අස්ථි ඝණත්වය සොයන DEXA Scan

DEXA Scan  කියන වචනය සමහරුන්ට අළුත් වචනයක් වෙන්නත් පුළුවන්, නමුත් අවයව බද්ධ කල කෙනෙක් විදියට DEXA Scan කියන දේ ගැන අපි දැනගෙන ඉන්නට අවශයමයි. මේ පරීක්ෂණය මගින් කරන්නේ අපේ සිරුරේ ඇති අස්ථි ස්කෑන් කිරීමකට ලක් කිරීමයි. එමගින් ඔස්ටියෝපොරෝසිස් (osteoporosis)  තත්වය ඇතිවීමට ඇති හැකියාව පිලිබදව සොයාබැලෙනවා. මෙම පරීක්ෂණය මගින් කැල්සියම් ඇතුළු අස්ථි තුල තැම්පත් වී ඇති වෙනත් ඛනිජ වර්ග අස්ථි කොටසක් තුල තැන්පත් වී ඇති ආකාරය සම්බන්දයෙන් පරික්ෂා කෙරෙන අතර ඒ සදහා X-ray ඡායාරූප යොදා ගනු ලබනවා.

DEXA Scan එකක් කරන්නේ ඇයි?

  • අස්ථි බිදීයාමක් සිදුවීමට පෙර අස්ථි වල ඝණත්වය අඩුවී ඇත්දැයි පරික්ෂා කිරීමට
  • ඔස්ටියෝපොරොසිස් තත්වයන් හදුනාගැනීමට
  • ඔස්ටියෝපොරෝසිස් ප්‍රතිකාර වල තත්වය නිරීක්ෂණය කිරීමට

ඔස්ටියෝපොරොසිස් තත්වයන් වැඩි වශයෙන් වාර්තා වන්නේ කාන්තාවන්ට වූවත් පිරිමි පුද්ගලියන්ටද මෙම තත්වය ඇතිවිය හැකිය. ඒ නිසාම ඔබගේ වයස හෝ ලිංගිකත්වය පිලිබදව තීරණය කිරීමකින් තොරව පහත සදහන් අවස්ථාවන් වලදී වෛද්‍යවරුන් විසින් ඔබට අස්ථි ඝණත්වය සෙවීමේ පරීක්ෂණයක් සිදුකිරීමට නිර්දේශ කරනු ලබනවා

 

  • උස අඩුවීම  –  පුද්ගලයෙකුගේ උස සාමාන්‍යයෙන් 4cm වලින් පමණ අඩුවූ විට එයට හේතු වන්නේ කොදුඇට පෙලේ අස්ථිවල සිදුවන සම්පීඩක අස්ථි බිදීයාමක් (compression fractures) විය හැකි බැවින් වෛද්‍යවරු විසින් මෙම පරීක්ෂණය සිදුකරනු ලැබේ.
  • අස්ථි බිදීමක් සිදුවූ විට – අස්ථි ඉතාමත් කැඩෙනසුළු තත්වයට පත්වූ විට කැස්සක් හෝ කිවිසුමකින් පවා අස්ථි බිදීයාමක් සිදුවිය හැකියි. එම නිසා එවැනි අවස්ථාවකදීද වෛද්‍යවරුන් විසින් මෙම පරීක්ෂණය සිදුකරනු ලැබේ.
  • දීර්ඝකාලීනව ඖෂධ ලබාගන්නා විට – ප්‍රෙඩ්නිසොලෝන් වැනි ස්ටෙරොයිටමට ඖෂධ දීර්ඝකාලීනව ලබාගන්නා විට එම ඖෂධ අස්ථි යලි නිපදවීමේ ක්‍රියාවලිය අඩපණ කිරීම හේතුවෙන් එවැනි රෝගීන්ගේද මෙම පරීක්ෂණ්‍ය සිදුකරනු ලැබේ.
  • බද්ධ කිරීමක් සිදුකල පුද්ගලයන් – අවයව බද්ධ කිරීමක් හෝ ඇටමිදුළු බද්ධ කිරීමක් සිදුකල පුද්ගලයන් ඒවා ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා ලබාගන්නා ඖෂධද අස්ථි කෙරෙහි ඝෘජු බලපෑමක් සිදුකරන බැවින් එවැනි අවස්ථාවන් වලද මෙම පරීක්ෂණය සිදුකරනු ලැබේ.
  • හෝමෝන ප්‍රමාණයන් අඩුවූ විට –කාන්තාවකගේ ආර්තවහරණයෙන් තොරව සිදුවන ඊස්ට්‍රජන් හෝමෝන ප්‍රමාණය අඩුවීමත්,පුරස්ථ ග්‍රන්ථි ආශ්‍රිත රෝගයන් වලදී පිරිමි පුද්ගලයන්ගේ ටෙස්ටෙස්ටොරෝන් ප්‍රමාණය අඩුවීමත් සිදුවිය හැක. මේ ආකාරයෙන් යම් හේතුවක් මත ලිංගික හෝමෝන ප්‍රමාණයන් ශරීරයේ අඩුවන්නේ නම් ඒවා අස්ථි කෙරෙහිද බලපෑම් ඇති කරයි.

මෙම පරීක්ෂණය සදහා සූදානම් විය යුත්තේ කෙසේද?

  • මෙම පරීක්ෂණය ඉතාමත් පහසු,ඉක්මන් හා වේදනාවෙන් තොර පරීක්ෂණයකි. ඒ සදහා විශේෂිත සූදානමක් අවශ්‍ය නොවේ.
  • විවිධ පරීක්ෂණ සදහා ශරීරයට එන්නත් කරන රසායනිකයන් එන්නත් කර ඇත්නම් ඒ පිලිබදව පරීක්ෂණය  සිදුකරන වෛද්‍යවරයාට දන්වන්න.
  • ඔබ කැල්සියම් අතිරේකයන් ලබාගන්නේ නම් පරීක්ෂණය සිදුකිරීමට පැය 24කට පෙර ඒවා ගැනීම නතර කල යුතුයි.
  • සිප්,බෙල්ට්,බොත්තම් වැනි දේ ඇති ඇදුම් ඇදීමෙන් වැලකිය යුතුයි. එලෙසම පරීක්ෂණය සිද්කරන විට කිසිදු ලෝහමය ද්‍රව්‍යයක් ඔබ සතුව නොතිබිය යුතුයි. ඒ නිසා සෑම අවස්තාවකදීම පාහේ පරීක්ෂණය කිරීමට පෙර රෝහල මගින් ලබාදෙන වෙනම ඇදුමකින් සැරසී පරීක්ෂණය සිදුකිරීම රෝගියා යොමු කරනු ලැබේ.

    අස්ථි ඝණත්වය සෙවීම සදහා පරීක්ෂාවට ලක්කෙරෙන ස්ථාන

    අස්ථි ඝණත්වය සොයන පරීක්ෂණ වලදී වැඩි අවදානයක් යොමු වන්නේ ඉක්මණින් අස්ථි බිදීයාමකට ලක්විය හැකි ස්ථානයි. ඒ අතරින්

    • කොදුඇට පෙලේ පහළ කොටසේ අස්ථි( Lumbar Vertebrae)
    • කළව ප්‍රදේශයේ ඇති අස්ථියේ (femur) ඉහළ කොටස හා උකුල් සන්ධිය
    • විලුඹ
    • ඇගිලි
    • මැණික් කටුව ප්‍රදේශය විශේෂ වෙයි.

    මෙම පරීක්ෂණය සිදුකිරීමේදී ඔබට ඇදක වැනි ස්ථානයක ඇලව සිටීමට සලස්වන අතර (නිදාගන්නා ආකාරයට) ඔබගේ සිරුර මතින් ස්කෑන් යන්තයේ බාහුවක් ගමන් කිරීම සිදුවෙයි. මෙම පරීක්ෂණය සදහා සාමාන්‍යයෙන් විනාඩි 10 සිට 30 දක්වා කාලයක් ගතවන අතර පරීක්ෂණය සිදුකිරීමට පෙර ඔබගේ රෝග ඉතිහාසය ඔබ ලබාගන්නා ඖෂධ,ඔබගේ ජීවන රටාව වැනි දේ පලිබදව විමසා අවශ්‍ය කරුනු සටහන් කරගනු ලැබේ.

    මෙම පරීක්ෂණය කිරීමේදී ශරීරයට ඇතුල් වන විකිරණ ප්‍රමාණය Xray පරීක්ෂණයක් කිරීමේදී සිරුරට ඇතුල්වන විකිරණ ප්‍රමාණයට වඩා ඉතාමත් අඩු වීමද විශේෂත්වයකි.

About freddy

Check Also

වකුගඩු රෝගී ඔබට ව්‍යයාම කරන්න බැරිද??

එදිනෙදා ජීවිතයේදී ක්‍රියාශීලීව ඉන්න එක රෝගයක් තිබුනත් නැතත් අපි හැමෝටම ගොඩක් වැදගත් දෙයක්.. ඒ වගේම …