අපිට නුපුරුදු Nocturnal hemodialysis

අද අපි කථා කරන්න හිතුවේ රුධිරකාන්දුපෙරණයේ තවත් එක් අවස්ථවක් ගැන. මින් පෙර අපි රක්ත කාන්දුපෙරණය(hemodialysis) හා පරිථාන කාන්දුපෙරණය(peritoneal dialysis) යන ආකාර දෙක ගැන කථා කරල තියෙනවා. ඒ දෙක අතරිනුත් අපේ වැඩි අවධානයක් යොමු වුනේ රක්ත කාන්දුපෙරණය(hemodialysis) වලට.මොකද ඒ ක්‍රමය තමයි බහුලව ලෝකයේ භාවිතා වන්නේ.

අද අපි කථා කරන්නේ රාත්‍රී කාලයේදී සිදුකරන රක්තකාන්දුපෙරණය ගැන.

වකුගඩු රෝගය ගැන අත්දැකීමක් ඇති හෝ ඩයලයිසිස් කරන අය දන්නවා ඇතැම් රෝගීන්ව විශේෂයෙන්ම රාත්‍රීයේදී ඩයලයිසිස් කරන ලෙසට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනවා. ඇයි එහෙම කරන්නේ.ඒකේ තියෙන විශේෂත්වය මොකක්ද කියන දේ තමයි අද අපි කථා කරන්නේ.

 nocturnal hemodialysis එහෙමත් නැතිනම් රාත්‍රී රක්තකාන්දුපෙරණය කියන්නේ මොකක්ද?

Nocturnal කියන එකෙන් අදහස් වෙනනේ රාත්‍රී කියන එක.Nocturnal dialysis කිරීම අනෙක් ඩයලයිසිස් ක්‍රියාවලීන්ට වඩා මන්දගාමීයි,ඒ නිසාම වැඩි වේලාවක් ගත වෙනවා. රෝගීයා නිදන අවස්ථාවකදී පවා ඩයලයිසිස් කිරීම සිදුකරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ සදහා පැය 6ක් 8ක් පමණ ගතවනවා. සාමාන්‍ය ඩයලයිසිස් කිරීමක් සදහා ගතවන්නේ සාමාන්‍යයෙන් පැය 4ක වගේ කාලයක්.විදෙස් රටවල මෙම ඩයලයිසිස් ආකාරය තම නිවසේදි පවා සිදුකර ගත හැකි ආකාරයට සකස් කර ඇති අතර ඒ සදහා රෝගියා හා පවුලේ අයට විශේෂ පුහුණුවක් ලබාදෙනවා. නමුත් මාගේ අත්දැකීම අනුව රක්තකාන්දුපෙරණය ශ්‍රී ලංකාවේදීනම් නිවසේදී සිදුවන්නේ නැහැ.

nocturnal hemodialysis හි වාසි මොනවාද?

අපි කලින් කිව්වා වාගේම මෙම ක්‍රියාවලිය ඉතාමත් සෙමින් සිදුවන සාපේක්ෂව දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාවලියක්.ඒ නිසා සාපේක්ෂව වැඩි අපද්‍රව්‍ය හා තරල ප්‍රමාණයක් ඔබගේ රුධිරයෙන් ඉවත්කරන්න මෙම ක්‍රමයට පුළුවන්. ඒ නිසා මෙම ක්‍රමය වඩාත් ප්‍රථිඵලදායකයි වගේම ඩයලයිසිස් කිරීමේදී රෝගීන් අත්විදින ගැටළු වන රුධිර පීඩනය පහල යාම කෙන්ඩා පෙරලීම වගේ තත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවයත් අඩුයි.

ඒ වගේම සාපේක්ෂව වැඩි වශයෙන් රුධිරය පිරිසිදුවීම හේතුවෙන් ඇතිවන වෙනත් සෞඛ්‍ය ගැටළු වගේම ආහාර පාලන නීතිත් ටිකක් අඩුයි.

nocturnal hemodialysis අවාසි මොනවාද?

මෙහි ප්‍රධානම අවාසිය වන්නේ ඇතැම් රෝගින්ට තමන්ව ඩයලයිසිස් යන්ත්‍රයට සවිකර ඇති විට නින්ද නොයාමයි. ඒ වගේම ශ්‍රී ලංකාව වගේ රටකදීනම් nocturnal dialysis සිදුකරන රෝහලක් සොයාගැනීමත් අපහසු කාර්යයක් වන්න පුළුවන්.

 

(https://www.kidney.org ඇසුරිණි)

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …