සන්ධි ඉදිමෙන්න තවත් හේතුවක් වන Gout

Gout කියන්නේ මොකක්ද?

Gout කියන්නේ ආතරයිටීස් තත්වයක් විදියට සරලවම හදුන්වා දෙන්නට පුළුවන්.මේ තත්වයේදී සිදුවෙන්නේ යූරික් අම්ලය අපගේ අස්ථිවල සන්ධි අතර තැන්පත්වීමයි. යූරික් අම්ලය අපගේ ශරීරයේ ඇතිවන්නේ අපගන්නා ආහාර වල ඇති “පියුරීන්” (purines ) නම් සංඝටකය බිද වැටීමෙනුයි.

අාතරයිටීස් තත්වයන් වලදී ඇති වන වේදනාව ඇතිවීමට මෙසේ යූරික් අම්ලය අස්ථි සන්ධි ආශ්‍රිතව රැස්වීම හේතුවක් වීමට පුළුවන් වගේම යූරික් අම්ලය රැසිවීම මගින් වකුගඩු වල ගල් ඇතිවීම,වකුගඩු  වල පෙරීමේ ක්‍රියාවලියටඩ බාධා ඇතිවීම හා ඒ හරහා වකුගඩු අකර්මන්‍ය වීම වැනි තත්වයන් පවා ඇති වන්නට පුළුවන්.

Gout තත්වයේ රෝග ලක්ෂණ මොනාද?

කෙටි කාලීනව ඇතිවන gout තත්වයකදී එම සන්ධිය ආශ්‍රිතව කැක්කුමක් ඇති වන අතර පසුව එම ස්ථානය උණුසුම් වීම,ඉදිමීම හා රත් පැහැ ගැන්වීම සිදුවනවා. එලෙසම එම ස්ථාන යම් කිසි තද ස්වභාවයකින් යුක්තවනවා.

මෙම තත්වයේදී ප්‍රධාන වශයෙන්ම මෙම තත්වය වර්ධනය විය හැකි ස්ථාන වන්නේ විලුඹ,දණහිස,මැණික් කටුව,ඇගිළි හා වැලමිට වැනි සන්ධියි.ඇතැම් පුද්ගලයන් සදහා මෙම තත්වයන් වැඩි වේදනාවක් ඇති නොරන්නා වූවත් ඇතැම් පුද්ගලයන්ට මෙම තත්ව හේතුවෙන් දැඩි වේදනාවක් ඇති වන්නට පුළුවන්. බොහෝ විට මෙම වේදනාවන් පැය කිහිපයක් හෝ දින කිහිපයක් පවා පවතින්නට පුළුවන්.

Gout වැඩිපුරම ඇති වන්නේ කාටද?

සමීක්ෂණ වලින් හෙලිවී ඇති ආකාරයට Gout තත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවය කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන්ගේ ඉහළ වන අතර කාන් මැතාවන්ට ආර්තවහරණයෙන් පසු Goutව  තත්වයන් ඇතිවීම සුලභව දැකගත හැකියි.

එමෙන්ම රුධිරයේ යූරික් අම්ල ප්‍රමාණය වැඩි පුද්ගලයන්ට එනම් hyperuricemia තත්වය ඇති පුද්ගලයන්ටත් Gout තත්වය ඇතිවීමේ අවදානම වැඩියි

එමෙන්ම අධික තරබාරු පුද්ගලයන්,මත්පන් භාවිතා කරන පුද්ගලයන්ට,අධි රුධිර පීඩනය ඇති පුද්ගලයන්ට හා වකුගඩු ආබාධ ඇති පුද්ගලයන්ටත් මෙම තත්වය ඇතිවීමේ වැඩි අවදානමක් පවතිනවා.

Gout තත්වය පිටතට දිස්වන්නේ කොහොමද?

මහපට ඇගිල්ල ආශ්‍රිතව Gout තත්වය ඇති වී ඇති අයුරු

Gout තත්වය අපට සුලභව දැකගත හැකි තැනක් තමයි අපේ කකුලේ මහපට ඇගිල්ල කියන්නේ. බොහෝමයක් අවස්ථාවන් වලදී  එම ඇගිල්ල තමයි මේ තත්වයට ගොදුරු වන්නේ. ඊට අමතරව අතේ ඇගිලි, දණහිස්,වැලමිට වැනි සන්ධි වලත් මෙම තත්වය අපට දැකගන්නට පුළුවන්.

 

Gout තත්වයන් වලක්වාගන්නේ කෙසේද?

දිනපතා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම gout තත්වයන් ඇතිවීම වළක්වා ගත හැකි පහසුම ආකාරයයි. එලෙසම gout ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම මගින් මේ වන විටත් gout  තත්වයන් ඇති පුද්ගලයන්ට වකුගඩු ආශ්‍රිතව ගල් ඇතිවීම පවා ඒ හේතුවෙන් මගහැරී යන්නට පුළුවන්.

මධ්‍යසාර භාවියතයත් gout තත්වයන් ඇතිකිරීමේ අවදානම ඉහළ යාමට හේතුවක් වනවා. විශේෂයෙන් මධ්‍යසාර සතුව මුත්‍රා වැඩියෙන් පහකිරීමේ ගුණයක් එසේත් නැතිනම් diuretic ගුණයක් පැවතීම හේතුවෙන් ඒ හරහා විජලන තත්වයන් ඇති වන්නටත් විජලන තත්වයන් හේතුවෙන් gout වැනි තත්වයන් වර්ධනය වීමටත් හැකියාව පවතිනවා. එමනිසා මධ්‍යසාර භාවිතයෙන් වැලකී සිටීම කල යුතුමයි.

මුහුදු ආහාර හා මස් වර්ග මගින් Gout තත්වයන් ඇතිවීමේ අවදානම ඉහළ යන අතර කිරි ආශ්‍රිත ආහාර මගින් එම තත්වය ඇතිවීමේ අවදානම පහළ යන බව පර්යේෂකයන් විසින්  සොයාගෙන තිබෙනවා.

 

(අද අපි GOUT ගැන කතා කරන්න හිතුවේ පුද්ගලිකව මාත් වකුගඩු බද්ධ කිරීමට පෙර එම තත්වයන් පීඩා විදීම නිසාත් මේ වන විටත් එම තත්වයට මුහුණ දෙන පිරිස් මා හදුනන නිසාත් එවැනි පුද්ගලයන්ට මේ හරහා යම් දැනුමක් ලබාදීමේ අරමුණ ඇතිවයි.

ඔබට Gout තත්වය ඇති බව වෛද්‍යවරුන් විසින් සිදුකරන පරීක්ෂණ මගින් දැනගත් පසු ඒ සදහා අදාළ ඖෂධ වන Allupurinol, probencid වැනි ඖෂධ හෝ Ibuprofen,Naproxen වැනි NSAIDs වැනි ඖෂධ හෝ ඔබගේ සෞඛ්‍ය තත්වයට ගැලපෙන පරිදි ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබට ලබාදෙනු ඇති. )

 

 

(https://www.webmd.com ඇසුරිණි)

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …