2019 අගෝස්තු 1 වන දින සිට කොළඹ ලිංගාශ්‍රිත රෝග සායනය සහ පුහුණු කරන ලද පුද්ගලික වෛද්‍යවරුන් මඟින් ශ්‍රී ලංකාවේ HIV සහ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ සේවා ලබා ගැනීම සඳහා සේවාලාභීන්ට පහසු වන ලෙස “KNOW4SURE” නම් අන්තර්ජාලය ඔස්සේ අවදානම් තක්සේරු කිරීමේ යාන්ත්‍රණයක් සහ වෛද්‍යවරුන් හමුවීමේ ක්‍රමයක් හඳුන්වා දෙන ලදී.
2025 වන විට ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගය කඩිනමින් අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය කැපවී සිටියි. මෙය අන්තර්ජාලය භාවිතා කරන්නන් වෙත ළඟා වීම, HIV සහ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ පරීක්ෂණ සේවා ලබා දීම සඳහා ඔවුන් සම්බන්ධ කර ගැනීම, තරුණ තරුණියන් අතර HIV පරීක්ෂණ සේවා වැඩිදියුණු කිරීම සඳහා වන එක් ප්රවේශයකි.
KNOW4SURE යාන්ත්‍රණය කලමනාකරණය කරනු ලබන්නේ FHI 360 ආයතනය වන අතර එය ශ්‍රී ලංකා රජය සහ USAID අතර පවතින HIV සහ ඒඩ්ස් තාක්ෂණික හවුල්කාරිත්වයේ ක්‍රියාකාරකමකි. මෙම KNOW4SURE අන්තර්ජාල යාන්ත්‍රණය මඟින් අසන ප්‍රශ්න කිහිපයකට නිර්නාමිකව පිළිතුරු සැපයීම හරහා භාවිතා කරන්නන්ට ඔවුන්ගේ අවදානම් තත්ත්වය තක්සේරු කර ගැනීමට උපකාරී වේ.
කොළඹ ලිංගාශ්‍රිත රෝග සායනය මඟින් නොමිලේ සේවා ලබා ගැනීමට හා අඩු පිරිවැයකින් සේවාවන් ලබා ගැනීමට පෞද්ගලික වෛද්‍යවරු තිදෙනෙකු සඳහා ද වේලාවක් වෙන් කරවා ගැනීමට මෙම යාන්ත්‍රණය හරහා මඟ පෙන්වනු ඇත. මෙම පහසුකම ලිංගාශ්‍රිත රෝග සායනයේ වෛද්‍යවරුන් සහ පුහුණු සමාජ මාධ්‍ය සම්බන්ධීකාරකවරුන් විසින් මෙහෙයවනු ලැබේ.
KNOW4SURE යාන්ත්‍රණය ප්‍රචලිත කිරීම සඳහා www.facebook.com/know4surelk වෙබ් අඩවියෙන් අන්තර්ජාලය හරහා ප්‍රචාරණයන් කිහිපයක් දියත් කර ඇති අතර සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් ද ප්‍රචලිත කිරීම සඳහා නිරත වෙමින් සිටියි. ඉදිරි මාස කිහිපය තුළ මෙම වැඩසටහන කොළඹ දී සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් පසුව, රටේ අනෙකුත් ප්‍රදේශ දක්වා මෙම සේවාව ව්‍යාප්ත කිරීම පිළිබඳව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් සලකා බලනු ඇත. මෙම අන්තර්ජාල යාන්ත්‍රණය දියත් කිරීමේ අවස්ථාවට සිවිල් සමාජ සංවිධාන (CSO), ප්‍රජා කණ්ඩායම් සහ සංවර්ධන හවුල්කරුවන් සහභාගී විය.
(https://www.lankanewsweb.net)