Peritoneal dialysis කියන්නේ මොකක්ද?

  • මෙම ක්‍රමයේ තිබෙන ප්‍රධානතම වාසිය වන්නේ මෙම ක්‍රමය සිදුකිරීම සදහා රොහල් වෙත යාම අනවශ්‍ය වීම. මෙම ක්‍රමය හරහා රුධිරය පිරිසිදු කරගැනීම අපට නිවසේදී පවා සිදුකර ගත හැකියි.
  • heamodialysis ක්‍රමයට සාපේක්ෂව ආහාර පාන සදහා ඇති තහංචිය මේ ක්‍රමයේදී අඩුයි.ඒකට හේතුව තමයි මෙම ක්‍රමයේදී අපි heamodialysis ක්‍රමයට සාපේක්ෂව වැඩි වාරගණනක් රුධිරය පිරිසිදු කිරීමේ කාර්යය සිදුකිරීම

මේ වගේ වාසි කිහිපයක් අපිට Peritoneal dialysis ක්‍රමයෙන් හිමි වනවා.කෙසේ වෙතත් ඔබට ගැලපෙන ඩයලයිසිස් ක්‍රමය තීන්දු කරනු ලබන්නේ ඔබගේ වෛද්‍යවරුන් විසිනුයි. මේ ක්‍රමය සෑම රෝගියෙකුටම ගැලපෙන ක්‍රමයක් නොවන බවත් අපි මතක තබාගත යුතුයි.

Peritoneal dialysis ක්‍රමයේ ඇති අවාසි

  • විෂබීජ ආසාදන ඇතීවීම – මෙම ක්‍රියාවේදී විශේෂයෙන්ම උදරකුහරයේ පෙරටෝනියම තුල ආසාදන ඇති විය හැකියි. එලෙසම ඩයලයිසිස් කිරීම සදහා අවශ්‍ය වන තරලය ශරීරය තුලට ඇතුල් කරන හා ක්‍රියාවලිය අවසානයේ එම තරලය ඉවත් කිරීම සදහා උදර කුහරයට ඇතුල් කල කුඩා බටයක් වැනි ව්‍යුහය ආශ්‍රිත ප්‍රදේශයේද වැඩි වශයෙන් විශබීජ ආසාදන ඇති වන්නට පුළුවන්. (විශේෂයෙන්ම මේ ක්‍රමයෙන් ඔබ රුධිරය පිරිසිදු කරන්නේ නම් මේ ක්‍රියාවලියම ගැන හොද පුහුණුවක් තිබිය යුතුයි ,නැතිනම් විශබීජ ආසාදන ඇතිවීමේ හැකියාව ඉහළයාම සිදුවනවා)
  • ශරීරයේ බර වැඩිවීම –  රුධිරය පිරිසිදුකිරීම සදහා රෝගියාගේ උදර කුහරට තුල යොදන dialysate නම් තරලයේ අධික සීනි (ඩෙක්ස්ට්‍රොස් ) සාන්ද්‍රණයක් පැවතීම හේතුවෙන් දිනපතාම සැලකිය යුතු කැලරි ප්‍රමාණයක් ඔබගේ ශරීරයට එකතුවීම හේතුවෙන් ශරීරයේ බර වැඩිවීමේ වැඩි අවදානමක් තිබෙනවා.
  • හර්නියා (Hernia) තත්ව ඇතිවීම –  වැඩි කාලයක් උදර කුහරය තුල තරල රදවාගැනීම නිසා මාංශපේශීන් ඇදීමකට ලක්වී මෙම තත්වය ඇති විය හැකියි.

එමෙන්ම ඉහත සදහන් කරනු වලට අමතරව පහත කරුණු ගැනත් වැඩි අවදානයක් යොමු කල යුතුයි.

  • හිතුමතේ ඖෂධ භාවිතා කිරීමෙන් වැලකීම –  විශේෂයෙන් වෛද්‍ය නිර්දේශයකින් තොරව කිසිදු ඖෂධයක් ලබානොගත යුතු අතර බ්රූබන්,ඩික්ලොෆෙනැක් වැනි ඖෂධ (nonsteroidal anti-inflammatory drug )ගැනීමෙන් සෑම විටම වැලකිය යුතුයි.
  • පොකුණු,වැව්,පිහිණුම් තටාක වල ස්නානය කිරීමෙන් වැලකීම – මෙවැනි ක්‍රියාවන් හරහා ඉතා ලේසියෙන් ඔබට විෂබීජ ආසාදන ඇති වියහැකියි.

Peritoneal dialysis සදහා සූදානම් වන්නේ කෙසේද?

  • මෙහිදී රෝගියගේ රුධිරය පිරිසිදු කිරීම සදහා යොදාගන්නා dialysate නම් තරලය උදර කුහරය තුලට ඇතුල් කිරීමට හා ඉන් පිටතට ගැනීමට උදර කුහරය තුලට catheter ඇතුල් කරනු ලබන අතර මේ සදහා කුඩු ශල්‍යකර්මයක් සිදුකරනු ලබනවා.
  • එසේ catheter එක ඇතුල් කිරීමෙන් පසු එහි තුවාල තත්වයන් වේලීම සදහා ටික කාලයක් dialysis  ආරම්භ නොකර සිටින අතර වෛද්‍යවරුන් නිර්දේශ කිරීමෙන් පසු එම catheterය හරහා dialysis කිරීම ආරම්භ කල හැකියි. මෙ
  • එමෙන්ම peritoneal dialysis සදහා භවිතා කරන උපකරණ හා ක්‍රියාපිළිවෙල සම්බන්දයෙන් ඔබට පුහුණුවක් ලබාදීමද සිදුවනවා.

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …