දත් ගැලෙව්වට මේ දේවල් දැනගෙන සිටියේ නැහැ නේද?

 

මින් පෙර අප ඉදිරිපත් කල ලිපියක් මගින් වෛද්‍ය උපදෙස් වලින් තොරව දතක් ගැලවීම හේතුවෙන් ජීවිතය අහිමි වූ වකුගඩු බද්ධ කල පුද්ගලයෙකුගේ කථාවක් අප ඔබ සමග බෙදා ගත්තා. ඒ නිසා හරියට දත් ගැලවීම ගැන ලිපියක් ඔබ වෙත ගෙන එන්නට අපි තීරණය කලා. මේ ලිපිය මගින් අවයව බද්ධ කිරීමක් සිදු කලත් නොකලත් දත් ගැලවීමේදී සැලකිලිමත් විය යුතු අවස්ථාවන් පිලිබදව දැනගන්නට ඔබට හැකිවේවි.

දතක් ගැලවීම කියන්නේ මොකක්ද?

දත් සම්බන්ද වී ඇති  අස්ථි කොටසෙන් යම් බලයක් යොදවමින් දත ඉවත් කරගැනීම දත් ගැලවීම ලෙස අපට සරලව හදුන්වන්නට පුළුවන්.

දත් ගැලවීම අවශ්‍යවන අවස්ථාවන්

  • දත් දිරායාම
  • දත්වලට හානි සිදුවීම
  • අස්ථියෙන් ලිහිල් වූ දත්
  • මුඛය තුල ඇති දත් ප්‍රමාණය වැඩි වන අවස්ථාවන්
  • නිවැරදි කාලසීමාවේදී කිරිදත් වැටීම සිදුනොවන අවස්ථාවන්

දතක් ගැලවීම සිදුවන්නේ කොහොමද?

දතක් ගැලවීමට කලින් ඔබගේ දන්ත වෛද්‍යවරයා විසින් ඔබගේ සෞඛ්‍ය තත්වය,ඔබ ලබා ගන්නා ඖෂධ,මින් පෙර දන්ත සෞඛ්‍ය  වැනි දේ ගැන ඔබගෙන් අසා දැනගන්නවා. සාමාන්‍යයෙන් වෛද්‍යවරයා විසින් ඔබට මුඛයේ x-ray ඡායාරූපයක් ලබාගෙන පැමිණෙන මෙන් දන්වන අතර එවිට දත ගලවා ඉවත් කිරීමට පහසුම ක්‍රමය වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබනවා.

දත ගැලවීම සදහා ඔබ වෛද්‍යවරයා වෙත ගිය විට ඔබට ස්ථානීය නිර්වින්දන ලබාදෙන අතර (local anesthesia) ඉන් යම් වේලාවකට පසු හැකි පහසුම ක්‍රමයෙන් ඔබගේ දත ගලවා ඉවත් කිරීම වෛද්‍යවරයා විසින් සිදුකරනු ලබනවා.
මේ අතරින් ඉතා කලාතුරකින් අවස්ථාවකදී විශේෂිත තත්වයන් වලදී සම්පූර්ණ නිර්වින්දන තත්වයක් යටතේ ඔබගේ දත් ගලවා ඉවත් කිරීමට සිදුවන අතර එවැනි අවස්ථාවන් වලදී ඔබ රෝහල් ගත විය යුතු වනවා.

සමාන්‍යයෙන් දත් ගැලවීම සිදුකරන ආකාර දෙකක් තියෙනවා.

  • සාමාන්‍ය දත් ගැලවීම – දත ගැලවීමට පෙර ලබාදෙන නිර්වින්දන හේතුවෙන් දත් අවට පටක හිරිවැටීමට ලක්වූ පසු දන්ත වෛද්‍යවරයා විසින් දත වටා ඇති පටක බුරුල් කිරීම ආරම්භ කරයි. එමගින් දත රැදී ඇති අස්ථිමය කුහරයෙන් දත ඉවත් කිරීම පහසු වනවා. එවිට දන්ත වෛද්‍යවරයා විසින් දත ගලවා ඉවත් කරන අතර එවිට ඔබට යම් පීඩනයක් වැනි දෙයක් දැනෙන නමුත් ලොකු වේදනාවක් ඇති වන්නේ නැහැ. ඉන්පසු එම ස්ථානයෙන් සිදුවන රුධිර වහනය වලක්වා ගැනීම සදහා ගෝස් කැබැල්ලක් බන අතර පසුව ඇති වන වේදනාව අඩුවීමට හා තුවාලය සුවවීමට වෛද්‍යවරයා විසින් ඖෂධ ලබාදෙනවා.
  • ශල්‍යකර්මයක් මගින් දත් ගැලවීම –  විශේෂිත අවස්ථාවන් වලදී වෛද්‍යවරයා කුඩා ශල්‍යකර්මයක් මගින් අවශ්‍ය දත ඉවත් කිරීමට තීරණය කරනවා.
    එවැනි තත්වයක් අවශ්‍යවන අවස්ථාවන් කිහිපයක් ඇත

    • විදුරුමස් පලාගෙන එලියට නොපැමිණි දත්
    • එක්වර ගලවා ඉවත්කල හැකි තරමට වඩා විශාල දත්ශල්‍යකර්මයක් මගින් දත් ගැලවීම – මෙවැනි
    • දිරාගිය දත් වැනි අවස්ථාවන් වලදී ඔබගේ වෙවද්‍යවරයා විසින් සිදුකල යුතු නිවැරදි ක්‍රියාපිලිවෙල තීරණය කරනු ඇත.

දත් ගැලවීමේ අතුරු ආබාධ තිබෙනවාද?

  • පැය 24ක පමණ කාලයක් යන තුරු සුළු වශයෙන් රුධිරය වහනය වීම
  • අසල ඇති දත් වලට හානි සිදුවීම
  • දත සම්පූර්ණයෙන් ගලවා ඉවත් නොවීම වැනි තත්වයන් ඇති වන්නට පුළුවන්. නමුත් මේ කිසිදු තත්වයක් බරපතල තත්ව නොවෙයි.

දත් ගැලවීමට පෙර සැලකිලිමත් විය යුතු තත්වයන් මොනාද?

  • අධි රුධිර පීඩනය
  • උණ, කැස්ස වැනි තත්වයන් පැවතීම
  • ඇස්ප්‍රින් වැනි රුධිර ප්‍රතිකැටිකාරක (ලේ තුනී කාරක) භාවිතා කිරීම  –  මෙහිදී දත් ගැලවීමට දින කිහිපයකට පෙර එම ඖෂධ ලබාගැනීම නවතා දැමිය යුතුයි.
  • දියවැඩියාව
  • ප්‍රතිශක්තිකරණය ආශ්‍රිත රෝගී තත්වයන් පැවතීම
  • ආසාදන පැවතීම
  • ඔස්ටියෝපොරෝසිස් තත්වයන්
  • ආසාත්මිකතාවයන් (allergies) පැවතීම

දත් ගැලවීමකින් පසු පරිස්සම් විය යුත්තේ කෙසේද?

දත් ගැලවීමකින් පසු සිදුකල යුතු හා නොකල යුතු දේ

  • වෛද්‍යවරයා විසින් ලබාදුන් වේදනානාශක ලබාගන්න
  • දත ගැලවීමෙන් පසු පැය 12ක් පමණ යනතුරු දත් මැදීම,කට සේදීම වැනි දේ කිරීමෙන් වලකින්න
  • දත ගැලවීමෙන් පසු පැය 24ක් යාමෙන් පසු දත් මැදීම සිදුකරන්න,නමුත් දත ගැලවූ ස්ථාන මගහරින්න
  • අධික රස්නය සහිත හෝ අධික සීතල පාන වර්ග,ආහාර ගැනීමෙන් වලකින්න
  • දත ගැලවීමෙන් පැය 24කට පසු ලුණු වතුරෙන් කට සේදීම කරන්න.
  • සුප් වර්ග,පුඩින් වර්ග වැනි මෘදු ආහාර ගන්න.

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …