තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් බත් පැකට් විකුණන රුසියානු බිරිද

දවස් කිහිපයක්ම අවස්ථා කිහිපයකදීම මම ෆේස් බුක් ඔස්සේ මේ අපේ කථා නායිකාවගේ කථාව දැක්කා. ඉතින් මමත් හිතුවා ඇගේ මේ ධෛර්යයට අපිත් අත්වැලක් වෙන්න ඕනායි කිලය. ඒ නිසාම තවත් කිහිප දෙනෙක් හරි ඇයට සහ ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයාට උදව්වක් වෙයි කියල හිතලයි මම මේ සටහන් ලියන්නේ.
විදේශීය කාන්තාවක් හෝ තරුණියක් අපේ රටේ බත් පැකට් විකුණනවා වගේ දෙයක් කරනවායි කියන්නෙම කාගේත් පුදුමය උපදවන දෙයක්.මේ සිදුවීමත් එහෙමයි.
මේ ඉන්නේ මනීෂගේ ආදරණීය බිරිද. ඇය රුසියානු ජාතික කාන්තාවක්. මේ දෙන්නා ඉන්නේ Malabe SLIIT campus එක ඉස්සරහා. කරන්නේනම් බත් පැකට් විකුණන එක. රුසියන් කෙල්ලෙක් බැදලා මොකටද බැත් පැකට් විකුණන්නේ කියල සමහර විට අපිට හිතෙන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන්නේ වෙනම කථාවක්.
ඇය මේ බත් පැකට් විකුණන්නේ තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ වකුගඩු රෝගී තත්වයට අවශ්‍ය කරන මුදල් හොයාගන්න. වකුගඩු රෝගයේ අත්දැකීම් තියෙන කෙනෙක් විදියට මම හොදටම දන්නවා මේ රෝගී තත්වය පාලනය කරන්නටනම් කොපමණ මුදලක් වැය වෙනවද කියල. ඉතින් ඒ මුදල හොයාගන්න තමයි මේ දෙන්නා සේ විදියට Malabe SLIIT campus එක ඉස්සරහා ඉන්නේ.
ඒ නිසා මින් පස්සේ Malabe SLIIT campus එක කිට්ටුව ඉන්න අය පුළුවන් වෙලාවට මනීෂට උපාකරයක් වශයෙන් හා ඔහුගේ ධෛර්යවන්ත බිරිදට ගරු කිරීමක් වශයෙන් මේ දෙන්නගෙන් බත් එකක් අරගන්න අමතක කරන්න එපා.
මේ තියෙන්නේ මනීශගේ number එක-077 122 1768

About freddy

Check Also

වකුගඩු ජාවාරම් කථා අස්සේ අමතකව ගිය වකුගඩු රෝගින්ගේ ඇත්ත කථාව ..

බොරැල්ල ප්‍රදේශයේ රෝහලක සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් ගැන මේ දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල මෙන්ම විවිධ …