වකුගඩු වල හා මුත්‍රා මාර්ගයේ ගල් ඇතිවීම කියන්නේ යම් පුද්ගලයෙකුට ජීවිතයේ ලැබිය හැකි දරුණුතම වේදනාවල් වලින් එකක්. ඒ බවට එම වේදනාව විද ඇති අය සාක්ෂි දරනු නොඅනුමානයි.
ඒ නිසා අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ වකුගඩු ගල් ඇතිවීමෙන් පසු ඒවා ඉවත් කරන ලේසර් කිරණ ප්‍රතිකාරය සම්බන්දවයි.
ලෙසර් කිරණ මගින් වකුගඩු ගල් ඉවත් කිරීම සිදුවන්නේ කොහොමද?
මෙහිදී ඔබ සිරුරේ කිසිදු කැපීමක් සිදුකරන්නේ නැහැ. එහිදී සිදුවන්නේ ඔබගේ ශල්‍යවෛද්‍යවරයා විසින් ureteroscope නම් උපකරණයක් ඔබගේ මුත්රාමාර්ගය හරහා මුත්රශය වෙත ඇතුල් කිරීමයි. එම උපකරණයේ කෙලවර ආලෝකය නිකුත් කරන ආකාරයට නිපදවා තිබෙනවා. එම උඵකරණය මුත්රාශයට ඇතුල් වූ පසු මුත්‍රා වාහිනී හරහා ආලෝකය යොමු කරමින් නිවැරදිව ගල් පිහිටා ඇති ස්ථානය සොයාගනු ලබනවා.
ඉන්පසු එම උපකරණයෙන් අධි බලැති holmium කිරණ එම ගල් වෙත යොමු කර ගල් කුඩා කොටස් වශයෙන් කඩා ගැනීම සිදුකරනවා. ඉන්පසු ප්‍රමාණයෙන් විශාල කැබලි වෙනත් උපකරණයක් මගින් මුත්රාමාර්ගය හරහා පිටතට ගන්නා අතර කුඩා ප්‍රමාණයේ කැබලි පසුව මුත්‍රා පිටකිරීමේදී ඒ සමග සිරුරෙන් ඉවත්වීම සිදුවනවා.
මෙයින් පසුව ඔබගේ වෛද්‍යවරයා විසින් stent ලෙස හැදින්වෙන කුඩා බටයක් වැනි උපකරණයක් ඔබගේ වකුගඩු හා මුත්‍රා මාර්ගය අතර රැදවීම සිදුකරන අතර එමගින් ඉතිරි වූ කඩා ගල් කැබිලි පහසුවෙන් ඉවත්වීමට සලස්වන අතර ලේසර් කිරණ වලින් පසු වකුගඩු,මුත්‍රා වාහිනී ඇතුළු ප්‍රදේශ සුවවීම සදහා,වකුගඩු වල නිපදවන මුත්‍රා පිටවීම සදහාත් මෙම stent යෙදීම වඩාත් පහසුවක් වනවා.
ශල්‍යකර්මයෙන් සතියකට පමණ පසු stent එක ඉවත් කරන අතර සම්පූරණ විකිරණ ක්‍රියාවලිය සදහා ගතවන්නේ පැයක පමණ කාලයක්. නමුත් ගල් වල ප්‍රමාණය හා සංඛ්‍යාව මත මෙම ප්‍රමාණය වෙනස් වන්නට පුළුවන්.
විකිරණ ප්‍රතිකාරය කිරීමට පෙර ඔබ ලබාගන්නා ඖෂධ හා වෙන් ආහාර සම්බන්දයෙන් ඔබට අවශ්‍ය උඵදෙස් වෛද්‍යවරයා විසින් ලබාදීම සිදුවනවා. මෙම ප්‍රතිකාරය සිදුකරන්නේ සාමාන්‍යයෙන් පූර්ණ නිර්වින්දන තත්වයන් යටතේයි.
විකිරණ ප්‍රතිකාරයෙන් පසු ඔබට අපහසුතාවයක් දැනෙනවාද ?
ප්‍රතිකාරයෙන් පසුත් දින කිහිපයක් යන තුරු යම් වේදනාවක් ඔබට දැනෙන්ට පුළුවන්. එමෙන්ම විටින් විට මුත්‍රා කිරීමට අවශ්‍යතාවයක් දැනීම,මුත්‍රා සමග සුළු වශයෙන් රුධිරය පිටවීම වැනි දේ සිදුවන්නට පුළුවන්. පිරිමි පුද්ගලයන්ගේ ශිෂ්ණය හා වෘෂණ කෝෂ ආශ්‍රිතවද ඇතැම් විට වේදනාවක් ඇති වන්නට පුළුවන්.
ප්‍රතිකාරයෙන් පසු වෛද්‍යවරයා විසින් වේදනාව අඩුවීමට මෙන්ම විශබීජ ආසාදන වැලැක්වීමට ප්‍රතිජීවක ඖෂධ හා වෙනත් පවතින තත්වයන් මත ඖෂධ නියම කරනු ඇත. ප්‍රතිකාරයේ පසුත් හැකි උපරිම වතුර පානය කල යුතුයි. එය ඔබගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වයට හොද අතරම ඉතිරිව ඇති කුඩාගල් කැබැලි ඉවත් වීමටත් එය හේතුවක් වනවා.
මෙම ප්‍රතිකාරයෙන් පසු ඔබට ඉතා ඉක්මනින් ඔබගේ සාමාන්‍ය කටයුතු කරගැනීමට හැකි වන අතර ඒ සදහා අනිවාර්්‍යයෙන් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුමයි.
මෙසේ ඉවත් කරගත් ගල් බොහෝ අවස්ථාවන් වලදී එහි සංඝටක පරික්ෂා කිරීම සදහා පරික්ෂාවට ලක්වන අතර එහි අඩංගු සංඝටක අනුව ඉදිරියේදී එවැනි තත්වයන් ඇති නොවීමට කටයුතු කල යුතු අාකාරය පිලිබදව වෛද්‍යවරුන් විසින් ඔබට අවශ්‍ය උපදෙස් ලබාදෙනු ඇත.