පමණක් ඇති දත්බුරුසු භාවිතා කරන්න.
- ඔබ Asprin වැනි ලේ කැටිගැසීම වැලැක්වීම සදහා ඖෂධ ලබාගන්නේ නම් විදුරුමස් තුවාලවීමේ ඇති හැකියාව වැඩි නිසා එ් ගැන ප්‍රවේශම් විය යුතුයි.
- විටින් විට මුඛය පිලිබදව ස්වයං පරීක්ෂණයක් සිදුකරන්න.පැහැය වෙනස්වීම්,බිබිලි,ලේ ගැලීම් වැනි දේ ගැන පරික්ෂා කරන්න.
- සීනි අඩංගු ආහාර හා පාන වර්ග පාලනය කරන්න.එවැනි ආහාර ගැනීමෙන් පසු වතුරෙන් මුඛය සෝදා හරින්න.
- මුඛව වියලීනම් හොදින් වතුර පානය කරන්න.
(මෙවැනි දේ ගැන අනෙකුත් සෑම දේ ගැනම අවදානයෙන් සිටීම ඉතාමත් වැදගත්. බොහෝ අවස්ථාවන් වලදී අපට මුඛ සෞඛ්‍ය පිලිබදව අමතක වන නිසා එය ඉතාමත් ගැටළුකාරී වී මරණය පවා ගෙන දිය හැකියි.)