Dialysis කරන Catheters එහෙමත් නැතිනම් Neckline ගැන දැනගනිමු

Hemodialysis එහෙමත් නැතිනම් රුධිර කාන්දුකරණය කියන්නේ මොකක්ද කියල අපේ වෙබ් අඩවියත් එක්ක ඉන්න ඔයාල දැන් ගොඩ දෙනෙක් දන්න දෙයක්. ඒ නිසා මම මේ ලිපිය හරහා ඒක විස්තර කරන්නේ නැහැ. අද අපි මූලිකව අවදානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ රුධිර කාන්දුකරණය කරන්න පුළුවන් ක් විදියක් ගැන. වකුගඩු රෝගය පිළිබදව අත්දැකීම් ඇති අය හැරෙන්නට අනික් බොහෝ දෙනා දැකල තියෙන්නේ රෝගියාගේ අත හරහා dialysis යන්ත්‍රයට සම්බන්ද වෙන ආකාරය. නමත් අත හරහා නැතුව වෙනත් ස්ථාන වලිනුත් මෙම යන්ත්‍රය රෝගියාට සම්බන්ද කරනවා. අද අපි කථා කරන්න යන්නේ ඒ “තැන්” ගැන.

  • අතේ ධමනියක් හා ශිරාවක් සම්බන්ද කර නිර්මාණය කරන AV fistula එකක්
  • අතේ ධමනියක් හා ශිරාවක් අතර කඩා බටයක් යොදා නිර්මාණය කරන AV fistula එකක්
  • බෙල්ල වැනි ස්ථාන වලින් ගමන්ගන්නා විශාල ශිරාවකට ඇතුල් කරන catheter එකක් වැනි ේ හරහා තමයි රෝගියා dialysis යන්ත්‍රයට සම්බන්ද වීම සිදුවෙන්නේ. මීට අමතරව කකුල එහෙමත් නැතිනම් කලවා ප්‍රදේශයේ ගමන්ගන්නා ශිරාවක් හා ධමනියක් එක්කරන අවස්ථාත් තිබෙනවා.

Hemodialysis catheter එකක් එහෙමත් නැතිනම් Neckline එකක් කියන්නේ මොකක්ද?

මේ ආකාරයේ සම්බන්දතාවයක් අපි හදුන්වන්නේ tunneled catheter කියලයි. ඊට හේතුව වන්නේ ඒවා රෝගියාගේ සමට යටින් නිර්මාණය කිරීමයි. මේ tunneled catheter ආකාරයත් තවත් ආකාර දෙකකට වෙන් කරන්න පුළුවන්.

  1. Non-cuffed tunneled catheters – මේ ආකාරයේ කැතීටර් භාවිතා කරන්නේ හදිසි අවස්ථා වලදීයි.ඒ නිසාම මෙවැනි කැතීටර් භාවිතා කල හැකි කාලයත් සීමතයි. සාමාන්‍යයෙන් සති 3ක වගේ කාලයක් තමයි මේ කැතීටර් මගින් රුධිර කාන්දුකරණය කරන්න පුළුවන් වෙන්නේ.
  2. Tunneled cuffed catheters – කැතීටර් ආකාර අතරින් මේ ආකාරය තමයි වැඩි වශයෙව් භාවිතා වෙන්නේ. මේ ආකාරයේ කැතීටර් අපිට සාපේක්ෂව දීර්ඝ කාලයක් භාවිතා කරන්න පුළුවන්.

මේ කැතීටර් ආකාර දෙකේම සමෙන් පිටතට එන බට වැනි ව්‍යුයහයන් දෙකක් තිබෙනවා.ඉන් එකක් රතු පාටිනුත් එකක් නිල් පාටිනුත් දැකගන්න පුළුවන්. මේ නිල් පාට විවරයෙන් (නැතිනම් බටයෙන්) තමයි පිරිසිදු කරපු රුධිරය නැවතත් අපේ ශරීරය තුලට එන්නේ.රතුපාට විවරයෙන් තමයි අපේ ශරීරයේ තිබෙන අපිරිසිදු රුධිරය ඩයලයිසිස් යන්ත්‍රය වෙත යන්නේ.

මේ විදියට නෙක් ලයින් එකක් හරි කැතීටර් එකක් හරි භාවිතා කරල රුධිර කාන්දුකරණය කරන්න වෙන්නේ අතේ නිර්මාණය කරපු AV fistula එක නිවැරදිව ක්‍රියාත්මක නොවන අවස්ථාවලදීයි. ඒ වගේම AV fistula එකක් නිර්මණය කිරීමෙන් පසුව ඒක පරිනථ වී නියමිත තත්වයට පැමිණීමට ගතවන කාලය තුල රෝගියාට රුධිර කාන්දුකරණ ප්‍රතිකාරය අවශ්‍ය වුවහොත් ඒ සදහාත් මෙවැනි කැතීටර් වෛද්‍යවරුන් විසින් නිර්මාණය කරනු ලබනවා.

කැතීටර් (Neckline) එක පරිස්සම් කරගන්නේ කොහොමද?

  • catheter එක වැසීම සදහා භවිතා කරන ගෝස්(Gauze) සහිත ආවරණය පිරිසිදුව තබාගන්න
  • රුධිර කාන්දුකරණය සිදුකරන සෑම අවස්ථාවකදීම එම ගෝස් අාවරණය අළුත් කරන්නේදැයි විමසිලිමත් වන්න.
  • කිසිදු අවස්ථාවක catheter එකේ විවවරයන් විවෘත කිරීමට උත්සහ කිරිමෙන් වලකින්න.
  • catheter ආසන්නයේ සමේ වේදනාවක් ,පැහැය වෙනස් වීමක් වැනි දේ ඇත්නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් කරා යොමු වන්න.

මේ ආකාරයෙන් ඔබගේ catheter  එක ප්‍රවේශම් කර ගැනීමෙන් වැඩි කාලයක් එය හරහා රුධිර කාන්දුකරණය කිරීඹට ඔබට හැකියාව ලැබෙනවා. එමෙන්ම විශේෂයෙන්ම විශබීජ ආසාදන හා රුධිර කැටි ගැසීමේ අවස්තාද ඒ හරහා මගහැරී යනවා.

catheter එක තුල හෝ ඉන් පිටත රුධිර කැටි ඇතිවුවහොත් ඒ හරහා රුධිරය ගලායෑමේ සීඝ්‍රතාවය අඩුවනවා. ඒ නිසා එවැනි අවහිරතාවයක් ඇත්නම් එය එම අවස්ථාවේදිම නිවැරදි කල යුතුයි.එමෙන්ම විශබීජ ආසාදනයකදී catheter එක හරහා රුධිරය ගමන් කරන සීඝ්‍රතාවයේ වෙනසක් සිදුවන්නේ නැහැ. නමුත් පහත සදහන් රෝග ලක්ෂන ගැනනම් අවදානයෙන් සිටින්නට ඔබට සිදුවනවා.

  • උණ.
  • වෙව්ලීම
  • catheter එක ඇති ස්ථානයෙන් යම ස්‍රාවයන් පිටවීම
  • catheter එක ඇති ස්ථානය රතු පැහැ වීම

මෙවැනි රෝග ලක්ෂණ ඔබට ඇතිනම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම කල යුතුයි. එවිට ඔබගේ ආසාදන තත්වය හදුනගන්නා වෛද්‍යවරුන් විසින් එයට අදාල ප්‍රතිකාරය සදහා ඔබයොමු කරනු ඇත

අතේ නිර්මාණය කරන Fistula එකකින් රුධිර කාන්දුකරණය කරද්දි වාගේම මේ ක්‍රමයෙන්  රුධිර කාන්දුකරණය කරද්දිත් වේදනාවක් දැනෙන්නේ නැහැ. මේ ක්‍රමයේ ඇති අවාසිය වන්නේ අතේ නිර්මාණය කරන Fistula එකක් වගේ දීර්ඝ කාලයක් මේක භාවිතා කරන්න බැරිවීමයි.

(මගේ පුද්ගලික අත්දැකීම ඔබත් සමග බෙදා ගත්තොත් මේ ක්‍රමයෙන් තමයි මමත් රුධිර කාන්දුකරණය සිදුකලේ මාස දෙකකට වඩා ටිකක් වැඩි කාලයක්. ඒ කාලය තුලදී මගේ neckline එකේ ආසාදන කිසිවක් මට ඇති වුනේ නැහැ. ඒ නිසා තත්වය ටිකක් යහපත් වුනා. මට ඇති වුන ගැටළුව තමයි අවස්ථා කිහිපයකදීම මැහුම් ගැලවී තිබිම. ඒනිසා රුධිර කාන්දුකරණයෙන් පස්සේ වෛද්‍යවරුන්ට සිදුවුනා මට ආපහු මැහුම් දාන්න. )

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …